SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බලයට පත් වුනාම තමා කරන්න බලාපොරොත්තු වෙන දේ පිලිබඳව ජනතාව දැනුවත් කිරීම

පාර්ලිමේන්තු අපේක්ෂකයෙකුගේ වගකීම වෙනවා.

 

 

නමුත් යම් අපේක්ෂයකයෙකු ඉදිරිපත් කරනු ලබන දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාතමක කිරීමේ හැකියාව මෙන්ම අදාල අපේක්ෂකයාට ඒ සදහා තිබෙන විභවතාවය මැනගත හැකි එක් ප්‍රධාන නිර්ණායකයක් වන්නේ එම අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ පුරවැසි සවිබල ගැන්වීම වෙනුවෙන් සිදු කර ඇති වැඩ පිළිවෙල අධ්‍යනය කිරීමයි.

 

ඒ අනුව මෙහිදී මා පසු ගිය වසර දෙක තුල පමණක්, දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිදු කරන ලද හා මේ වන විට ද කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් කිහිපයක් පහත පරිදි දක්වන්නම්.

 

  • ශ්‍රී ලංකාවේ පළමු වතාවට එකිනෙකට වෙනස් දේශපාලන මතවාද හොබවන දේශපාලන පක්ෂ 15 ක තරුණ සංවිධාන එකට එකතු කර ගෙන, ශ්‍රී ලංවේ ආර්ථිකය සහ පාලනය ගැන ස්වාධීන පර්යේෂණ සිදු කරන ප්‍රවීණ චින්තන පර්ෂද කොටස්කරුවන් කරගනිමින්, ආර්ථිකකය, පරිපාලනය සහ නීතිය පිළිබදව ප්‍රවීණත්වය සහිත වෘත්තීමය ආයතනයන් සහ පුද්ගලයන් එකතු කරගනිමින් පාලනය සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වන සර්ව පාක්ෂික එකගතාව ( Cross party Framework on Governance and Economic Development) සකස් කිරීමට මුල පිරීම. එහි අරමුණ වූයේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින අපේ රටට අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දූෂණයට එරෙහි නීති ප්‍රතිසංස්කරණ ගවේෂණය කරමින්, කුමන දේශපාලන මතයක් දැරුවද එකී අත්‍යාවශ්‍යය ආර්ථික, පරිපාලන සහ නෛතික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහාය දීමට සියලු දේශපාලන පක්ෂ අතර එකගතාවයක් නිර්මාණය කරගැනීමයි.
  • දිස්ත්‍රික්ක 20 ක දී එම දිස්ත්‍රික්කයන් හි තරුණ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන් රටෙහි නීති පද්ධතිය පිළිබදව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් සම්පත් දායකයන් ලෙස එකතු කරගනිමින් වැඩමුළු මාලාවක් සිදු කිරීම සහ රටෙහි සිදුවන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබදව එම ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සහ ඔවුන්ට සංවාද කිරීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කර දීම.
  • ඔන්ලයින් අකාරයෙන් සහ වෙනත් ස්වභාවයන්ගෙන් සිදුවන මූල්‍යමය වංචාවන්ගෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වන අකාරයේ පුරවැසි මූල්‍යම සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සදහාත් නිවැරදි ලෙස මුදල් උත්පාදනය කිරීම පිළිබදවත් දැනුම අන්තර්ගත වන පොතක් ශ්‍රී ලංකා සර්ට් ආයතනය, මහබැංකුව, මූල්‍යමය ආයතන, මාධ්‍ය ආදී ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන්ගේ සහ තරුණයන්ගේ දායකතවයෙන් සකස් කිරීම සහ වැඩමුළු හරහා මෙම කාලීන මාතාව පිළිබදව සමාජයේ විවිධ ප්‍රජාවන් දැනුවත් කිරීම.
  • අන්තර්ජාතික නීතිය, අන්තර්ජාතික සබදතා, මේ කාල වකවානුවේ අප රට තුල වැඩියෙන්ම කතාවෙන IMF, ලෝක බැංකුව වගේ අන්තර්ජාතික ආයතන, ලෝකයේ විවිධ රටවල් අතර ඇති වන යුද්ධ, ගැටුම් ආදිය පිළිබදව වඩාත් හොද අවබෝධයක් ඕනෑම සමාජ සහ අධ්‍යාපනික පසුබිමකින් එන තරුණයෙකුට ලබා ගත හැකි වන පරිදි අන්තර්ජාතික සබදතා පිළිබද පොතක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද අන්තර්ගත කරමින් සකස් කර එළි දැක්වීම.
  • මෙහි වැදගත්ම දෙය වන්නේ මේ සියලු ක්‍රියාවන් පුරවැසි සහභාගීත්වයෙන් සිදු කිරීමයි. මේ හරහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුනයන් 40 දෙනෙකුට මෙම ග්‍රන්ථයන්හි සමකතුවරුන් සහ දායකයන් ලෙස අයිතිය හිමි වීම ඔවුන්හේ වෘත්තීමය සහ අධ්‍යාපනික ජීවිතයට වැදගත්කමක් එකතු ක්‍රීමට හේතු වෙයි.
  • එමෙන්ම රටෙහි මධ්‍යම පාංතික තරුණයන්ට ඉතාමත් කලාතුරකින් හිමි වන අවස්ථාවක් වන විදේශීය රාජ්‍යය තාන්ත්‍රිකයන් හමු වීමට, ඔවුන් ගේ කාර්‍ය භාර්‍යය අවබෝධ කරගැනීමට මෙන්ම ඔවුන්ව ප්‍රශ්නගත ක්‍රීමටත් අවශ්‍ය කරන වේදිකාවක් Meet the Ambassador යන නමින් සකස් කරමින් විදේශීය රාජ්‍යය තාන්ත්‍රිකයන් 12 දෙනෙකු වැඩසටහන් 12 ක් යටතේ හමුවීමට අපේ රටේ තරුණයන් 1200 කට අධික ප්‍රමාණයකට ඉඩ සැලසීම.
  • කාන්තාවන්ගේ දැනුම, කුසලතාවයන් පාලනයට අදාල කරගැනීමටත්, ඒ පිළිබදව නීති සම්පාදකයන්ගේ අවධානය යොමු කිරීම සදහාත් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන මෙන්ම ආබාධිත ඇතුලු විවිධ ප්‍රජාවන් නියෝජනය කරන කාන්තාවන්ගේ අත්දැකීම් සහ විශේෂ්ඥභාවයන් ඉදිරිපත් කිරීමට I Lead නමින් වැඩසටහන් මාලාවක් නීති සම්පාදකයන් ද ඇතුලු 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වසර තුනක් අඛණ්ඩව සිදු කිරීම.
  • පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට පෙර අයවැය යෝජනාව පිලිබද ප්‍රධාන දේශපාලන පක්ෂයන්ගේ ආර්ථිකය පිළිබද ප්‍රවීණත්වයක් සහිත සහ පක්ෂයන් හි ඒ පිළිබද ක්‍රියා කරන මැති ඇමතිවරුන් එකම වේදිකාවක් තුල පුරවැසියන් සමග සාකච්ඡා කරන වේදිකාවක් අඛණ්ඩව වසර තුනක් ක්‍රියාත්මක කිරීම.

 

සයිබර් ආකාශයේ සිදුවන අපයෝජනයන් සහ අපරාධයන්ට එරෙහිව තරුණයන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ‍රට පුරා ක්‍රියාත්මක කිරීම.

 

milinda 1

 

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන තරුණ තරුණියන්ට සහ තරුණ සමාජ ක්‍රියාකාරීනට තම සමාජයිය අනන්‍යයතාවය ඔප් නංවා ගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික මෙවලම් පිළිබදව facebook සහ google යන ආයතන සම්බන්ධ කර ගනිමින් වැඩසටහන් මාලාවක් සිදු කරමින් තරුණ ක්‍රියාකාරීන් සවිබල ගැන්වීම ආදී පාලනයට පුරවැසි සහභාගීත්වය වැඩි දියුණු කිරීම සදහා සහ තරුණයන් සවිබල ගැන්වීම උදෙසා ක්‍රියාත්මක කරන ලදී.

 

මේ සියලුම ව්‍යාතීන් මා මූලාරම්භ කලේ ආණඩුවක සහයක් හෝ රජයේ සහයක් නොමැතිවයි. හුදෙක් මගේ දැක්ම සහ අරමුනු බෙදා ගන්නා පුද්ගලයින් සහ විවිධ සංවිධානවල සහය ඇතිවයි. නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු, ලැබෙන දේශපාලන පිළිගැනීම සමඟ, අපට මෙම කටයුතු විශාල වශයෙන් පුළුල් කළ හැකියි.

 

තම ප්‍රජාවගේ අභිවෘද්ධිය සදහා දේශපාලන බලාධිකාරියක මැදිහත්වීමකින් තොරව වුවද, පුරවැසියන්ට වගකීම් සහගතව මැදිහත් විය හැකි බවත්, ඒ හරහා තම අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට පාලකයන්ගේ අවධානය යොමු කරගැනීමට පවා හැකියාව ලැබෙන බව පෙන්වා සිටීම ද මෙම ව්‍යාපෘති සිදු කිරීමේ මගේ එක් අරමුනක් විය..

 

marrikkar

නවතම ලිපි