SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණු ආසියානු බෞද්ධ සමුළුව යනු මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ඇති

විශාලතම බෞද්ධ ව්‍යාපාරයයි. සාමාජිකයින් දශ ලක්ශයකටත් වැඩි  සාමාජිකත්වයන් සිටින මෙම සම්මේලණයට  ශ්‍රී ලංකාව ඇතුළු දකුණ ආසියානු රටවල් සාමාජිකත්වය දරනු ලබයි.

 

 

මෙවර මෙම සමුළුව ඉන්දියාවේ ‍‍ඓතිහාසික ශිවානි ගම්මානයේ පවත්වනු ලබන අතර, ගිය වර මහාරාශඨ්‍ර ප්‍රාන්තයේ පැවැත්වු සමුළුවට 14000කට අධික පිරිසක්  සම්බන්ධ වී තිබුණි.

 

මෙහිදී සමුළුවට පෙර පවත්වනු ලබන විධායක සභා රැස්වීමේදී ඉදිරි වර්ශය සඳහාද සම්මේලණයේ සභාපති ධුරයට අතුරලියේ රතන හිමියන්ව ඒකමතික කැමැත්තෙන් පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

 

WhatsApp Image 2024 10 15 at 16.00.44

 

මේ වන විට ඉන්දියාව ඇතුළු දකුණු අසියානු රටවල්වල විශාල බෞද්ධ ප්‍රබෝධයක් හටගෙන ඇති අතර මේ සඳහා අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත් වීම විශාල හේතුවක් ව ඇතැයි පවසන බෞද්ධ සමුළුව එනිසාම මෙවරත්  උන්වන්සේ මෙම තනතුරට පත් කර ගැනීමට තීරණය කල බව එම සම්මේලණය කියා සිටියි.

 

WhatsApp Image 2024 10 15 at 16.00.45

 

මීට වසර දෙකකට ඉහතදී අතුරලියෙ රතන හිමියන් දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තනතුරට පත් වු අතර මෙවර ප්‍රධාන සමුළුව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ 2025 වසරේ මුලදීය.

 

ඒ අනුව අතුරලියේ රතන හිමියන් ඉදිරි වර්ශය සඳහා ආසියානු බෞද්ධ සමුළුවේ සභාපතීත්වය දරමින් ආසියානු බෞද්ධ ප්‍රජාවට නායකත්වය ලබා දෙනු ඇත.

 

WhatsApp Image 2024 10 15 at 16.00.46

WhatsApp Image 2024 10 15 at 16.00.43

 

WhatsApp Image 2024 10 15 at 16.00.451

 

@මාධ්‍ය ඒකකය

තිරසර ලංකා ජාතික සභාව  

marrikkar

නවතම ලිපි