SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය පක්ෂ මූලස්ථානයේ

අද (21) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

 

 

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා ඔහු එහිදී හෙළිදරව් කරමින් සිටියි.

 

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක් එවකට නියෝජ්‍ය පොලිස්පතින් රවී සෙනවිරත්න ට ලිපියක් දැනුම් දී තිබූ බව වාර්තාවල ඇති බවත් හෙතමෙ පැවසුවේය.

 

 

දින 12ක් තිස්සේ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන තිබූ බවද රවී සෙනවිරත්න වහා ක්‍රියාත්මක වූයේ නම්  අදාළ බෝම්බකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බවද ඔහු පැවසීය.

 

මෙම අපරාධය වලක්වා නොගැනීම හේතුවෙන් රවි සෙනෙවිරත්න ට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු බව අදාල වාර්තාවේ  41 වැනි පිටුවේ දැක්වෙන  බවත් හෙතෙම පැවසුවේය.

 

එමෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ද අදාළ රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම මත අපරාධ නඩු පැවරිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

 

රජයේ නිලධාරින් දා හත් දෙනෙකුට අපරාධ නඩු ගොනු කිරීමට මෙම වාර්තාවේ නිර්දේශ කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

 

මේ අතර නාදුනන ලියන්නෙකුගේ සටහනක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් ඇත්තේ මේ ලෙසිනි.

 

හා ඒකට කමක් නෑ.. අපි මාලිමාවට... කියන වහල්ලු දකිත්වා!

වවුනතිව් පොලිස් නිළධාරීන් ඝාතනය පිළිබඳව CID ය හොයන්ඩ පටන්ගත්තේ 2018/11/30 හෝ එයට ආසන්න දිනක සිටය.

මාවනැල්ලේ බුද්ධ ප්‍රථිමා විනාශ කිරීම පිළිබඳව CID හොයන්ඩ පටන්ගත්තේ 2018/12/26 හෝ එයට ආසන්න දිනක සිටය.

වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ පුපුරණ ද්‍රව්‍ය සහරාන්ගෙ බව CID ය දැනගත්තේ 2019/01/16 හෝ එයට ආසන්න දිනකය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධනට ලැබුණ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු පැහැදිලිවම CID ට ලබාදී තිබෙනවා.

එහෙම තියෙද්දිත් සහරාන් පිළිබඳව විමර්ශණ සිදුකල CID ප්‍රධානී SDIG රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂක  SSP ශානි අබේසේකර මොකක්ද කලේ කියල පාස්කු කොමිසම ඔවුන්ගෙන් ප්‍රශ්ණ කලාම ශානි කිව්වේ මොකක්ද දන්නවද?

CID ය තියෙන්නේ වෙච්ච අපරාධ පිළිබඳව සොයන්ඩ මිසක් වෙන්ඩ තියෙන අපරාධ වලක්වාගන්ඩ නෙවෙයි කියල.

වවුනතිව් පොලිස් නිළධාරින් ඝාතනය පිළිබඳව අනාවරණය කරගන්ඩ බැරි උණේ මොකද කියල ඇහුව මුන් හිරිකිතයක් නැතුව කිව්වේ මොකක්ද දන්නවද? යුධ හමුදා බුද්ධි අංශයෙන් අපිව නොමග යැව්වා කියල.

ඒ කියන්නේ CID ය නොමග ගියා කියන එකද? වැඩ බෑ කියන එකද? යුධ හමුදා බුද්ධි අංශය දුන්න තොරතුරේ සත්‍ය අසත්‍ය භාවය හෙව්වේ නෑ කියන එකද?

කොහොම උණත් ඔය කියන චෝදනාවලට මොවුන් දෙන්නව අත් අඩංගුවට ගනියි කියන සැකේට තමයි මේ දෙදෙනා අත් අඩංගුවට ගැනීම වැලැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගෙන මාලිමාට හේත්තු උණේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුවත් මාස 6ක් CID ලොක්කෝ වෙලා හිටපු ඒ දෙන්නා අවසානේ නඩුත් මාලිමාවේ බඩුත් CID යේ කිව්වා වාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදිහට රවී සෙනෙවිරත්න පත්වෙලා, අපරාධ බුද්ධි විශ්ලේෂණ ආයතනයේ අධ්‍යක්ෂක හැටියට ශානි අබේසේකර පත්වෙලා, දැන් හොයනවා... පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමට හේතුව.

සිරිල් ගාමිණී පියතුමත් අද කියනවා එම විමර්ශණ නිදහසේ ඔවුන්ට කරගෙන යන්ඩ ඉඩ දෙන්ඩලු.

තව එකක් ?

අබු හින්ද් කියන කෙනා රවී සෙනෙවිරත්න දන්නවලුනේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන ඔහු දන්නවනම් ඉතින් ඕක හංගගෙන අවුරුදු 05ක් හිටියා හොඳටම ඇති. දැන්වත් ඔය ලබ්බ එලියට දාන්ඩ බැරිද මං අහන්නේ...

කොන්ද පණ තියෙන මාලිමාවේ එකෙක් හරි ලංකාවේ ඉන්නවනම් රවී සෙනෙවිරත්නගෙන් දැන්වත් අහපියව් අබු හින්ද් කියන එකා මොකාද කියල... වැඩේ එතනින්ම ඉවරනේ.

ලියන්නා අසයි.

 

 ලංකා සී නිවුස් සහ සමාජ මාධ්‍ය ඇසුරින් සකස් කලේ

@ඉවෝන් ප්‍රියංකා

marrikkar

නවතම ලිපි