SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යූහකරණ ක්‍රියාවලිය යටතේ දෙස් විදෙස් පෞද්ගලික අංශයේ  ආයෝජනයට විවර කිරීම හෝ

වසා දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගෙන ආ යෝජනාවකි. එහිදී පොදු ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් (ප්‍රවාහනය, සෞඛ්‍ය වැනි) මූල්‍ය අරමුදල කියූවද රාජ්‍ය ප්‍රතිපාදන යටතේ සිදුකළ යුතු වීම අනීවාර්යතාවකි.

 

 

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි ආයතනයක් පාඩු ලබමින් රජයේ මහජන බදු මුදලින් නඩත්තු කිරීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වැනි දේශපාලන භාවිතාවකින් සිදුවීම ඇදහිය නොහැක්කකි.

 

 

බස්රියක, දුම්රියක, ටුක් එකක තමන්ගේ ප්‍රවාහන කටයුතු සිදුකරන මේරටේ සෑම සියලු බද්දකම බර දරාගත් ජනගහනයෙන් අති බහුතරයක් දෙනා මේ ගුවන් සමාගමේ ගුවන් යානයකට පයවත් තබා නැත. සමහරු ගුවන් යානයක් දැකලාද නැත. නමුත් ඒ ජනයාටත් ජනගහනයෙන් එක් සීමිත කොටසකගේ භුක්තියට යටත් වූ ගුවන් සමාගමක් පවත්වාගෙන යාමේ පාඩුවේ බර දරන්නට සිදුව ඇත.

 

 

එවන් සමාගමක් විකුණන්නට යැයි කීම ඉතසිතින් බාරගත යුත්තක් වන අතර මෙවන් ආණ්ඩුවක් ඒ ගැන සතුටු විය යුතුය.

 

එහෙත්  අවාසානාවකට  දැන් මේ ආණ්ඩුව ඒවා නඩත්තු කරන්නේ යැංකි රනිල්ටත් වඩා ඉදිරියෙන් සිට ගනිමිනි.

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමේ සැලසුම් අත්හැර දමා ඇති බව එහි නව සභාපති සරත් ගනේගොඩ පවසන්නේ මහත් අභිමානයකිනි.



එය වඩාත් ලාභදායී අනාගතයක් සඳහා ප්‍රතිව්‍යුහගත කරනු ඇති බවත්  ඔහු පවසන්නේය.



TTG Asia වෙබ් අඩවියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර විය හැකි ආයතනයක් විය යුතු යැයි සරත් ගනේගොඩ ප්‍රකාශ කර ඇති බවයි. ශ්‍රී ලාංකිකයන්ගෙන් අති බහුතරයකට අදාළවත් නොවන සමාගමක් සම්බන්ධයෙන් මොහුගේ කතාවේ හරය කුමක්ද?



ඒ ගැන ඔහු කියන්නේ මෙවැන්නකි.

ට තුළට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 50ක් ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිත කළ යුතුයි. ලබන වසරේ සංචාරකයින් මිලියන 3ක් සහ 2030 වන විට මිලියන පහක් ආණ්ඩුවේ ඉලක්කයයි.

එබැවින් මෙම ගුවන් සේවය සංචාරක ව්‍යාපාරයේ වැදගත් කුළුණක් බව නව සභාපති සරත් ගනේගොඩ උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය අද වාර්තා කර තිබේ.

වසර ගණනාවක් තිස්සේ පාඩු ලබමින් සිටින ගුවන් සමාගම කොටස් වශයෙන් විකිණීමට සහ කළමනාකරණය කිරීමට පසුගිය රජය ලංසු කැඳවා තිබිණ.

 


එහි ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 2කි.

 


පෙර සැලැස්ම යටතේ, රජය විසින් ගුවන් සේවයේ සියයට 51ක පාලනය රඳවා තබා ගෙන ඉතිරි සියයට 49 ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබූ බව අදාළ වෙබ් අඩවියේ සඳහන් වේ.

 

@නෙත් පුවත් ඇසුරින් සමාරා පරණවිතාන

marrikkar

නවතම ලිපි