SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙමාපියන් දිළින්දන් වුව ද දරුවන්ගේ අධ්‍යාපනයට එය බලපෑම් සහගත නොවිය යුතු බව  හරිනි අමරසූරිය 

අගමැතිනිය විසින් පවසා ඇත. "ජනතාවගෙන්" බහුතරයක් එම ප්‍රකාශය අනුමත කරන බවක් සහ පිළිගන්නා බවක් පෙනේ.

 

 

පසුගිය දා ශිෂ්‍යත්ව විභාගය සමබන්ධයෙන් ද ප්‍රශ්නයක් පැනනැගුණි. A, B සහ C ලෙස ලංකාවේ පාසල් වර්ග තුනක් ඇත. ජවිපෙ සහ පෙසප යන පක්ෂ දෙකෙහිම ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ස්ථාවරය වන්නේ රටේ සියලු පාසල් එක සමාන පාසල් බවට පත්කරන තෙක් පහල ලෙස වර්ග කෙරී ඇති පාසල් වල අධ්‍යාපනය ලබන, දිළිඳු, දක්ෂ සිසුන් හට උසස් පාසල් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා එම විභාගය අත්‍යවශ්‍ය බවය.

 

 

ආයතන ගත අධ්‍යාපනය යන්න ආශක්‍යතාවයක්ය යන්න අපගේ ස්ථාවරය වුව ද අප ජීවත් වන යතාර්ථය තුල එය භාරගැනුමට අපට සිදුව ඇත. එම තත්වය තුල සත්‍ය වශයෙන්ම බොහෝ දුරට ප්‍රශ්නය වී ඇත්තේ සමාජ අසමානතාවය මිස පාසල් වල ඇති විශේෂ අසමානතාවයක් නොවේ.

 

 

උසස් ලෙස වර්ගකෙරි ඇති පාසල් වල ද ඊට පහල ලෙස වර්ග වී ඇති (B සහ C) පාසල් වල ද ගුරුවරුන් ලෙස කටයුතු කරනුයේ රටේ පවතින විශ්ව විද්‍යාල සහ විද්‍යා පීඨ තුලින් පිටවන ගුරුවරුන්ම මිස ඊට වඩා සුවිශේෂී හෝ පහල අධ්‍යාපන මට්ටමක් ඇති පිරිසක් නොවේ. උසස් ලෙස වර්ග කෙරී ඇති පාසල් වල විශේෂයෙන් පවතිනුයේ ක්‍රීඩා ඇතුළු වෙනත් භාහිර ක්‍රියාකාරකම්ය.

 

සුවිශේෂී උසස් පාසල් ලෙස අනන්‍යතාවයක් රඳවාගන්නා පාසල් එසේ සුවිශේෂී බවට පත්ව ඇත්තේ ඒවාට ඇතුල් වන සිසුන්ගේ පන්ති ස්වභාවය හේතුවෙනි.

 

 

මේ තත්වය ඓතිහාසිකව ගොඩනැගී ඇත. එනම්, ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ කල කොළඹ රාජකීය, ශාන්ත තෝමස්, බිෂොප්, ගාල්ල රිච්මන්ඩ්, මහනුවර කිංස්වුඩ්, ට්‍රිනිටි වැනි පාසල් රටේ දිස්ත්‍රික්ක ගණනාවක ආරම්භ විය. ඒවාට ඇතුලත් කරගනු ලැබූයේ එකල රටේ ජීවත් වූ ආර්ථිකමය සහ සමාජමය වශයෙන් ඉහල හෝ මධ්‍යම පාන්තික සිසුන් පමණි. ධර්මපාල ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නැගීමත් සමග එම පාසල් වලට විකල්පයක් ලෙස බෞද්ධ පාසල් ආරම්භ විය. ඒවාට ආධාර උපකාර කරනු ලැබූයේ එකල සිටි දේශීය ප්‍රභූන් විසිනි.

 

නගර වල ආරම්භ වූ මෙම පාසල් පද්ධතියට ද ඇතුලත් විය හැකි වූයේ ද මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ දරුවන් හටය (සමහර ඕල්කට් බෞද්ධ පාසල් සඳහා කුල පදනමක් ද පැවති බව සඳහන්ය).

 

එසේම එකල රටේ පැවති ග්‍රාමීය සහ අනෙකුත් පාසල් සමග සැසඳීමේදී අද මෙන් නොව ඉහත සඳහන් කල දෙවර්ගයේම පාසල් වල විශේෂ ගුරුවරුන් සේවය කල අතර ග්‍රාමීය සහ පහල පාසල් වල සේවය කරනු ලැබූයේ එතරම් උගත් කමක් නොමැති සාමාන්‍ය ගුරුවරුන්ය. ඒ අනුව එකල හා අද සැසඳීමේදී ගුරුවරුන්ගේ ගුණාත්මක වෙනසක් එම අතීතයට අදාලව පැහැදිලිව තිබී ඇත. එබැවින් එවැනි විශේෂ පාසල් වෙත ගිය විශේෂයෙන්ම නාගරික මධ්‍යම පාන්තිකයින්ගේ දරුවන් උගතුන් බවට පත්වීමේ ප්‍රවනතාවය ඉතා ඉහල වූ අතර උගතුන් නොවූව ද යම් ව්‍යාපාරයක් හෝ සිදු කිරීම සඳහා දැනුම අත්කරගත් පිරිසක් බවට පත්වීමේ හැකියාව පැවතුනි (කන්නගර විසින් දිස්ත්රික්ක 12ක් ආවරණය වන පරිදි මාධ්‍ය මහා විද්‍යාල 12ක් ආරම්ග කරනු ලබන්නේ ඉහත විස්තර කල තත්වය තුලය. එම මාධ්‍ය මහා විද්‍යාල ආරම්භ කරනුයේ ද පිටිසර ග්‍රාමීය ප්‍රදේශ වලය). එම පාසල් වල ආදී ශිෂ්‍යයින් වන්නේ ඔවුන්ය.

 

 

කෙසේ නමුත් ඉහත විස්තර කල සන්ධර්භය තුල සුවිශේෂී උසස් පාසල් වලට අදාළ මහේශාඛ්‍යභාවය පවත්වාගෙන යාම සිදුවන්නේ ඒවායේ ආදී ශිෂ්‍ය සංගම් වල බලපෑමෙනි. එනම්, එවැනි පාසල් වලට ඇතුලත්වීමේදී පදිංචි ප්‍රදේශය සලකා බැලීම සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය යන සාධක දෙක පැමිණීමට පෙර සාමාන්‍ය හෝ පහල පන්තීන් වල දරුවන් හට ඒවාට ඇතුල් විය නොහැකි විය. පදිංචිය යන්න පාසල් වලට ඇතුලත්වීමේ තීරණාත්මක සාධකයක් වුව ද අද ද එවැනි පාසල් වෙත අදාළ ප්‍රදේශ වල පහල පන්ති වල දරුවන් ඇතුලත් වන්නේ ඉතා අඩුවෙනි. පහ ශිෂ්‍යත්වයෙන් ඇතුල් වන සිසුන් ද හොඳින් ඉගෙන ගෙන සමාජයේ ඉහලට යයි. එවිට ඔවුන් ද ආදී ශිෂ්‍යයින් බවට පත් වේ.

 

 

එබැවින් ආදී ශිෂ්‍ය සංගම් තිබෙන තුරාවට මෙම පාසල් වල සුවිශේෂීභාවය නඩත්තු වීම වැළකිය නොහැක. එනම්, රටේ සියලු පාසල් වල එක සමාන ගොඩනැගිලි ඉදිකොට, ක්‍රීඩා පිටි තනා, අවශ්‍ය අංගෝපාංග ඇතුළු උපකරණ සැපයුව ද ඒවාට ඇතුල් වන සිසුන්ගේ පන්ති පදනම් මත පාසලේ "ගුණාත්මකභාවය" (පවතින අධ්‍යාපනයට අදාලව) තීරණය වේ. ආදි ශිෂ්‍ය සංගම් අහෝසි කල ද සමාජ අසමානතාවය (ආර්ථිකමය සහ දැනුමට අදාලව) පවතින තුරාවට එහි බලපෑමෙන් කිසිඳු දරුවෙකුට මිඳිය නොහැක.

 

@ ස්පාටකස් ලිපි

නවතම ලිපි