SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති  මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ දින 3ක්

ඇතුළත රුපියල් කෝටි 41,000 ඉක්මවූ අති විශාල ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබේ.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවේදනවලට අනුව පසුගිය 11 වෙනි දින භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් කෝටි 16,476ක් ඉක්මවූ මුදලක් ද, 12 වෙනි දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 24,596ක් ඉක්ම වූ මුදලක් ද 13 වෙනි දින තවත් රුපියල් කෝටි 5ක් වශයෙන් අඛණ්ඩව දින තුනක් තුළ මෙලෙස අති දැවැන්ත ණය මුදලක් දේශීය මුල්‍ය වෙළඳපොලෙන් ලබා ගෙන ඇත.

 

 

මෙම ණය සඳහා 10% ඉක්මවූ ගිනි පොලියක් ගෙවීමට සිදු වී ඇත. භාණ්ඩාගාර බිල්පත් සඳහා 10.7%ක් සහ 10.24%ක් වශයෙන් පොලී අනුපාත නියම වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබා ගෙන තිබෙන රුපියල් කෝටි 24,596 සඳහා 13.98%ක දැවැන්ත පොලී අනුපාතයක් ගෙවීමට සිදුවේ. රනිල් වික්‍රමසිංහ මහබැංකුව බාරව සිටි 2015 මුල් කාලයේ මේ ආකාරයෙන් ම භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.35%ක ඉහළ පොලී පොලී අනුපාතයක් ලබා දෙමින් බැඳුම්කර මංකොල්ලයට ඉඩ සලසා දෙනු ලැබීය. එවකට මූල්‍ය වෙළඳපොලේ භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් පොලි අනුපාතය නියම වී තිබු‍ණේ 9.30%කි.

 

එම බැඳුම්කර කොල්ලයෙන් රුපියල් බිලියන 2,000ක පාඩුවක් රටට සිදු කළ බව බන්දුල ගුණවර්ධන හෙළිකර තිබිණි.

 

 

මේ අතර, 2023 වර්ෂය අවසානයේ මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ලබා දී ඇති ගිණුම් වාර්තාවලින් හෙළි වී තිබුණේ රජයේ ණය සඳහා පොලී ගෙවීම 2006ට සාපේක්ෂව 2023 අවසන් වනවිට 1,526%කින් ඉහළ ගොස් තිබූ බවය. 2006 වසරේ පොලී වියදම රුපියල් බිලියන 151ක් වූ අතර 2023 දී එම අගය රුපියල් බිලියන 2,455ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එය එම වසරේ රජයේ සමස්ත ආදායමෙන් 79.73% ක් වී තිබිණි. රජයේ වෙනත් සියලු වියදම් සඳහා ඉතිරිව තිබුණේ ආදායමෙන් 20%ක් පමණි.

 

 

මෑත ඉතිහාසය තුළ මේ සියල්ල සිදුවන්නෙ වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහත්, මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධනත් රාජකාරියේ නිරත තත්වයක් තුළයි.

 

මුදල් අමාත්‍යාංශයේ ලේකම්  නැවත එකී තනතුරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇති අතර, මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමක් සිදු නොකලහොත් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට ගෙන එන පනතක් මගින් පමණි.

 

යළිත් පාර්ලිමේන්තුව රැස් වන්නේ නොවැම්බර් 14 මහා මැතිවරණයෙන් පසු නව ආණ්ඩුවක් යටතේ ය.

 

ආමේන්!

 

පුවත් මූලාශ්‍ර - lankatruth

marrikkar

නවතම ලිපි