SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව මාලිමා රජය පිහිටුවීමත් සමග උගත් නූගත් කතිකාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී,

පත්කෙරෙන පත්වීම් සියල්ල උපාධිධාරීන්ගෙන් සමන්විත කර ඇති පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ඒ අතර වඩා කැපී පෙනෙමින් ඇත.

 

 

හැත්තෑහය අවුරුද්දක් ලංකාවේ පාලනය සිදුකළේත් උපාධිධාරියෝය, පශ්චාත් උපාධිධාරියෝය, ආචාර්ය උපාධිධාරියෝය. නීතීඥයෝය, වෛද්‍යවරුය, ගුරුවරුය, ආර්ථික විද්‍යාඥයින්ය. එකී මෙකී නොකී උගතුන්ය. උගත් පාන්තිකයන් ය. අසීමාන්තික අපේක්ෂාවන්ගෙන් සැදුම් ලත් ඒ නිසාම අසීමිත පාරිභෝජනවාදයක් සමාජය මත මුදාහළ කොටසකි.

 

 

මේ උගත් - නූගත් ප්‍රශ්නය පිළිබඳව ස්පාර්ටකස් සාමූහිකය විසින් සංරචිත ලිපියකි.

 

 

ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දී ඇත්තේ උගතුන් විසින් බවත්, එසේ නොමැති ප්‍රදේශ වල සිටිනුයේ නූගතුන් බවත්, එබැවින් එම ප්‍රදේශ වලට අධ්‍යාපනයේ ආලෝකය රැගෙන යා යුතු බවත් පවසන කතා සංසරණය වෙමින් තිබේ.

 

උගතුන් යනු ආර්ථිකවාදය, පරිනාමවාදය, විද්‍යාවාදය, වැනි "ධනවාදී කතිකාව" තුල ඇති දෘෂ්ටිවාදයේ දහරාවන් හොඳින්ම වැළඳගත් පිරිසයි. ඔවුන් අනුරට ඡන්දය ලබා දෙන්නේ රට සිංගප්පූරුවක් කර ගැනීම සඳහාය. එය හොඳින්ම පෙන්නුම්කරන ලද්දේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි නූගතුන් සිටි ප්‍රදේශ වල සජිත් ජයගත් අතර උගත් මධ්‍යම පාන්තික ප්‍රදේශ අනුර ජයගන්නා ලදී. අනුර ජයගත් ප්‍රදේශ සියල්ලෙහිම පාහේ රනිල් දෙවැනි ස්ථානය දිනාගන්නා ලදී (මේ පිළිබඳව මීට පෙර ලියා ඇත).

 

 

අධ්‍යාපනය බැඳී පවතිනුයේ ලෝකය පිළිබඳව හැදෑරීම (විවිධ විෂයන්), එනම් සංකේත රටාව ප්‍රගුණ කිරීම සහ දයලෙක්තිකව එය කෙරෙහි බලපෑම් කිරීම සමගය. අධ්‍යාපනය විසින් දැනුම වෙතට කෙනෙකුගේ ප්‍රවේශය සඳහා බලපෑම් කරයි. මෙහි දිගින් දිගටම ගමන් කරන්නන් අදාළ ආයතන ඔස්සේ (පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු ඊට අදාළ ආයතන) ගමන් කරමින් දැනුම වෙතට ඇති ප්‍රවේශයේ දූරවලින් තුල ස්ථානගත වේ. මෙම ප්‍රවේශය සංකේත රටාව තුල සංචාලනය කිරීමට සහ සංකේත රටාවට අභියෝග කිරීමට කෙනෙකුගේ හැකියාව හැඩගස්වයි. එය ඔහුගේ ප්‍රමෝදයයි.

 

 

උගතුන් මෙම ව්‍යුහයන්ට වඩාත් අනුගත වන අතර, ඔවුන් හට සමාජ බලය සහ සම්පත් වෙත වැඩි ප්‍රවේශයක් (දූරාවලියක් තුල) ලබා දේ. එනම්, දූරාවලි සහගත ලෙස සංකේත රටාවට සුවිශේෂී වශයෙන් බලපෑම් කිරීමේ හැකියාව ඇත්තේ ද උගතුන් හටය.

 

 

උගතුන් හට තම ආශාවන් සංකේත රටාව තුළ වඩාත් ඵලදායී ලෙස ප්‍රකාශ කළ හැකි අතර, නූගත් අයට මෙම ප්‍රකාශනයන් සමඟ අරගල කළ හැකි හෝ ඒවා භාරගත හැකිය. නූගතුන්ගේගේ ආත්මීයත්වයට සහ සමාජ සංචලනයට උගතුන්ට බලපෑම් කළ හැකිය.

 

 

පුද්ගලයන් සමාජ ව්‍යුහයන් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය සහ ඔවුන්ගේ ආශාවන් ප්‍රකාශ කරන ආකාරය හැඩගැස්වීමේදී අධ්‍යාපනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. උගත් සහ නූගත් අතර භේදය සංකේතාත්මක ප්‍රාග්ධනයට (දැනුම, භාෂා ප්‍රවීණතාවය) ඇති ප්‍රවේශය තුළ මුල් බැසගත් පුළුල් සමාජ අසමානතා පිළිබිඹු කරයි. එනම් සජිත් ජයගත් ප්‍රදේශ වල ජනයාට උගත් ප්‍රදේශ වල සිටින ජනයාට අදාළ බලාපොරොත්තු නොමැත. ඔවුනට ඇත්තේ ඔවුනගේ ආසන්න අවශ්‍යතා පිළිබඳව ප්‍රශ්නයකි (ආහාර-පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, වන අලි ප්‍රහාර, වගා බිම් පිළිබඳව ප්‍රශ්න, දරුවන්ගේ කටයුතු වැනි). නමුත් උගතුන්ට ඇත්තේ දැනුමට අදාලව, දැනුමේ බලපෑම තුල, අසීමාන්තික අපේක්ෂාවන් වේ. එහි උපරිමය ඉලෝන් මස්ක්ගේ ව්‍යපෘති දක්වා විහිදේ.

 

 

රාජ්‍ය සේවක ඡන්ද පිළිබඳව විමසා බැලීමේදී ද පෙනී යන්නේ ඉහත සඳහන් කල බෙදීමම තහවුරු වන බවය. එනම්, සජිත් වෙත ලැබී ඇත්තේ රජයේ කාර්යාලවල, පාසල්වල, රෝහල් වල පහල සේවකයින් ලෙස හැඳින්වෙන පිරිසගේ ඡන්ද බවය (ඒ බෙදීම පැහැදිලි ලෙසම අදාළ පරිශ්‍රයන් තුල දක්නට ලැබුණි). අධ්‍යාපන මට්ටමෙන් ඉහල බොහෝ රාජ්‍ය සේවකයින් (65%ක්) පමණ ඡන්දය ලබා දී තිබුනේ අනුරටය.

 

 

එබැවින් එම නූගත් ප්‍රදේශ වලට අධ්‍යාපනයේ ආලෝකය රැගෙන යා යුතු බව පවසන අයට අවශ්‍යව ඇත්තේ එම ප්‍රදේශ වල සිටින ජනයා ද අසීමිත භාණ්ඩ සහ සේවා පාරිභෝජනයක් සහතික කිරීම ඉල්ලා සිටින පිරිසක් බවට පත්කිරීම වන අතරම ඉලෝන් මස්ක්ගේ ව්‍යපෘති කෙරෙහි අපේක්ෂා සහගත වන පිරිසක් බවට පත් කිරීමයි.

 

@ස්පාර්ටකස් ලිපි

marrikkar

නවතම ලිපි