SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය ජනාධිපතිවරණයෙන් සජබ අපේක්ෂකයාට ජයගත නොහැකිවිය.

පැහැදිලි ජයග්‍රහණයක් පෙනෙමින් තිබියදී එසේ වූයේ කෙසේදැයි සෙවීම වෙනමම කළයුතු කාර්‍යයකි.

 

 

මෙතැනදී සළකා බැලෙන්නේ 42% ක් පමණක් ලබාගත් ජයග්‍රාහී පාර්ශ්වය " තමන්ට එරෙහි සියළු බලමුළු තනි මිටකට එක්වී තමන්ව පරාජයට පත්කරාවියැයි බියවී සිටින පසුබිමක සජබ සහ එහි නායකත්වය එජාපය සමග මැතිවරණ සන්ධානයකට යා යුතුද යන්නය.

 

 

2019 ජනාධිපතිවරණ පරාජයේදී සජිත් පාර්ශ්වයේ ලොකුම චෝදනාව වූයේ " රනිල් සජිත්ගේ කකුලෙන් ඇද්දා" කියන එකය. රනිල්  ගේ උත්තරය වුනේ  "මට භාරවුනේ උතුරු නැගෙනහිර. මං ඒක දිනවලා දුන්නා." කියන එකය.

 

 

මෙවර රනිල් විසින් සජිත්ගේ කකුලෙන් අදිනු ලැබුවේ එළිපිටමය. සජිත්ගේ මෙවර පරාජයේ විශාලම සාධකය එනම් සජිත්ගේ දරුණුම බාධකය වූයේ රනිල්‍ ය. රනිල්ගේ ඡන්ද ප්‍රතිශතය 17% කි. සජිත්ගේ 33%කි. එකතුව 50% කි.

 

අහිමි වූ මේ 17% ලබාගැනීම සඳහා සජබය එජාපය සමග එක්විය යුතුද?

 

කොහෙත්ම නැත. රනිල්ගේ 17% හැදෙන්නේ කෙසේදැයි කියා මුලින්ම සොයාබැලිය යුතුය.

 

මීට පෙර පැවති මහා මැතිවරණ ප්‍රතිඵලය කුමක්ද.? එජාපයට එකදු හෝ පාර්ලිමේන්තු ආසනයක් නැතිවීමයි. (සමස්ත ඡන්දවල එකතුවට පින්සිදුවන්නට ජාතික ලැයිස්තු ආසනයක් පමණක් හිමිවූ රනිල් අවසානයේ රාජපක්ෂවරුන්ගේ සහාය ලැබ ජනාධිපති පුටුවේ අසුන්ගත් බවද අමතක නොකළ යුතුය.)

 

එවිට මෙවර ජනාධිපතිවරණයේදී රනිල්ට වැටුනේ පොහොට්ටුවේ ඡන්දවලින් යම් ප්‍රතිශතයක් බව පැහැදිලිය. මීලඟට රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එකඟවූ යම් උගතුන් පිරිසක්ද , රට වැටේවියැයි බියවූ තවත් පිරිසක්ද , අනුර කුමාර තරමටම සජිත්ව පේන්නබැරි තවත් පිරිසක්ද ඉහත 17% ට සම්මාදම් වී ඇතිබව පැහැදිලිය. හැබැයි මෙතැන එජාප ඡන්ද තිබෙනවායැයි සිතිය නොහැක. එසේ වූවානම් තවමත් ජනාධිපති වියයුත්තේ රනිල්‍ ය.

 

මෙවැනි තත්ත්වයක්තුල ඡන්ද ලක්ෂ 45ක් අතැති සජබ ය එජාපය සමග එක්වීමෙන් ලබන අමතර වාසියක් නැත.

 

 

ඇත්‍ත කාරණය වන්නේ සජබ සමග එක්වීමට එජාප පිරිසට අවශ්‍යවීමයි. ඔවුන්ට අලියා ලකුණ යටතේ කිසිදා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිය. දැන් මේ පිරිස සජබයෙන් ඉල්ලා සිටින්නේ වෙන කිසිවක් නොව නොමිනේශන්‍ ය. ජනතාව දැනටමත් ප්‍රතික්ෂේපකොට ඇති මේ පිරිස සම්බන්ධ කරගැනීම සජබයේ දේශපාලන අවසානය ලකුණුකර ගැනීමකි.

 

 

දැන් සජබයේ කාර්‍යය විය යුත්තේ රනිලුන් විසින් කොල්ල කා ගත් අර 17% ටෙලිෆෝනය වෙත ආකර්ෂණය කරගැනීමට අළුත් ක්‍රමෝපායයක් ක්‍රියාවට නැංවීමයි.

 

මීලඟට මෙවර ඡන්දය භාවිත නොකල 25% ක් පමණ වූ ( බහුතර පොහොට්ටු හිතවතුන්) නැවත ඡන්දපොලට ගෙන්වා ටෙලිෆෝනයට කතිරය ගැසීමට පොළඹවාලීමයි.  වියයුතු පරිදිම මෙවර යෙදෙන මහාමැතිවරණයේදී මාලිමා නායකයින්ගේද ප්‍රධාන අරමුණ වන්නේ එයයි. ( විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම/ හොරු ඇල්ලීම ( ෆයිල් පෙන්නීම වැනි ඡන්ද ගුණ්ඩු වලින් මේ 25% එළියට ගැනීමට නොහැකි බවද මතක් කල යුතුයි.)

 

තවදුරටත් කිවයුත්තේ කාට නාමයෝජනා ලබාදුන්නද රාජපක්ෂවරුන් ඇතුළුව මහජනතාවගේ පිළිකුලට භාජනයවී සිටින කිසිවෙකු සජබය නමින් මහ ඡන්දයට ඉදිරිපත් නොකර සිටීමය. මේ ගොඩට පොහොට්ටු මෙන්ම හිටපු එජාප මැති ඇමතිවරුන්ගේ නම්ද අයත් ය. අවශ්‍යනම් මේ පිරිසට නාමල්ලී යටතේ වෙනම එකක් හදාගෙන ජේවීපියට බැටදී සතුටු විය හැකිය.

 

අවසාන වශයෙන් කිව යුත්තේ සජබය දැන් කළයුත්තේ තවත් පක්ෂ හෝ කණ්ඩායම් සමග සන්ධානවලට යාම නොව ජනාධිපතිවරණයේදී සහභාගී වූ පිරිස සමගම එක්ව තමන්ට ලැබුනු මහජන ඡන්දය ස්ථාවර කරගැනීමත් නොලැබුනු ඡන්ද ලබාගැනීමට කටයුතු කිරීමත් ය.

 

@කරුණාදාස සිරිමාන්න

නවතම ලිපි