SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අද(23) සිරස රූපවාහිනී චැනලයේ "දවස" වැඩසටහනට සහභාගී වූ 'ජාතික ජන බලවේගයේ' ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියේ

සජිත් සහ නාමල් ඉතා සුහදශීලී වූ බව ද රාජ්‍ය පාලනය සඳහා සජිත් සහ නාමල් (රාජපක්ෂලා) වැනි අයගේ ද උදව් බලාපොරොත්තු වන බවය.

 

 

එසේම ඔහු පවසා සිටියේ රනිල් වික්‍රමසිංහට අදාළ අවස්ථාවට පැමිණිය නොහැකි වූයේ වෙනත් රාජකාරි පැවති නිසා බවය (නැතිනම් ඔහුගේ ද සුහදභාවය එම ස්ථානයේදී ප්‍රකාශ වන බව).

 

 

ඉන් අදහස් වන්නේ රනිල්ගේ සහයෝගය ද බලාපොරොත්තු වන බවය.

 

 

එක් අතකින් මෙය 'ජාතික ජන බලවේගයේ' දුර්වලතාවය පිළිගැනීමක් ලෙස ද අනෙක් පසින් හොරුන්, දූෂිතයින්, මිනී මරුවන්, පාතාල ප්‍රවර්ධකයින් ලෙස වර්ගීකරණය කල අයගේ සහයෝගය ඇයැද සිටීමක් සහ ලාංකීය ප්‍රභූ තන්ත්‍රයට ඇති බිය නඩත්තු කිරීමක් ලෙස ද සැලකිය හැකිය.

 

 

නිහාල් අබේසිංහ විසින් "ජනාධිපති තුමා" සහ අනුර "සහෝදරයා" යන යෙදුම් දෙකම භාවිතා කරන ලදී. "තුමා" නොමැතිව "ජනාධිපති" ලෙස ඇමතීමට ඔහුට නොහැකි වීමත්, ඉහත සඳහන් කල ප්‍රභූන් සම්බන්ධයෙන් ඉතාම නෝන්ජල්, ගැති සහ ව්‍යාකූල අදහසක් ඉදිරිපත් කිරීමත් තුල පෙනී යන්නේ අවිඥානිකව ප්‍රභූත්වයට ඇති ඔහුගේ කැමැත්තයි. එනම් නිහාල් අබේසිංහ යනු ටයි කෝට් පැළඳගත් අධ්‍යතන ආධිපත්‍යයේ ක්ෂේත්‍රය වන "දැනුම" ට අදාළ නූතන ප්‍රභූවරයා ලෙස ඔහුම පිළිගැනීමකි. පැහැදිලිවම ආධිපත්‍යට අදාළ පැරණි ක්ෂේත්‍රය විස්තාපනය වී නව ක්ෂේත්‍රයක් සංස්ථාපනය වීමකි .

 

(කියවන්න - මීට වසර දෙකහමාරකට පෙර ලියූ "ලංකාව තුල ස්ථාපිත වන ප්‍රභූ දේශපාලනයේ නව ස්වරූපය" ලිපියේ සබැඳිය:  

https://slleader.lk/social/6885-2022-02-14-20-31-05 )

 

නමුත් අනුප්‍රාප්තික ප්‍රභූ ස්වභාවය ලෙස තමන්ව පිළිගන්නා නිහාල් හට ඔහුගේ පූර්වජ ප්‍රභූන් කෙරෙහි ද ගැති භාවයක් ඇත.

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි