SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2004 එක්සත් ලංකා නිදහස් සංවිධානය බලයට පත්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එකී සන්දානයේ පංගු කාරයෙක්ව සිටියේය.

එම අවස්ථාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුවට හිමිව තිබුණේ ආසන 109ක් වැනි ප්‍රමාණයකි.

 

 

ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේදී සන්දානයේ හවුල්කාරයින් වූ ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා වෙත යෝජනාවක් ගෙන ආවේය.

 

ඒ, එවකට පිළිගත් දේශපාලකයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ද වූ ලක්ෂ්මන් කදිරගාමන් අගමැතිවරයා ලෙස පත්කරන ලෙසයි. එමගින් විශාල දේශපාලන චින්තනයක් ලංකා ඉතිහාසයේ උදාකරවන්නට එය මහගු අවස්ථාවක් ව තිබුණේය.

 

මෙහිදී හිටපු අමාත්‍යවරයෙකු වූ වාමාංශික දේශපාලනයකින් පැවත ආ රාජිත සේනාරත්න ජවිපෙ ගෙන ආ එම යෝජනාවට තදින්ම විරුද්ධ වූයේය.

 

 

ඒ මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය නොදී කදිරගාමන්ට දීම නොකළ යුතු බව පවසමිනි. මහින්ද රාජපක්ෂගේ උසි ගැන්වීම මත රාජිත එදා විශාල විරෝධතාවක් දක්වමින් ගෙන ආ තර්කය වූයේ එසේ කළහොත් ආසන 109ක් වැනි ප්‍රමාණයකින් යුත් පාර්ලිමේන්තුවේ කොටසක් ඉන් ගැලවී යා හැකි බවත් රනිල් වික්‍රමසිංහ එමගින් ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවටත් තර්ක කරමිනි.

 

 

එහෙත් ඒ වනවිටත් දෙමළ සන්දානය ආණ්ඩුවට එමගින් එකතු කර ගත හැකි අවස්ථාවක්ද උදා වී තිබුණි. ඒ අනුව එම විරෝධතාවෙන් පසු මහින්ද රාජපක්ෂ පැමිණ ඔහුට අගමැති ධූරය අවශ්‍ය බව කියා සිටියේය.

 

 

වඩා වැදගත් වන්නේ මෙකී යෝජනාව ක්‍රියාත්මක කරන්නට තරම් හැකියාවක් චන්ද්‍රිකා කුමාරතුංගට නොහැකි වීම හෝ අවශ්‍යතාවක්, කැමැත්තක් නොතිබීමයි.

 

 

ඒ වනවිට එම යෝජනාව පිළිබඳ  ජනතා විමුක්ති පෙරමුණේ කැමැත්ත කොතෙක්ද යත් එවකට ජවිපෙ ප්‍රචාරක අංශය බාරව සිටි විමල් වීරවංශ තම සගයන් අමතා කියා තිබුණේ ලංකාවේ පළමු සුළු ජාතික අගමැති ලක්ෂ්මන් කදිරගාමන් කියා පෝස්ටරයක්ද නිර්මාණය කරන ලෙසය.

 

 

අද 2024. එදා හෝ කිසිදා නොහිතූ විරූ ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ අපේක්ෂයෙකු ලංකාවේ විධායක ජනාධිපතිවරයා බවට පත්වීමේ විශ්මයජනක අවස්ථාව උදා වී ඇති මොහොතකි. එහෙත් විශේෂයෙන්ම සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය තුළ අනුර කුමාර සිටින්නේ තුන්වැනි ස්ථානයේය.

 

 

අද සැප්තැම්බර් මස 23වැනිදා ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිව්රුම් දුන්නේය.

 

එළැඹෙන සතිය වනවිට පාර්ලිමේන්තුව විසුරුවනු ඇති අතර දින 50ක කාලයකට තාවකාලික ආණ්ඩුවක් පත්කරගනු ඇත.

 

මේ වනවිට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තම ධූරයෙන් ඉල්ලා අස්වී නව පාලනයට ඉඩකඩ විවර කර දී ඇත.

 

 

මේ වනවිට මාධ්‍ය තුළ සැරිසරන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාව තාවකාලිකව පිහිටුවන ජනාධිපති අනුරගේ රජයේ අගමැති ලෙස පත්කරන බවකි.

 

 

එදා ජවිපෙ යෝජනාව චන්ද්‍රිකාට, රනිල්ට කිසිදා හිත හදාගනිමින් කරන්නට තරම් හැකියාවක් නැති වුවද අද ජවිපෙ නායකයා විධායක ජනාධිපතිවරයා වූ විට ක්‍රියාත්මක කළ හැකිද?

 

එය අතිශය අභියෝගාත්මක කාර්යයක් වුවද අනුර දිසානායක ප්‍රාර්ථනා කරන දේශපාලන සංස්කෘතියේ වෙනස්කම ආරම්භ කිරීමට මහඟු අවස්ථාවක් වන බව නොකියාම බැරිය.

 

අපගේ සුභ පැතුම්!

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි