SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර 2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50% පරම බහුතරය ලබාගැනීමට නොහැකිව

මේ වනවිට දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණ.

 

 

මෙහිදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට  රට පුරා විශාල රැල්ලක් ඇතිබවට පෙනී ගියද ඔහුට 42% සුළුතර ප්‍රතිශතයක් පමණක් ලබාගැනීමට හැකිව තිබෙන බව සමගි ජන සන්දානය පවසයි. එමෙන්ම සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස ට 32% ප්‍රතිශතයක් ලැබී තිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර නැවත තරඟය පවත්වනු ලබන බවද ඔවුන් ප්‍රකාශ කරයි.

 

 

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලවශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කිරීමට පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇති බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසම වෙත සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාඨලී චම්පික රණවක ප්‍රමුඛ පිරිසක් විසින් සිදුකර ඇත.

 

 

ඒ පිළිබඳව සොයා බැලූ මැතිවරණ කොමිෂන් සභාව එම ගණන් කිරීම් අවලංගු කොට නැවත මුල සිට දෙවන මනාපය ගණනය කිරීමට නියෝග නිකුත් කොට තිබේ.

 

 

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පවසා සිටියේ මාලිමාවට කෝටියක් නොමැති බවත්, 84 ලක්ෂයක් විරුද්ධ බවත්ය.

 

 

එමෙන්ම ඔහු පවසා සිටියේ වැඩි මනාප කවුරුන් ලබා ගත්තද ඔහුට සුබ පතන බවත් ගණන් කිරීමේ නිලධාරීන් විසින් සිදුකර ඇති මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාව නිසා තම අපේක්ෂකයාට යම් අසාධාරණයක් සිදුවේය යන සැකය නිසාවෙන් මෙම පැමිණිල්ල මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූ බවත්ය.

 

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි