SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර පහක කාලයක් රට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන්  

ශ්‍රී ලාංකිකයන් අද ඡන්ද පොළට යනු ඇත.

 

 

2022 න් පසු රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු පවත්වනු ලබන පළමු මැතිවරණය මෙය වන බැවින් මෙවර ජනාධිපතිවරණය වැදගත් වේ.

 

 

මැතිවරණය ජූලි 26 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා අවසන් විය. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයන් 39 දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාර දුන් නමුත් ඉන් එක් අයෙක් ප්‍රචාරක කාලය තුළ මිය ගියේය.

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම මෙවරත් අපේක්ෂකයන් අතර වෙති.

 

මීට අමතරව මැතිවරණ ප්‍රචාරණ කාලය තුළ වැඩිම අවදානයක් දිනාගත් අපේක්ෂකයා වූ ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක සහ ප්‍රමාද වී තරඟ බිමට පැමිණ තම අනන්‍යතාව සටහන් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද අද පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂා කරන ප්‍රධාන තරඟකරුවන් අතර වේ.

 

 

මේ අතර අලුතින්ම දේශපාලන පොර පිටියට පිවිසි සර්ව ජන බලය සන්දානයේ ජනාධිපති අපේක්ෂක කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ වදින ව්‍යවසායක දිලිත් ජයවීර ද ආරම්භයේ සිටම ජාතිකවාදීන්ගේ නියෝජනයක් ලෙස විවාදයට පාත්‍ර විය.

 

 

මෙවර මැතිවරණයේදී ශ්‍රී ලාංකිකයන් 17,140,350ක් සිය ඡන්ද බලය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

 

2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,148,184 කින් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති දත්තවලට අනුව අනාවරණය වී තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඡන්දදායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිටින අතර, වැඩිම ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 ගම්පහ දිස්ත්‍රික්කයේ වේ.

 

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 3,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදු කෙරේ. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274කට මාරු කෙරේ. ඊට අමතරව තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 439ක් ද ස්ථාපිත කෙරේ. තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4.30ට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඡන්ද ගණන් කිරීම අතින් සිදු කෙරේ. සෙසු ඡන්ද ගණන් කිරීම පස්වරු 7 ට ආරම්භ කෙරෙනු ඇති අතර මූලික අවසන් මැතිවරණ ප්‍රතිඵල රජයේ මාධ්‍ය ඒකකය මගින් ප්‍රකාශයට පත් කෙරේ.

 

 

පළමු නිල ප්‍රතිඵලය රාත්‍රී 11 පමණ වන විට දැනගත හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එවැනි අවස්ථාවක දෙවන මනාප ඡන්ද විමසීම අවසන් කිරීම සඳහා කාල රාමුවක් ලබාදිය නොහැකි බව කොමසාරිස්වරයා පැවසීය.

 

 

මෙම වාර්තාව මුද්‍රණය කරන විට බොහෝ ප්‍රදේශවල ඡන්ද පෙට්ටි මාරු කිරීම අවසන් විය. බලපිටිය මඩුව ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි බෝට්ටු මගින් ප්‍රවාහනය කෙරිණි. එම පෙට්ටි ඩෙල්ෆ්ට්, කයිට්ස් වැනි දූපත්වලට බෝට්ටුවලින් ප්‍රවාහනය කළ නිසා යාපනයේ තත්ත්වයද එයම වූ බව තේරීම් භාර නිලධාරී එස්.ඩී.කලේන්ද්‍රන් පවසයි.

 

මෙවර ජනාධිපතිවරණය යුරෝපා සංගමයේ කණ්ඩායමක්, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ග (පැෆ්රල්), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (කැෆේ) සහ මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) සහ තවත් සමහර ජාත්‍යන්තර ඡන්ද නිරීක්ෂක කණ්ඩායම් විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

 

 

මේ අතර, ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට ප්‍රචාරක කටයුතුවලින් වළකින ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත. ඇතැම් අපේක්ෂකයින්ට ඡන්දය නොදෙන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටීම, පත්‍රිකා බෙදා හැරීම, අපේක්ෂකයින් සඳහා වෙන් කර ඇති ඡායාරූප හෝ සංකේත ප්‍රදර්ශනය කිරීම, මෙම ක්‍රියාකාරකම්වලින් එකක් හෝ සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.

 

 

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවා ඇත. ආරක්ෂිත සහ විධිමත් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 63,000ක් පමණ යොදවා ඇතැයි ලැවසේ. සෑම ඡන්ද දායකයෙකුටම ඡන්ද පත්‍රිකාවක් හෝ ඡන්ද හිමි ලියාපදිංචිය පිළිබඳ සාක්ෂි සහ ජාතික හැඳුනුම්පත හෝ වෙනත් ඕනෑම හැඳුනුම්පතක් තිබිය යුතුය.

 

ආරක්ෂිත ඡන්ද පරිසරයක් සහතික කිරීම සඳහා මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000 කට අධික පිරිසක්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 2,500 ක් සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 12,000 ක් යොදවා  ඇත.

 

මෙම නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්‍ෂාව අධීක්‍ෂණය කිරීමටත්, ජංගම මුර සංචාර 3,000 කට අධික සංඛ්‍යාවක් සිදු කිරීමටත්, ඒ සඳහා විශේෂයෙන් නිලධාරීන් 12,400 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවත් පොලිසිය පවසයි.

 

මැතිවරණ දිනය තුළ  STF නිලධාරීන් රාජකාරියේ යොදවා මාර්ග බාධක ස්ථාපිත කරනු ලබන අතර අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමට කැරලි මර්දන කණ්ඩායම් සූදානම් ව තබා ඇත. මීට අමතරව විදුලි බලාගාර ඇතුළු පොදු ස්ථානවල ආරක්‍ෂාව සඳහා දැනට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් යළි මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කෙරෙන අතර ආරක්‍ෂාව සඳහා එම ස්ථානවලට හමුදා නිලධාරීන් යොදවා තිබේ. මේ සඳහා නිලධාරීන් 3000කට අධික පිරිසක් යොදවා ඇත.

 

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කෙරෙන අතර වාහන 4600ක් යොදා ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ජංගම මුර සංචාර ක්‍රියාත්මක කෙරේ.

 

අද දිනය තුළ  ඡන්ද මධ්‍යස්ථාන අවට කණ්ඩායම් වශයෙන් රැස්වීමට ඉඩ නොතබන බවත්, එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පවසයි.

 

මත්පැන් පානය කර හෝ තියුණු ආයුධ ඇතුළු ආයුධ රැගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබේ.

 

 

නවතම ලිපි