SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් සියලුම අපේක්ෂකයින්ගේ ප්‍රචාරක රැස්වීම් අවසන් වූ අතර

අද දහවල් 12 වනවිට සියලුම මාධ්‍ය විසින් ඒවා ප්‍රචාරය කර අවසන් කළ යුතුව ඇත.

 

මෙවර මැතිවරණයේ තරඟකාරී අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවස්න රැළි ඇමතීම් කිහිපයකි මේ...

 

ජයග්‍රහණය සාමකාමීව සමරන්න! සජිත් ප්‍රේමදාස (දුරකථනය)

 

තමා බලයට පැමිණි පසු මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාපවසයි. 

ඔහු මේ අදහස් පළ කළේ මොනරාගල ඊයේ (18) පැවති ජන රැලියකදීය.

 

"මම සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා අපේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න. හිංසා කරන්න යන්න එපා, ප්‍රචණ්ඩත්වය එපා.. ඒවා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති නෙමෙයි. ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳලා.. ඊළඟ මොහොතේ සිට රට ගොඩනගන වැඩපිළිවෙළට සූදානම් වෙන්න."

"බලයට ඇවිත් ජනතාවගේ ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂා කරනවා. කුඩු, මත්ද්‍රව්‍ය, පාතාලය මාස 06කින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා."

 

 

ආරම්භයේදීම වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ - අනුර දිසානායක (මාලිමාව)

 

තම පාලනයක් තුළ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්‍රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක  පවසයි.

කළුතර පැවැති ජනරැලියකට ඊයේ  (18) පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

"ආරම්භයේදීම අපි වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ. නව දේශපාලනයක් ලංකාවේ නිර්මාණය කරනවා. රට තුළ ජාතිවාදයට... ආගම්වාදයට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. ආගම්වාදී ගැටුම් මීට පස්සේ ලංකාවේ තියෙන්න බැහැ."

 

හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා - නාමල් රාජපක්ෂ (පොහොට්ටුව)

 

රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් කර නොමැති බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ  පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.

 

"යහපාලන ආණ්ඩුව සිතුවා මත්තල හැදුවේ වී ගබඩා කරන්න කියලා. සූරියවැව ක්‍රීඩාංගණය වහලා දැම්මා. අපිව හිරේ දැම්මට අපි සොරකම් කරලා නැහැ. පුළුවන්නම් අපිට නඩු පවරන්න. නිර්දෝෂි භාවය ඔප්පු කරන්න සූදානම්. හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා. අපි අඩුපාඩු හදාගන්නම්."

 

ඡන්දෙ ඉවරවෙලා සති 2කින් සුබ ආරංචියක් - රනිල් වික්‍රමසිංහ (ගෑස් සිලින්ඩරය)

 

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ  අනාවරණ කරයි. 

ඊයේ  (18) ගාල්ලේ පැවති ''රනිල්ට පුළුවන්'' ජන රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

"මම IMF සංවිධානයත්...ලෝක බැංකුවත්.. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. අපේ වගේ මධ්‍යම ආදායම් රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දැන් බංකොලොත්භාවය නැති කරන්න තුන්වැනි කණ්ඩායම සමගත් ගිවිසුමකට එළැඹිය යුතුයි. ඒ තමයි පුද්ගලික බැඳුම්කරුවන්. ඒ ගිවිසුමත් හෙට වෙනකොට අවසන් කරනවා. එහෙමනම් මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටු කරලා. මේ රටේ බංකොලොත්භාවය නැති කරන නිල තත්ත්වයට ඇවිත් තියෙන්නේ."

"IMF අධ්‍යක්ෂකවරිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා. ඡන්දෙ ඉවරවෙලා සති දෙකකින් ඔවුන් එනවා මේ වැඩකටයුතු ඉවර කරන්න. එතකොට කියන්න යනවා බංකොලොත්භාවය අවසන් කියලා."

හැමදාම ඔබට විකල්පයක් තිබුණේ නෑ! දිලිත් ජයවීර (තරුව)

 

සම්ප්‍රධායික දේශපාලනයෙන් ඔබ්බට සිතන්න හැමදාම ජනතාවට විකල්පයක් නොතිබූ බව සර්ව ජන බලය ජනාධීපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

 

නවතම ලිපි