SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“කුමන පසුබැසීම් හා කෙතරම් අපේක්ෂා භංගත්වයන් ඇතිවී ඇතත්, ලංකාව 1931, 1956, 1994, 2004, 2015, 2019 සහ 2022 ආදී පියවරයන් පසු කරමින් පැමිණ ඇත්තේ මහජන දේශපාලනය පැත්තෙන් ගත් කළ ඉදිරි ගමනකි.

2024 ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කළ යුතු වන්නේ එය එම ගමනේ ඊළඟ පියවර බැවිනි.”

 

 

 

NPPයට සහය දීමට බොහෝ අයට බොහෝ හේතු ඇත. නමුත් එය ඵෙතිහාසික ප්‍රගමනයේ ඊලග පියවර බවත් ඒ නිසාම ඒ සමග පෙලගැසිය යුතු යැයි කීම, මේ මොහොතේ කල හැකි අමනම ප්‍රකාශ වලින් එකකි. ඊනියා මහජන දේශපාලනය කියා දෙයක් ඇත්නම්, ඒ දේශපාලන හරක් පට්ටිය වතුරත්, පිදුරුත් නැතිවම, මේ තොපේ (ඵෙතිහාසික හා විද්‍යාත්මක සූත්‍රගත) කරුමය තමාය කියමින් මස් කඩයට පැටවීමකි. මොහු මේ ගෙන හැර දක්වන කිසිම පියවරක අපට උත්කර්ශයෙන් ඊනියා ප්‍රගතියේ මාවතක ලකුනක් නැත.

 

 

ඕලාරික බවින් තොරව කිවහොත් විමුක්ති මානයක් නැත. යටත්විජිතකරණය, බටහිර අධිරාජ්‍ය විසින් මුදාහරින ලෝක පරිමාන කෲර ප්‍රාග්ධන මංකොල්ල ප්‍රවාහයේ යෝධ රැලි මතින් පෙරැලී බිදී ගලා එන අහබු සැඩ පහරකට, සිහි විකල් බේබද්දකු රෑමැදියම අඳුරේ මහමග නන්නතාරේ යද්දී පයේ ගැටුන හිස් සාඩින් ටින් එකකට පයින් ගසන්නා වැනි කනා පල්ලන් ප්‍රතික්රියා දාමයකට වඩා දෙයක් මට ඒ පියවර වල දකිය නොහැක; ඉදිරි පියවරත් (එය මොකක් උවත් ) එසේය.

 

 

නමුත් ඉහත ප්‍රකාශය කරන අප මිත්‍ර අනුරුද්ධ , වාම දේශපාලනය ඊනියා කලු සුදු සරලමතික මරතෙලීස්වාදය හරහා පත අට එකට හිඳවා ඕජායේ ගසන නිර්මාල් වැනි අනුරාගික මෝඩයෙකු නොවේ; ඉතා සටකපට ලෙස ධනවාදයේ කෲර යාන්ත්‍රනයන් වඩා කාර්‍යක්ශමව ක්‍රියාත්මක කරවීමේ ව්‍යාපෘතිය අඩුමතරමින් ජනගත කිරීමේ දී, ඇඩ්ව්කාටා වැනි වර ලත් කුලී පක්කලියන්ට වඩා දක්ශ ලෙස නාඩි අල්ලන්නෙකි. මීට වසරකට පමන පෙර මා තීරනය කලේ ලංකාවේ ඊලඟ මැතිවරන සමය(පොලිටිකල් මේටිං සීසන් එක) හමාරවන තුරු, විමුක්ති දේශපාලන විචාරත්මක අර්ථයෙන් ලාංකිකයන් සමග පටලැවීම අර්තවිරහිත ක්‍රියාවක් බවයි, එය තරමක් පාදඩ සේ පෙනුනත් නිර්මාල්ගේ දේශපාලන කතිකාවට ගැලපෙන (සැ.යු: මේ ඔහුගේ මිත්‍ර විප්ලවීය ක්‍රියාදර විදර්ශන කන්නංගරගේ ප්‍රකට කාව්‍යෝක්තියකි) උදාහරනයකින් කිවහොත්, පාර අයිනේ බලු පූට්ටුවලට දඩාවතේ යන කොලු කුරුට්ටන් පොලු දමා ගැසීම වැනි ක්‍රියාවකි.

 

නිර්මාල්ගේ පසුගිය වසරක් ව්‍යායාමය, ඔහුගේ 'ජනතාව' දේශපාලනිකව විවෘත  වන මොහොතක ඔවුන්ට ඔවුන් වැටී ඇති ඛේදනීය විලෝපනයේ සුල මුල යම් තරමකින් හෝ පාදාගතහැකි තීරක කාරනා මතුකෙරෙන විමසීමකට විචාරශීලීව එලබෙනවා වෙනුවට, ආකෘතිමය අරුතින් ධනපති යාන්ත්‍රනය පීඩිතයන් මුලාකරන කුප්ප උපක්‍රමයම අනුගමනය කරමින්, පයින් යන මිනිසාට බයිසිකලෙන් යන්නට ඇති ආසාවේ යතාර්තය වැනි තුට්ටුදෙකේ බයිලා ගසමින්, ඔවුන්ව තවත් වටයකින් බාල ඕලාරික ප්‍රචාරනවාදී මෙහෙයුමකින් ඔල්මාද කොට, වැල්ලේ මාලිගා මනෝරාජික සමූපකාර රාජ්‍යය අනුර කුමාර ලවා පිහිටුවන්නට, NPPයට කතිරය ගැස්සවීම අද දවසේ එකම විප්ලවීය දේශපාලන කටයුත්ත බවට පත්කර ගෙන ඇත.

 

 

එය ඔහුගේ ස්ත්‍රියයි, එය සමග රමනය මෙවෙලේ ඔහුට ඇති එකම ධාවකයයි. පෝස්ට් දමමින් ඔහුගේ වල්ගය කොනිත්තන අප මිත්‍රයන්ට හිස හරවා ගොරවන නිර්මාල්ට අනුකම්පා කරන්න. දෘශ්ටිවාද විචාරය ඔහුට මෙලෝ ආතලයක් නැති කුනුහරුපයකි. නමුත් අනුරුද්ධ (43 කුහක කෑදර අලජ්ජි පරපුර )විසින් ප්‍රකාශවෙන දෙය බලුපූට්ටු කාරයන්ට වඩා විවේචනයක් ඉල්ලයි. ඔවුන්ගේ ප්‍රකාශිත අපේක්ශාව -මුර්ග ධනවාදී යාන්ත්‍රනය කාර්‍යක්ශම කරවීම- වේගයෙන් නෑගී එන ඊනියා කෑදර බල-පුලුවන්කාර-මද්‍යම පංතියේ අපේක්ශාවන්ගේ සමස්ත තාර්කික ප්‍රකාශනය බව පත්වී අරගල හලුබුලු හරහා තීව්‍ර අදෝනාවක් වී ඇති තත්වයක, ඒ ගැන වැඩි විශ්ලේශන වලට නොයා දිලින්දාගේ රූල් ඔෆ් තම්බ් විදිහට බැලුවා උවත් ඔය කී අපේක්ශාවන් කිසිසේත්ම පීඩිත විමුක්තිකාමීන්ගේ අහිලාශ හෝ අපේක්ශා නොවේ, උන් NPPයට ආවැඩීම එය උන් දකින ප්‍රගති මාවතේ පියවරක් වීමම, NPPය පීඩිත විමුක්තිකාමීන්ට සුසුමක් නොවන බව වටහා ගැනීමට ප්‍රමානවත්ය.

 

 

එන චන්දයෙන් මොකා දිනුවත් සිදුවන විශේෂ  යහපතක් නැත, එවැනි අපේක්ශාවක් ගොඩනගන කතිකාවට එරෙහිව එන විවේචනයන්, අඩු නපුර, චන්දය අපතේ යැවීම, ප්‍රජාතන්ත්‍රවාදය ආදී කුහක තර්ක දමා ගසා අවතක්සේරුකිරීම, දේශපාලනයට කරනා අවමානයකි. සීලරතන දේස්පාලන කතිකාවක් නොවෙන නමුත්, පෙසපෙ දේස්පාලන කතිකාවකි. ඔවුන්ගේ න්‍යායට එකඟ උවත් නැතත් පසුගිය දා කුමාර් ගුනරත්නම් ගෙන ආ විවේචනය වලංගු සේම එය සජිත්ට දෙන සහයෝගයක් ලෙස පහරදීම දේශපාලනික නිහීන ක්‍රියාවකි. චන්දය කටුගාදැමීම හෝ වර්ජනයත් වලංගු දේසපාලන ක්‍රියාමාර්ගයකි.

 

මැකෝ තම සිවිල් හැකියාව යොදා ඊට එරෙහිවීම දේශපාලනික නිවට ක්‍රියාවකි. මිනිසුන්ට මේ ක්‍රමයට විරෝධය දැක්වීමට ඕනෑම අවස්තාවක ඉඩ තිබිය යුතුය, එය නීති විරෝදී ක්‍රියාවක් නොවේ, අශිශ්ට ක්‍රියාවක් නොවේ. සමස්තයක් ලෙස ගැබුරු දේශපාලන විවේචනයක් රටේ තිබුනානම් මීට වඩා වෙනස් පෙරමුනු බලමුලු ගැන්වී තිබිය යුතුය. අරගලය කිසිදු දේශපාලනික විචාරයක් මතුකල ක්‍රියාවක් නොවන්නේ එබැවිනි. ඒ හරහා මතුවී ඇති දේශපාලනික ප්‍රතික්‍රියාව; සජිත් අනුර රනිල් හෝ දිලිත් ඔවුන් තෝරාගත් රිද්මය හා මෙලොඩියට ගයන්නේ එකම ගීයයි, ඒ කොහොමත් කෙලවෙන සිංදුව ඊනියා 75 අවුරුද්දම ගැසූ එකම තමාය.

 

 

‍රෙටොරික් ඉවත් කල පසු මේ ‍කිසිවෙකුට මූලික ගැටලුවට පිලිතුරක් තිබේද? හඳෙන් හාල් කැටගරියට වඩා වෙනස් වන්නේ ද? ප්‍රජාතන්ත්‍රවාදය, ජාත්‍යන්තර නීතිය/මතය/පිලිගැනීම ආදිය ඉතා බොලඳ විහිලු බවට පත්වී වී ඇති මොහොතක අතීතයේ ඉඳහිට කතාකල හොර චන්ද, කොම්පියුටර් ජිල්මාට් ආදිය අද දවසේ හැම රටකම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ටූල් පෙට්ටියෙ ප්‍රධානම අවිය වී ඇත,  විස්තර අවශ්‍ය කෙනෙක්ට දැන් වෙනිසියුලාවේ සිදුකරනා කලබගෑනිය සොයා බැලිය හැක. 'අපේ රටේ ඕවා වෙන්නෙ නෑ, සාක්ශරතාව නයින්ටි නයින් මචං' කියන ලාංකිකයන් ගැන අධි තක්සේරුවක් බොහෝ අයට තිබුනත්, බුරියානි වලින් බැරි නම් ඒකේ 47 කීපයකින් එන්ඊඩි යට ගැස්සවියහැකි ගේම් ගැනත් අවතක්සේරු නොකලයුතුය.

 

 

ඩිස්ක්ලේමර්: මගේ ඡන්දය (හෝ වර්චුවල් ඡන්දය) 89දි හෙක්ටර්ට, 2004 දී මහින්දට, 2015 දී මෛත්‍රීට, 2019දී ගෝඨට, 2024 දී අවසන් විනාඩියේ ආවේගය මත: නොදීම, පෙසපෙට, කටු ගෑම හෝ සමහර විට දිලිත්ට..

 

@ නන්දන පෙරේරා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි