SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනයා දෙමළ පොදු අපේක්ෂකයා හට සිය ඡන්දය ලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පවසයි.

 

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (16) වව්නියාවේ පැවැති ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂයේ විශේෂ කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

 

 

එහිදී මීට පෙර මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණය අනුව කටයුතු කිරීමටයි එකඟත්වය පළ කර ඇති අතර බහුතරයේ කැමැත්ත පළව ඇත්තේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකිරීමටය.

 

කෙසේ වුවද ඊට තමන් එකඟ නොවන බව ද සිවඥානම් ශ්‍රීධරන් අවධාරණය කරයි.

 

 

ජනාධිපති ධුර අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම්, ස්වයං නිර්ණනය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැතැයි පවසන ඔහු ඒ හේතුවෙන් තමා  පක්ෂයේ  තීරණයට එකඟ නොවන බව පෙන්වා දේ.

 

මේ නිසා  දෙමළ ජනතාවට සිය දේශපාලන අයිතිවාසිකම් සහ අභිලාෂයන් වෙනුවෙන් දෙමළ පොදු අපේක්ෂකයාට ඡන්දය ලබාදිය යුතු බවට ඔහු  අවධාරණය කරයි.

 

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත  සහාය පළ කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර ඇත.

 

මේ දක්වා පත් වූ ජනාධිපතිවරුන්ගෙන් කිසිවෙක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා අභිලාෂයන් ඉටු නොකළ හේතුවෙන් දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උතුරු-නැගෙනහිර කේන්ද්‍ර කරගත් දේශපාලන පක්ෂ කටයුතු කළේය.

 

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ හක්ගෙඩිය සලකුණෙන්.

 

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ  විසින් මෙම  මැතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබිණි.

 

ඒ, පූර්ණ බලය බෙදීමකට ජනාධිපතිධුර අපේක්ෂකයන් එකඟත්වය පළ කරන බවට සහතිකයක් ලබාදෙන තුරුයි.

 

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ද පසුගියදා කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

අනතුරුව ඔහු නිදහස් කිරීම කළේය.

 

මේ අතර මැතිවරණ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින්  මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

 

“දෙමළ ජාතිකවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා සිංහල ජාතිකවාදය සිතමින් සිටින අවස්ථාවක, ඊට බලපෑම් කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට මේ ජනාධිපතිවරණ වර්ජනය අපි දකිනවා. මැතිවරණයකදී දෙමළ ජනතාවට හානියක් නොවන අයුරින් ඒ කියන්නේ, දෙමළ ජනතා නියෝජනයක් ලැබෙන අවස්ථාවක ඒක අහිමිකරගන්නේ නැතිව බලපෑමක් කරන්න පුළුවන් එකම මැතිවරණය තමා ජනාධිපතිවරණය.

 

 

පාර්ලිමේන්තු මැතිවරණය අපි වර්ජනය කළොත්, දෙමළ ජනතා නියෝජනය අහිමිවෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. එහෙම පසුබිමක ජනාධිපතිවරණයේදී තමා දෙමළ ජනතාවට කිසිම අහිමිවීමක් සිදුවෙන්නේ නැත්තේ. මේකෙන් අපිට කිසිම යහපතක් වෙන්නෙත් නැහැ.

 

 

සිංහල ජාතිකවාදය විතරක් පිළිගන්න අය තමා මේකට ඉදිරිපත් වෙන්නේ. ඒකීය රාජ්‍ය පිළිගන්නවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් බලතල කප්පාදු කරන්න හදනවා. එහෙම තියෙද්දී, ඒ මතවාදයට බලපෑමක් කරන්න පුළුවන් ක්‍රමයක් තමා වර්ජනය. අපි මේ මැතිවරණයට තරග කළත් දිනන්න බැහැ. ලංකාවේ ඉන්න සමස්ථ දෙමළ ජනයා ඡන්දය දුන්නත් දිනන්න බෑ.”

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි