SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් දැන් නාමල්  එක්ක තරග කරන්නේ තුන ද, හතර ද කියලා. අද එතුමාගේ කඳවුර හිස් වෙමින් තියෙන්නේ.

එතුමාට බලගතු විදිහට උදව් කරපු අය දැන් අපිත් එක්ක කතා කරමින් ඉන්නේ. ඔබේ ඡන්දය දිනන්නේ නැති මිනිස්සුන්ට දීලා රටේ අනාගතයට හතුරු තැනක තියන්න එපා!

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද තුන්වෙනියා ද, හතරවෙනියා ද, යන්න පිළිබඳ නාමල් රාජපක්ෂ සමග තරග කරමින් සිටින බවත්, මේ වන විට ඔහුගේ කඳවුර හිස් වෙමින්, සහාය දැක්වූවන් සියලු දෙනා සජිත් ප්‍රේමදාස ගේ ජය තහවුරු කිරීම සඳහා එක්වීමට කතිකා කරමින් සිටින බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. එක්සත් ජනරජ පෙරමුණේ කෝට්ටේ ආසන සංවිධායක, නීතීඥ රජික කොඩිතුවක්කු විසින් සංවිධානය කරන ලද, කෝට්ටේ ජනරජ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් රණවක ජනරජ පක්ෂයේ නායකයා  මේ බව ප්‍රකාශ කළේ ය.

 

 

 

 

“නීතිඥ රජික කොඩිතුවක්කු මැතිතුමාට අයිති මේ භූමි භාගයේ අපේ කාර්යාලය කෝට්ටේ ආසනය වෙනුවෙන් එතුමා සංවිධායකවරයා හැටියට ස්ථාපිත කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඉතා ම දුෂ්කර අවස්ථාවල දී  අපිත් එක්ක හිටපු, අරගල කරපු අප අත් නො හැර ගිය කල්‍යාණ සහෝදරයෙක් තමයි අපේ රංජිත් කොඩිතුවක්කු මැතිතුමා. ඉතින් ඒක නිසා අපි ඉතා ම සතුටට පත්වෙනවා. එතුමා මෙතනින් ඔබ්බට රැගෙන යාමේ වගකීම අපි භාර ගන්නවා. එතුමන්ලා වගේ තරුණ උගත් පිරිස් ඒ වගේ ම මේ රටේ සාමාන්‍ය මහජනයාගෙන් පැමිණි පිරිස් සිටින්න ඕන තැන එතුමන්ලා ඔසවා තැබීමට අපි ඉදිරියේ දී කටයුතු කරන බව කියන්න ඕනේ.

 

 

ඡන්දය අපතෙ යවන්න එපා!

 

 

තව මැතිවරණයට නම් දින කීපයයි තියෙන්නේ. තව දවස් තුනයි තියෙන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට. ඉතින් ඒ නිසා අපි බොහොම ආදරයෙන් ප්‍රකාශ කරනවා ඔබේ ඡන්දය අපතේ යවන්න එපා. ඡන්දය අයාලේ ගෙන යන්න එපා. ඔබේ ඡන්දය දිනන්නෙ නැති මිනිසුන්ට දීලා ඔබේ ඡන්දය මේ රටේ අනාගතයට හතුරු තැනක ස්ථාන ගත කරන්න එපා. පළමු වෙන් ම නාමල් රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ නැහැ පමණක් නෙ වෙයි ඔහු මේ මැතිවරණයේ තුන්වැනියා ද හතරවැනියා ද කියලා තරගයක තමයි ඔහු ඉන්නේ ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපි ඉල්ලනවා ඒ පිරිසට ලොකු වරදක් වුනා 2019. ඒ වරදේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ආර්ථිකය අවුරුදු ගණනාවක් ආ පස්සට ගියා. ඒ වගේ ම තව අවුරුදු හත අටක් යයි ආර්ථිකයට ඒ තැනට එන්න. ඒ නිසා ඒ අත්වැරැද්ද හදන්න. මේ තමන් ඡන්දය දීමෙන් සිද්ධ වුනු අත්වැරැද්ද හදන්න රත්තරන් අවස්ථාවක් මේ මැතිවරණයේ තියෙනවා. ඒ තමයි මේ ආර්ථික නිදහස. ආගමික නිදහස. ප්‍රජාතන්ත්‍ර නිදහස රැක ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඒ දුරකථන ලාංඡනයට ඡන්දය ලබා දෙන්න පොහොට්ටුවේ සියලුම ආධාරකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

 

 

ගෑස් සිලින්ඩරයට දෙන හැම ඡන්දයක් ම අපතේ යන ඡන්දයක්!

 

රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැන් නාමල් මහත්තයා එක්ක තරග කර කර ඉන්නේ තුන ද, හතර ද කියලා. ඔය මාධ්‍යවල නොයෙක් නැවුම්කාරකම් කළාට රාජ්‍ය බලය පාවිච්චි කළාට අද එතුමාගේ කඳවුර හිස් වෙමින් තියෙන්නේ. එතුමාට බලගතු විදිහට උදව් කරපු අය දැන් අපිත් එක්ක කතා කර කර ඉන්නේ. එතුමාගේ එක ම අධිෂ්ඨානය මේ රටේ ජනාධිපති වීම නෙමෙයි. එතුමා දැන් ජනාධිපති උනා නෙ මහින්ද රාජපක්ෂගේ පිහිටෙන්. එතුමාගේ දැන් අධිෂ්ඨානය සජිත් ප්‍රේමදාස මහත්තයා ව පැරද වීම. ඒක නිසා ඔය ගෑස් සිලින්ඩරයට දෙන හැම ඡන්දයක් ම අපතේ යන ඡන්දයක් විතරක් නෙවෙයි පුද්ගලයෙකුගේ වෛරය සංසිඳීමට දෙන ඡන්දයක්. ඒ නිසා ඒ ඡන්දය විනාශ කර ගන්නෙ නැතිව ආගමික, ආර්ථික හා ප්‍රජාතාන්ත්‍රික නිදහස ආරක්ෂා කර ගන්න දුරකථනයට ඔබේ ඡන්දය ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

 

 

මාලිමාවෙ දෙබිඩි ජීවිතය!

 

 

මාලිමාවේ තියෙන්නේ දෙබිඩි ජීවිතයක්. ඒ මොකද ඒ මාලිමාව නමැති සමාජ මාධ්‍යවලින් හදලා තියෙන ඔලු බක්කා ඇතුළේ ඉන්නේ පැරණි ජනතා විමුක්ති පෙරමුණ. අද ජනතා විමුක්ති පෙරමුණ කොච්චර දෙබිඩ්ඩෙක් වෙලා තියෙනව ද කිව්වොත් අනුර දිසානායක ඒ අයගේ වෙබ් අඩවියේ තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ප්‍රතිපත්ති දැන් අයින් කරලා. මං අද උදේ බැලුවා, හොයා ගන්න නෑ. අනුර දිසානායක මහත්තයාට කියනවා ඉන්න තැනකින් අපට පිටපතක් එවන්න කියලා. ඒ වගේ ම එතුමා ගිහිල්ලා යාපනයේ, මඩකලපුවේ ගිහිල්ලා මේ අපිට දොස් නගනවා. උන්නැහේට කියන්න ඕනෙ යාපනයේ ගිහිල්ලා කතා කළේ ඒ විදුලි පද්ධතිය දුන්නේ උතුරු ජනනී බලාගාරය හැදුවේ යාපනයට විසිහතර පැය ම විදුලිය දුන්නේ.

 

 

උතුරයි, දකුණයි, යා කරන ඒ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය හැදුවේ, ඔයගොල්ලො ගිනි තියන කොට ට්‍රාන්ස්ෆෝමර්, එල්ටීටීඊය කඩන කොට සම්ප්‍රේෂණ පද්ධති අපි උතුරේ ඒ ආලෝකය දුන්න එක මතක තියාගෙන කතා කරන්න. නැගෙනහිරට ගිහිල්ලා තව කතා පවත්වනවා. මතක තියා ගන්න මඩකලපුවේ බස් නැවතුම හැදුවේ මන්නාරමේ බස් නැවතුම හැදුවේ, යාපනයේ බස් නැවතුම හැදුවේ, කොළඹවත් නැති දැවැන්ත නගර ශාලාවක්, යාපනයට හදලා දුන්නේ, ඕගොල්ලෝ නෙමෙයි අපි. ඒක නිසා අපිට ඕන වෙලාවක, ඔය කලාපයට යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. ඒ වගේම අපි ඔයාට මතක් කරනවා ඔයා නායකයා යාපනයේ ගිය වෙලාවේ ඒ කියන්නේ රෝහණ විජේවීර මහත්තයා. එතුමට ගල් ප් රහාරයක් එල්ල කළා රැස්වීමේදී. මතකද අසූ දෙකේ ජනාධිපතිවරණය. දැන් ඔයාට කවුරුවත් ගල් ගහන්නැති රහසක් අපි දන්නවා. ඒ මොකද අපි දෙදාස් නමයේදී ඕගොල්ලෝ විරුද්ධත්වය පළ කරද්දී ඕගොල්ලෝ අපිව පාර්ලිමේන්තුවේ අනාථ කරද්දී ඕගොල්ලෝ වැඩ වර්ජන කැඳවලා අපේ ආරක්ෂක හමුදා පාව දෙන්න හදද්දී එල්ටීටීඊයට ඒ පරාජය කරපු නැවත වතාවක් දුර්වල ආණ්ඩුවක් බිඳ වැටුණු කණ්ඩායමක් ගෙනෙල්ලා බලයට එන්න හදන බව අපි දන්නවා. ඒක නිසා ඔබගේ ජාතික, ජාත්‍යන්තර මිතුරන් කවුද කියලා අපි හොඳින් අඳුර ගෙන ඉන්නේ. ඒ බලවේග ජයග්‍රහණය කිරීම සඳහා, අපගේ වන්නි මෙහෙයුමට 2007, ලොකු ම බාධාව කළේ අනුර දිසානායක. පාර්ලිමේන්තුවේ, බහුතරය ආණ්ඩුවට නැති කරලා, අපි එක්ක හිටියේ අපි එක මේසේ වැඩ කළේ. දැන් හරියට දැක්කේ නෑ වගේ කතා කරන්නේ. 2005  අපි මේක මේසේ. 2015ත් එක මේසේ. දැන් දන්නෙ නෑ වගේ කතා කරන්නේ. අපේ බන්දුල මහත්තයා දන්නවා කී වතාවක් අපි හම්බ වෙලා කතා බහ කරලා තියෙනවා ද කියලා. අපිටත් අපේ යාළුවෝ. හැබැයි පෙන්නන්නේ අම්මෝ කිසිම දෙයක් දන්නේ නෑ වගේ. නිකම් පරම හතුරෝ වගේ. කමක් නෑ. එහෙම පෙන්න ගෙන හරි ඔය ඔලු බක්කො ටිකක් නටෝගෙන යන්න. මේ රටේ ජනතාව ලබන 21 වෙනිදා වහලා තියෙන රතු වෙස් මූණ ඔබගේ ගලවලා ඔබගේ ඔය හදලා තියෙන හුලං බැලුම පහළ ට ගේන බව අපට සහතිකයි.

 

 

අවුරුදු විස්සක් අනුර මහත්තයෝ ලක්ෂ දෙසීය දීලා කතා කරන්න!

 

 

එදා ඒ උතුරට, නැගෙනහිරට යන්න ඔබට පුළුවන් වුණේ, 2005 ඔබ මහින්ද රාජපක්ෂ බලයට පත් කළ බව ඇත්ත. වැඩ කරපු බව ඇත්ත. ඒකත් අපි පිළිගන්නවා. ළඟ දී බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලලා තිබුණා නේද? මේ පෝස්ටර් වල එතුමාට මං මතක් කරනවා 2004 ඒ මහ මැතිවරණය වෙලාවේ එතුමන්ගේ ලංකා කියන පත්තරයෙන් මට මඩ ප්‍රහාරයක් එල්ල කළා. මගේ පවුලට මඩ ප්‍රහාරයක් එල්ල කළා. මම දැම්මා නඩුවක් ගල්කිස්ස උසාවියේ. මට ලක්ෂ 200ක් ගෙවන්න නියෝග කළා 2004. අවුරුදු විස්සක් අනුර මහත්තයෝ ලක්ෂ දෙසීය දීලා කතා කරන්න. දෙබිඩි කතා කතා කරන්නේ නැතුව. ඔය අනිත් අයට නඩු දාන්න හදිස්සි වුණාට අපට වැඩ කරන්න දුන්නේ නැහැ විදුලි බල මණ්ඩලයේ සෑම සභාපතියෙක් ම පන්නලා. ගල් අඟුරු, ඩීසල්, විදුලි මාෆියාව එක්ක හිටියේ ඔය රන්ජන් ජයලාල් ප්‍රමුඛ ඔය ඔබගේ වෘත්තීය සමිතියයි. ලංකා විදුලිබල මණ්ඩලය ලාභ කරන කොට ඉවස ගෙන ඉන්න බැරුව වංචනිකයින් එක්ක එකතු වෙලා සෑම සභාපති කෙනෙක්ට ම එරෙහිව කුමන්ත්‍රණ කර කර මාෆියාව එක්ක කටයුතු කළේ ඔබගේ වෘත්තීය සමිති. ඔබට අයිතිය නෑ මේ රටේ දැන් ඔය විදුලි බලාගාර ගැන කතා කරන්න. කොහොම වුණත් ඔබ අපිට මඩක් ගැහුවා. මතක ඇති රුපියල් අසූ දාහක ඇඳක් ගත්තයි කියලා විදුලිබල ඇමති. නඩුවක් දැම්මා. උසාවියට ආවේ බොහොම පමා වෙලා. මගෙන් ඉල්ලා හිටියා සමාව දෙන්න කියලා. මමත් කැමැත්තෙන් හිටියා. තාම උසාවියේ නඩුව යනවා. මෙන්න මේ වගේ පාදඩ, මඩ ගහපු, දේශපාලන ව්‍යාපාරයක් අපේ චරිත ඝාතනය කරන්න. ඒ නිසා ඒ වගේ ම තැන තැන කිය කිය යනවා ගල් අඟුරු කතා. මම එතුමට ලියුමක් ඇරියා. බෝල පහේ ඔය ගල් අකුරු කතා කියන්නේ. මාත් එක්ක එන්න විවාදයට. කවුද ගල් අඟුරු මාෆියාව පිටිපස්සේ හිටියේ? කවුද ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිලා පන්නන්න වැඩ කළේ. මොන වෘත්තීය සමිතිද? මොන වෘත්තිය සමිති නායකයෝ ද? ඒගොල්ලන්ගේ ඥාතීන්ගේ මගුල් ගෙවල් ගත්තේ කොහොමද කියලා එහෙම අපි සාකච්ඡා කරනවා. ඊළඟට සුනිල් හඳුන්නෙත්ති. මෙතනින් අපි ගෙනිච්ච අපගේ සැහැල්ලු දුම්රිය සේවය දූෂණයක් කියලා කියනවා. හඳුන්නෙත්තිත් එක්ක මං අභියෝගයක් කරලා දැන් සති තුනයි. ආයේ කියනවා හැම එකාට ම මඩ ගගහා දුවන හඳුන්නෙත්තිට අපි කියනවා එන්න අපිත් එක්ක සංවාදයට. පුළුවන් නම් ඔප්පු කරන්න එල් ආර් ටී එහෙම දූෂණයක් වුනා ද කියලා. එහෙම දූෂණයක් වුනා නම් මම දේශපාලනයෙන් ඉල්ලා අස් වෙනවා. හැබැයි ඕගොල්ලොත් දේශපාලනයෙන් අස් වෙන්න ඕන. එහෙම නැතුව මඩ ගහන්න අපි ඉදිරියේ දෙන්නෙ නෑ. අපි උසාවිවල නඩු කියන්නෙ නෑ. මොකද ඕගොල්ලන්ගේ නඩුව 21 වෙනිදා ට අහනවා මේ රටේ මිනිසුන්ට මඩ ගගහ, මහා සංඝරත්නයට මඩ ගගහා ගිය ඕගොල්ලන්ගේ නඩුව 21 වෙනිදා ට අහනවා. ඒ නඩුවෙ දි අපි ඕගොල්ලන්ට වග උත්තර බඳින්න දෙන්නේ නැහැ. ඒක මතක තියා ගන්න. ඒ වගේ ම අද මේ රටේ ආගමික නිදහස මතක තියා ගන්න මේ බලයට එන්න යන්නේ ලෞකිකවාදී පිරිසක්. ඒ පිරිස ආගමික අධ්‍යාපනයට විරුද්ධයි. ඒ අනුව දහම් පාසල කර ගෙන යන්න, මද්‍රාසාව කර ගෙන යන්න, හින්දු කෝවිලේ ආගම ඉගෙන ගන්න, එහෙම නැත්නම් කතෝලික දහම් සභාවට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

 

 

රතු වෙස් මූණ ගැලවීම!

 

 

අනුර දිසානායකට මම විවෘත අභියෝගයක් කරනවා. කැමරා නැතුව, ජයසිරි මහ බෝධිය වඳින්න ගියා. කැමරා නැතිව දළදාව වඳින්න පුලුවන් නම් කැමරා එක්ක යන්න මහත්තයෝ. අන්න එතකොට තමයි ඔයාගේ රතු වෙස් මූණ ගැලවෙන්නේ. ඒ වගේ ම අපි කියනවා 9 වෙනි වගන්තියෙන් සම්බුද්ධ සාසනයට දීලා තියෙන ප්‍රමුඛතාව පිළිබඳ වගන්තිය. ඒ වගේම 10-11 වගන්තිවලින් අන්‍ය ආගම් වලට දීලා තියෙන අයිතිය රකිනවා ද, නැද්ද? කියලා ප්‍රසිද්ධියෙ කියන්න. සඟ සමුළුව ඉස්සරහට යන්න කලින්. ඒ වගේ ම අන්‍යාගමික පිරිස ඉස්සරහට යන්න කලින්, මේ රටේ සියලු ම ආගම් අදහන මිනිස්සුන්ගෙන් අපි ඉල්ලනවා, මේ එන්න යන්නේ අර කම්පුචියාවේ, ඒ වගේම ලාඕසයේ, ඒ වගේ ම වෙනිසියුලාවේ මේ හැම තැනක ම තිබුණා වගේ රතු ආණ්ඩුවක් යටතේ ආගමික නිදහස නැති වෙන රටක්. ආර්ථික නිදහස නැති වෙන රටක්. මතක තියා ගන්න, දේශීය ව්‍යාපාර බංකොලොත් කළා. මන්චි සමාගමේ ගෙනිච්චා වැඩ වර්ජනයක්. ඒ දේශීය ව්‍යාපාරය වට්ටන්න, අපේ හාමුදුරුවරු තමයි බණ කියලා, සේවකයෝ ටික වැඩට ගෙනාවේ. නිදහස් වෙළෙඳ කලාපයේ වැඩ වර්ජනය කළා. අපේ හිටපු කතානායක කරු ජයසූරිය හිටපු ඒ ෆැක්ටරියේ වැඩ වර්ජනය කරලා ෆැක්ටරියේ වහලා ආයෝජකයා ගියා. අද ඒගොල්ලෝ අපිට පෙන්නනවා පිටරටින් ගොඩ බහිනවා කියලා හෝ ගාලා ලංකාවට කට්ටිය. මතක තියා ගන්න මේගොල්ලෝ බලයට එනවායි කියලා හදලා තියෙන මේ සමාජ මාධ්‍ය පිල්ලිය නිසා අද රටේ තියෙන ආයෝජන මේ වෙන කොට කෝටි 40,000ක් රටෙන් ගිහිල්ලා ඉවරයි. ව්‍යාපාරිකයො දහස් ගාණක් ඩුබායි වලට ඒ වගේ ම සිංගප්පූරුවට වෙනත් රටවලට දැන් පලා යමින් ඉන්නවා මේගොල්ලෝ බලයට එයි කියලා බයේ. ඒ නිසා රට සම්පූර්ණයෙන්ම මේ පැත්තට එන එක විතරයි පෙන්නන්නේ. අර පැත්තට යන එක පෙන්නන්නේ නැහැ. අවුරුදු හැටක් මේ රටේ විශ්වවිද්‍යාලවල දරුවන්ගේ අනාගතය අඳුරු කරපු ඒ විශ්වවිද්‍යාලවල දරුවන්ට රටේ ඉහළ තැන් වලට ඇවිල්ලා, රට පාලනය කිරීමට ඉඩ නො දුන්නොත්, ඒ දරුවන්ව ටයර් සැයේ, ගංගාවල දේශපාලනයක් කරපු එවැනි පිරිසක් රටේ නිදහස් අධ්‍යාපනය හා අනිත් දේවල් ගැන කතා කිරීම ගැන ලොකු ම විහිළුවක්. ඒක නිසා කරුණාකරලා නැවත ප්‍රජාතාන්ත්‍රික ඡන්ද නෑ මේ රටේ මාලිමාව ජයග්‍රහණයක් කළොත් මතක තියා ගන්න. මොකද වෙනිසියුලාවේ එහෙම ඡන්ද නෑ. මේගොල්ලෝ වගේ කට්ටියක් ඉන්නේ. නිකරගුවාවෙ එහෙම ඡන්ද නෑ. ලෝකේ කොහෙවත් එහෙම ඡන්ද නෑ මේ වගේ කට්ටියක් බලයට ආපු තැනක. ඒ නිසා ආර්ථික නිදහස රැක ගන්න නම්, වැඩ කරන ජනතාවගේ නිදහස රැක ගන්න නම්, ආගමික නිදහස රැක ගන්න නම්, මැතිවරණ පවත්වන, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගන්න නම්, ඔබට තියෙන්නේ එක විකල්පයයි. ලබන 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්තයයි, එතුමාගේ දුරකථනයයි දිනවන්න.

 

 

මැතිවරණ නැති, ආගමික නිදහස, ආර්ථික නිදහස නැති රටකට පාර කපන්න එපා!

 

 

මාලිමාවට රැවටිච්ච අයට අපි බොහොම පැහැදිලිව කියනවා. පස්සේ විතරක් අපි නම් නෑ කියන්න එපා අර ගෝඨාභයගේ වගේ. අපි ඔබ හැමටම නැවත වතාවක් ඉල්ලා හිටිනවා ඔබගේ දරුවන්ගේ අනාගතය, රටේ අනාගතය ගැන කල්පනා කරන්න. මේ ලස්සන වචන රටේ කරපු කිසිම දෙයක් ධනාත්මක ව ගොඩනඟපු කිසිම දෙයක් නෑ. විශ්වවිද්‍යාල වස්සපු එක, ගිනි තියපු එක, බස් රථ ටික, පොදු ප්‍රවාහනය නසපු එක, වැඩ වර්ජනවලින් වහපු එක, රාජ් ය සේවකයන් ඝාතනය කරපු එක, මාධ්‍ය ආයතන විනාශ කරපු එක, ඒ වගේ ම වැදගත් දේශපාලකයින් ඝාතනය කරපු එක වැදගත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගාව. මේ කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, මේ මෙතන එහා පැත්තේ පන්සල. වෙඩි තියලා මරපු පිරිසක් රටේ බෞද්ධ භික්ෂුව ඉදිරියට ඇවිල්ලා කතා කරනවා. කොහොමද ඔවුන්ට පිරිත් නූල් ගැට ගහන්නේ, මේ රට ඉදිරියේ අද තියෙන ප්‍රශ්නය ඒකයි. කවදා වත් ජාතියෙන් සමාව ගත්තේ නෑ. තමන් කළ වැරදි වලට. මේ කට්ටිය ලස්සනට ඇඳලා, ලස්සන කතා පැවැත්වුවාට, රැවටිච්ච කට්ටියක් කරළියේ ගෙනිච්ච ට, රැවටෙන්න එපා. අපි වැරදි කරලා තියෙනවා නම් මේ රටේ දේශපාලකයෝ ඔබට පුළුවන් ලබන මහ මැතිවරණයේ දී. මනාපයෙන් ඒ අයව පරද්දලා ගෙදර යවන්න. ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා වැරදි නම් එතුමා ඔය 2029 පවත්වන ජනාධිපතිවරණයෙන් පරද්දන්න. ඒක අපේ කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි නැවත මැතිවරණ නැති, ආගමික නිදහස, ආර්ථික නිදහස නැති රටකට පාර කපන්න එපා.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි