SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු විශාල පිරිසක් ඔහුගේ ජනාධිපතිවරණ

ප්‍රචාරක ව්‍යාපාරයෙන් මේ වන විට ඉවත් වී ඇති බව මාධ්‍ය වාර්තා  පවසයි.

 

 

කෙසේ වුවත් අපට ලැබෙමින් ඇති අභ්‍යන්තර ආරංචිමාර්ග තොරතුරු ද ඊට සමාන අදහස් ගෙන දී ඇත.

 

නිදහසින් පසු ගෙවීගිය කාලය තුළම ලංකාවේ දේශපාලනය සැකසී ඇත්තේ වාසි පැත්තට හෝයියා කියමින් පැති මාරු කිරීමටය.

 

මේ මොහොතේ තරඟකාරීත්වය තිබෙන පක්ෂ දෙකටම ලඟාවීමට මේ මැති ඇමැත්තන්ට අසීරු තත්වයක් නිසා ඔවුන් නිහඩ  ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා ද විය හැකිය.

 

ඒ පිළිබඳව ලංකා ටෘත් වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය.

 


කැබිනට් ඇමැතිවරුන් අතුරින් විදුර වික්‍රමනායක, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නිආරච්චි යන අය මුල සිටම ප්‍රබල දායකත්වයක් නොදැක්වූ අය වෙති. ඊට අමතරව ප්‍රචාරක කටයුතු අවසන් අදියරට එළැඹෙමින් තිබිය දී, ඩග්ලස් දේවානන්දා, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු යන අය දැඩි නිහඬතාවකට පත්ව ඇති බව හෙළි වී තිබේ.



ඊට අමතරව කැබිනට් නොවන ඇමැතිවරුන් ලෙස සිටින රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමැති මෙන්ම මුදල්
රාජ්‍ය ඇමැති, රංජිත් සියඹලාපිටිය දැඩි නිහඬතාවක සිටී. මේ අතරට එක් වී සිටින රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ජගත් පුෂ්පකුමාර, මොහාන් ප්‍රියදර්ශන, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ, ලොහාන් රත්වත්තේ, සිසිර ජයකොඩි යන අය ය.



මේ අතර රනිල් වික්‍රමසිංහ මුල සිටම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය භාර දී සිටි විදේශීය නියෝජිතයන් ද ඉදිරි දින දෙක තුළ එම කටයුතුවලින් ඉවත්ව යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි