SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණය කට ලඟටම පැමිණ ඇත. උණුසුම උත්සන්නය.

ඇතැමුන් දැනටමත් ජයගෙන ඇතිසෙයින් හැසිරේ.

 

කෙසේ වෙතත් හැමෝටම දිනන්න බැරි සේම හැමෝම උත්සාහ කරන්නේ මහජනයා දිනවන්නය. රට රැකගන්නය.

 

මේ වනවිට කාගේවත් ඉතිහාසය හෝ හැකියාව තියා ප්‍රතිපත්ති ප්‍රකාශනවල අඩංගු ප්‍රකාශයන් කෙරෙහිවත් මහජන උනන්දුවක් නැත. ඇත්තේ තමන් කැමතිම කෙනා දිනවීමේත් අකමැතිමකෙනා පැරදවීමේත් උනන්දුවකි. වේදිකාමත , සමාජ මාධ්‍යවල , ප්‍රධාන මාධ්‍යවල පළවන කියුම් වලින් මේ බව පැහැදිලිව දැකගත හැකිය.

 

ජනපති සටනේ තීව්‍රතාව අනුව දිනවීම තරමටම පැරදවීම ද මෙවර වැදගත් කාර්‍යයක් බව පෙනේ.

 

 

මෙතැනදී මුලින්ම සළකා බැලිය යුත්තේ මෙවර ජනාධිපතිවරණය ජයගැනීමට වඩාත්ම ඉඩ ඇති අපේක්ෂකයන් දෙදෙනා කවුරුන්ද යන්නයි. ඒ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර නොවන බවට තර්ක කිරීමෙන් පලක් නැත. දැනට ඉදිරියෙන්ම සිටින ධාවකයන් දෙදෙනා ඔවුන් ය.

 

 

මීලඟට සොයාගත යුත්තේ ඒ දෙදෙනාට පසුපසින් සිටියත් සැළැකියයුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා සෙසු අපේක්ෂකයින් කවුද යන්නයි. එහි මුලින්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ බව නොරහසකි. ඔහු තරගයට පිවිසෙන්නේම තමන්ට දිනන්නට නොහැකි වාතාවරණයක් තමන්ම නිර්මාණය කරගනිමිනි.

 

මීළඟට දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ සිටිති. සරත් ෆොන්සේකාව නොතකා හැරියද විජයදාස රාජපක්ෂව නොතකා හැරිය නොහැක.

මීටත් පසුපසින් දුවන ධාවකයන්ටද එකතුවක් හැටියට සැළකිය යුතු ඡන්ද ප්‍රමාණයක් වැටෙනු ඇත.

 

සියළු වලංගු ඡන්ද අපේක්ෂකයින් 39 දෙනෙකු අතර විවිධ සංඛ්‍යාවලින් බෙදීයන තත්ත්වයක් තුල පළමු වටයෙන්ම 50% ක් හා තවත් එක් ඡන්දයක් හිමිකරගන්නා අපේක්ෂකයෙකු සිටීවියැයි සිතීමට අපහසුය.

 

සජිත් ප්‍රේමදාසට කැමති අයගේ ඡන්ද මෙන්ම අනුර කුමාරට අකමැති අයගේ ඡන්දත් සේරම සජිත් ප්‍රේමදාසටම වැටෙනවානම් හෝ අනුර කුමාරට කැමති ඡන්ද මෙන්ම සජිත් ප්‍රේමදාසට අකමැති අයගේ ඡන්ද සේරම අනුර කුමාරට වැටෙනවානම් මේ ලිපියේ වැදගැන්මක් නැත. නමුත් ප්‍රශ්නය හා ඇත්ත තත්ත්වය ඊට වෙනස් ය.

 

 

මෙන්න මෙතැනදී ඡන්ද දායකයාගේ දෙවැනි මනාපය අතිශය වැදගත් කාර්‍යයක් ඉටුකරනු ඇත. ( තුන්වන මනාපයකුත් තිබේ) මෙවරනම් මේ දෙවැනි මනාපය අත් හල නොහැකි වගකීමක් බව ඡන්ද දායකයා තරයේ සිතේ තබාගතයුතුබව අපගේ හැඟීමයි. විශේෂයෙන්ම ඉදිරියෙන්ම සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට තම පළමු මනාපය නොදෙන , ඊට පහලින් සිටින ඕනෑම අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ඡන්ද දායකයාට විකල්ප දෙකක් ඇත.

 

(01) දැනට තමන් තෝරාගෙන සිටින අපේක්ෂකයාව අකමැත්තෙන් වුවද අත් හැර දමා , ඉහත කී ප්‍රමුඛතම අපේක්ෂකයින් දෙදෙනාගෙන් තමන්ට පේන්නවත් බැරි අපේක්ෂකයාව පරාද කිරීම සඳහා , අනෙක් ප්‍රමුඛ අපේක්ෂකයා වෙනුවෙන් තම ඡන්දය ප්‍රකාශ කිරීම.

 

(02) මොනයම් සමාජ දේශපාලනික හෝ පෞද්ගලික හේතුවක් නිසා පරදින බව දන්නා නමුත් තමන් තෝරාගත් අපේක්ෂකයාව අත් හල නොහැකිමනම් ප්‍රමුඛතම අපේක්ෂකයින් දෙදෙනා අතරින් අකමැතිම අපේක්ෂකයා පැරදවීමට තම වටිනා දෙවැනි මනාපය , ටිකක් හරි කැමති අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා පාවිච්චි කිරීම.

 

ඡන්දය සළකුණු කරන කොටුවල තම කැමැත්තේ අනුපිළිවෙල අංක 01 , 02 , 03 යෙදීමෙන් සටහන් කළහැකිබවද මෙහිලා මතක් කළ යුතුය.

 

@කරුණාදාස සිරිමාන්න

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි