SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (15) සමගි ජන සන්දානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ  ඊ පාස්පෝට් හදන මුවාවෙන්, වංචාවක් කරන්න ගොස්  අද වනවිට  පාස්පෝට් හිඟයක් හදා  දරුවන්ව පෝලිම්වල තබා ඇත්තේ  පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම බවයි.

 

 

එසේම අද දේශබන්දු මහත්තයා පොලිසියේ නැති නිසා දැන් පාරේ වෙඩි තැබිලි ඉබේම නැවතී ඇති බවත්, මේවා පිටිපස්සෙ  හිටියේ කව්ද  කියලා දැන් අනාවරණය වන බවත් ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ  පොලිස් ඇමති ටිරාන් අලස්  විසි එක් වෙනිදා ගිය විට  රටේ  ඉබේම සාමය ඇති වන බවත් ඔහු පවසයි.

 

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ පාඨලී දුන් පිළිතුරු..

 

 

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය. දැන් ඔබතුමාලා අභියෝගයක් වෙලා ද තියෙන්නේ?

 

පිළිතුර:

අපට ලොකු අභියෝගයක් නෙවෙයි. නමුත් මේ රටේ ජනතාවට අභියෝගයක්. මේ වගේ අතීතයේ ලේ වැකුණු ඉතිහාසයක් තියෙන, (මේ රටේ මාක්ස්වාදීන් ඉඳලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීන්. අපි දන්නවා ඇන් ඇම්. පෙරේරා,  ඇස් ඒ වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න මහත්තයලා ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී.

 

නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙවතාවක් රාජ්‍ය බලය අවි ආයුධ බලයෙන් අත්පත් කර ගැනීමට ගිය පිරිසක්. ඒ නිසා මොවුන් මේ දාගෙන තියෙන මේ ප්‍රජාතාන්ත්‍රික ඔලුබක්කා ව හෙළිදරව් කිරීම අපේ වගකීමක්.

 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ‘පුළුවන් ශ්‍රී ලංකා’ නෙ. ඇත්තටම එතුමා මොකද කළේ?

 

පිළිතුර:

එතුමා නැති බැරි ශ්‍රී ලංකාව හදපු එක තමයි කළේ. මේ බංකොලොත් භාවයේ වගඋත්තරකරුවන් රැක ගනිමින් බංකොලොත් භාවයට කිසිසේත් ම අදාළ නැති, එයට දායක වෙච්ච නැති, ඡන්දය දීමෙන් පමණක් දායක වෙච්ච, මේ රටේ අසරණ ජනතාව පෙළපු එක නේ කළේ. ඉන්ධන වලට ගැහුවා දඩ, දැවැන්ත බදු. විදුලි බිලට ගැහුවා දැවැන්ත බදු. රු. 195 යි පෙට්‍රල් ගෙන්නන්නේ, විකුණන්නේ 332 යි. රනිල්ගේ බදු. 201 යි ඩීසල් ගෙන්නන්නේ. විකුණන්නේ 307 යි. රනිල්ගේ බදු. පළවෙනි මාස අටේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය. ඒ කියන්නේ වියදමට වඩා ලාභය සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙ ම රු. 20,000ක් අමතර වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගෙන තියෙනවා. රනිල්ගේ බදු විදුලි බිලට. ජල බිලට බදු. සියලු ම රාජ්‍ය ආයතන මේ වෙනකොට කෝටි 40,000කට වඩා මේ අධික ගාස්තු අය කිරීම නිසා ලාභ උපයලා තියෙනවා. මේ රටට ගෙන්වන හැම කිරිපිටි කිලෝවකටම 20% ක් නැත්නම් රු. 225 ක බද්දක්. ඒ වගේ ම මේ රටට ගෙන්වන සෑම සීනි කිලෝවකටම රු. 50 ක බද්දක් මෙරටට ගෙන්වන සෑම ළූණු කිලෝවකටම රු. 50 ක බද්දක්. හැම එකකටම අධික බදු ගහලා. මේ රටේ ජනතාව නැති බැරි ශ්‍රී ලංකාවක් කරලා තියෙන්නේ.

 

හැබැයි එතුමගේ ඉන්නවා පුළුවන් ශ්‍රී ලංකාවක්.

පුළුවන් ශ්‍රී ලංකාව කවුද?

 

අර ඊ වීසා වංචාවෙන් මේ වෙනකොට කෝටි 320ක් හොයලා තියෙන්නේ ආතක් පාතක් නැති පෙට්ටි කඩයක්, අයි වී එස්, ජී බී එස් කියලා ඩුබායි වල අන්න රනිල්ගේ පුළුවන් ශ්‍රී ලංකාව.

රටට සංක්‍රමණික, විගමනික ශ්‍රමිකයන් හරහා වාහන ගෙන්වන මුවා කෝටි ගාණක් වංචා කරලා තියෙන්නේ. ඒකේ විගණකාධිපතිගේ නිල වාර්තාව ළඟදි ම එයි. අන්න පුළුවන් ශ් රී ලංකා කණ්ඩායමට.

ඊ පාස්පෝට් හදන මුවාවෙන්, වංචාවක් කරන්න ගිහිල්ලා අද වෙනකොට පාස්පෝට් හිඟයක් හදලා අපේ දරුවන්ව පෝලිම්වල තියලා තියෙන්නේ අන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම.

අපි දන්නවා කොයිතරම් මත්පැන් බලපත්‍ර නිකුත් කළාද කියලා. මත්පැන් වල වර්ධනයක් නැහැ කිය කියම සුරාබදු දෙපාර්තමේන්තුව අලුත් මත්පැන් බලපත්‍ර දෙනවා. අපි තමයි කැසිනෝ වලින් ඒ බදු අය කර ගැනීමට නියෝග දුන්නේ පාර්ලිමේන්තු කමිටුවේ එතකොට කැසිනෝ අවුරුදු විසි අටක් එක ගෙව්වේ නෑ ඒ බදු අය කර ගන්න අපි තමයි ගිය අවුරුද්දේ ජූනි මාසේ වැඩ කළේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි එතකොට අන්න ඒ ගොල්ලන්ගේ ඒකට ගේනවා කිව්වා නියාමන පනතක් නියාමන අධිකාරියක් මුදල් විශුද්ධි කරණය නැවැත්වීම සඳහා වැඩ කරනවයි කියලා අපට පොරොන්දු වුණා. ඒ නියාමන පනත ගෙන හැබැයි අපිට දැන් ආරංචි වෙනවා අත යටින් යන්න ඉස්සෙල්ලා තවත් කැසිනෝ බලපත්‍ර දෙකක් ලබා දීලා තියෙනවා කියලා. අන්න පුළුවන් ශ්‍රී ලංකා කට්ටිය.

 

ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් අනුමත කරලා තියෙනවා. විගමනික ශ්‍රමිකයන් සියලු දෙනාගෙන් ම ඩිජිටල්කරණයට මුවා වෙලා තවත් ඩොලර් සීයක් එකතු කර ගන්න යන වග. සුරාබදු වංචා කරපු පිරිස්, බැංකුවලට පොලු තියපු පිරිස් ආරක්ෂා කරපු හැටි රනිල් වික්‍රමසිංහ. එයා පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ.

 

 

මං බොහොම පැහැදිලිව මේ රටේ නිලධාරීන්ට කියනවා, රාජ්‍ය නිලධාරීන්ට ආගමන විගමන පාලක ගෙන් ඉගෙන ගන්න දඩබ්බර, උද්දච්ච, තක්කඩි, ඇමතිලා නීතිය නො තකා ක්‍රියා කළාට අවසාන වශයෙන් වග වෙන්න වෙන්නේ ඔබට යි. ඒ වගේ ම නීතිය ඉක්මවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ඉක්මවා ක්‍රියා කරන ජනාධිපතිවරයාටත් අනාගතයේ මේ වට වග වෙන්න වෙයි. වැඩිය ඕනේ නැහැ දේශබන්දු මහත්තයා දැන් නැහැ නේ පොලිසියේ. දැන් පාරේ වෙඩි තැබිලි ඉබේම නැවතිලා නේද? පාරේ වෙඩි තැබිලි ඉබේම නැවතිලා දේශබන්දු නැති වෙච්ච හැටියේ එකෙන්. කවුද මේවා පිටිපස්ස හිටියේ කියලා අපිට දැන් පේනවා. ඒක නිසා මතක තියා ගන්න, රනිලුයි, මේ පොලිස් ඇමතියි, මේ කට්ටිය විසි එක් වෙනිදා ගියා ම, රට ඉබේම සාමය ඇති වෙයි.

 

 

මේ රටේ හොඳ පොලිස් දෙපාර්තමේන්තුවක් ඉන්නවා. දක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට මේ අපරාධ මර්දනය පුළුවන්. හැබැයි අපරාධකාරයෝ මුල් පිටුවල වාඩි උනා ම. බෙදුම්වාදී ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කරපු අය මුල් පුටුවල වාඩි උනා ම වෙන දේ ඕක තමයි. ඒක නිසා රනිල්ගේ පුළුවන් ශ්‍රී ලංකාව අර කට්ටිය, නැති බැරි ශ්‍රී ලංකාව ලබන 21 වෙනිදට, එතුමා ගෙදර යවනවා හතරවෙනියා හැටියට.

 

 

දැන් ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයක් පතුරමින් යනවා රට පුරා ම. ඔබතුමා ඒක දකින්නේ කොහොමද?

 

පිළිතුර:

ජනතා විමුක්ති පෙරමුණේ ඉතින් ස්වභාවය ඒකනේ. මෙන්න මේකේ කියලා තියෙන්නේ ස්වභාවය ඒකනේ. ඒකනේ මේ ඔළු බක්කා පලාගෙන දැන් පරණ රතු පාතාලය මතුවෙනවා. මේ වීර චරිත වලට 20 වන සියවසේ වීර චරිත වලට ජනතා විමුක්ති පෙරමුණේ තව කීප දෙනෙක් ඉන්නවා එකතු කරන්න. පළවෙනියා තමයි සමන් පියසිරි ෆර්නෑන්ඩු නොහොත් කොට සමන්. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නායක. ඒ වගේම ඒ ඝාතන කල්ලි මෙහෙයවපු ආගිරීස් කොස්තා, රාගම සෝමේ, ලයනල් රණසිංහ, කළුතර ටාසන්. එහෙම ලැයිස්තුවක් ඉන්නවා ඒගොල්ලන්ගේ ඔය ඝාතන ක්‍රියාවලියෙ. ඒ ලැයිස්තුව ටිල්වින් සිල්වා හොඳට දන්නවා ඔක්කොමලා කළුතර. ටිල්වින් හොඳට දන්න කට්ටිය ඕගොල්ලෝ. ඒ ලැයිස්තුව අනාගතයේ එයි. වීරවරයින්ගේ ලැයිස්තුවට. රාගම සෝමෙගේ, ආගිරීස් කොස්තාගේ ඒ ඝාතක ලැයිස්තු වල අංකුර තමයි අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔය නටන්නේ. ඕක මේ රටේ අවුරුදු හැටක් විශ්වවිද්‍යාල කරන්න දුන්නේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න දුන්නේ නැහැ. දරුවන්ට ඉගෙන ගන්න දුන්නේ නැහැ.

 

 

අපි දන්නවා ඒ දුක. නවක වදය පවත්ව ගෙන තමන්ගෙ දේශපාලනය ගෙනියපු හැටි. අපි තමයි මොරටු විශ්වවිද්‍යාලයේ නවක වදය නැවැත්තුවේ. ජනතා විමුක්ති පෙරමුණට බලය තිබිච්ච කිසි තැනක ඔවුන් නවක වදය නැවැත්තුවේ නැහැ. ඒ වගේ ම එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා දරුවෝ දැක්කුවා. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අද මේකෙන් මොකද කියලා තියෙන්නේ? පුද්ගලික අධ්‍යාපනයට නියාමනයක් කරනවා කියලා තියෙනවා. ඕක අවුරුදු හතළිහකට කලින් කිව්වා නම්, ත්‍රීමා විතාන ජීවතුන් අතර, නිෂ්මි ජීවතුන් අතර, නිමල් බාලසූරිය ජීවතුන් අතර, වෙනුර එදිරිසිංහ ජීවතුන් අතර, සරත් කොල්ලුරේ ජීවතුන් අතර, මේ ඔක්කොම හොඳ ඉංජිනේරුවෝ හොඳ වෛද්‍යවරු හැටියට රටට සේවය කරනවා නේද?

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි