SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන සන්දානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහයෝගය පළකිරීම සඳහා පසුගියදා මාතර උයන්වත්තේ ජන රැළියක් අමතමින්  

එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ  වෛද්‍ය අජිත් අමරසිංහ ප්‍රකාශ කලේ ජාතික ජන බලවේගය කියමින්  මේ ඉදිරියට එන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයක් බවත්, එය ලංකාවේ වමේ ව්‍යාපාරයට පහර දුන් බලවේගයක් බවත් දරුවන්ට අවබෝධ කරවිය යුතු බවය.

 

 

“මාතර කියන්නේ වමේ අදහස් තියෙන බහුතර ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක් කියලා හැමෝම කියනවා. එදා 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට මොරවක ආසනයෙන් පත්වුණු දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතාගේ ආභාෂයෙන් මේ දිස්ත්‍රික්කයේ සමාජවාදී අදහස් පැතිරුනා. එතුමාගේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එදා සිට මේ දිස්ත්‍රික්කයේ තමන්ට  ප්‍රතිවිරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂ සමග ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගැටෙමින් දේශපාලනය කළා. මෙසේ සාමකාමී ලෙස දේශපාලනය කල වික්‍රමසිංහ මහතාගේ අනුගාමිකයන් පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.

 

 

මේ කොමියුනිස්ට් පක්ෂය 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ලංකා සමසමාජ පක්ෂයත් එක්ක එකතුවෙලා සමගි පෙරමුණ රජය පිහිටවූවා. එතකොට මාතර ආසනයේ මන්ත්‍රී බි. වයි තුඩාවේ මහතා මේ රටේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමති වුනා. එතුමා වැදගත් ගුරුවරයෙක්. මේ සමගි පෙරමුණ රජයට විරුද්ධව අවිගෙන ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගැසුවා. මාතර දිස්ත්‍රික්කය ලේ විලක් වුනා. ඊට පසුව 1987-1989 කාලයේදී නැවත අවිගෙන ජනතා විමුක්ති පෙරමුණ නැගිට්ටා. ඒ වතාවේ ඔවුන් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් දේශද්‍රෝහීන් කියලා හංවඩු ගැහුවා. ජනතා විමුක්ති පෙරමුණ, මේ දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මැරුවා. මේ භීෂණයට බියවුණු අනෙක් අය පක්ෂය හැරගියා.  තම ජිවිතයම වෘත්තීය සමිති ව්‍යාපාරයට කැපකළ කොමියුනිස්ට් පක්ෂයේ එල්. ඩබ්ලිව් පණ්ඩිත මහතාට පිහියකින් ඇන ඝාතනය කළා.

 

මේ ප්‍රදේශයේ තවමත් ජීවත්වෙන දොස්තර වික්‍රමසිංහ මහතාගේ අනුප්‍රාප්තිකයන් හොඳින් සිහියේ තබාගත යුතුයි ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් මුහුණුවර වන ජාතික ජන බලවේගයට කිසිම විදියකින් අයිතියක් නැති බව ඔවුන්ගෙන් චන්දය ඉල්ලා සිටින්න. ඔවුන් දැන් අමතකවී ගිය මේ කරුණු නැවත සිහිපත් කරගත යුතුයි . ඔවුන් තමන්ගේ දරුවන්ට, මුණුබුරන්ට කියලා දෙන්න ජාතික ජන බලවේගය කියලා මේ ඉදිරියට එන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයක්, ලංකාවේ වමේ ව්‍යාපාරයට පහර දුන් බලවේගයක් කියලා”.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි