SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාහන ආනයනය කරනවා, පඩි වැඩි කරනවා, බදු අඩු කරනවා කියනවා නේද නත්තල් සීයා වගේ?

 

ඔව්. ඒකෙන් පෙනෙන්නේ ඔවුන් මෙතෙක් ගෙන ගිය ආර්ථික ක්‍රියාවලිය වැරදි බව රනිල් සහ පුත්තු පිළිගන්නා බවයි. සති දෙක තුනකට කලින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළොත් VAT බදු වැඩි කරන්න වෙනවා කිව්ව ආණ්ඩුව දැන් හැසිරෙන හැටි විහිළුවක් නේද? ජනතාව මෝඩයන් කියලා හිතලා රවට්ටන්න හදනවා.

 

 

❓ඉතින් ඕවා ඇත්තටම කරන්න පුළුවන්ද?

 

✅ මෙච්චර කල් කළේ IMF එක පිට දාලා ජනතාව රවට්ටලා, බෙල්ල ළඟට හිර කරලා, කට වහලා, රටේ සම්පත් ටික විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණන්න හදපු එක. දැන් පරදින බව දන්න නිසා අන්තිම තුරුම්පුවත් ගහලා බලනවා. මෙච්චර කල් ගහපු බදුවලින් රටේ ආර්ථිකය වැටුණා. අන්තිමට ණය ගෙවලත් නැහැ. ආර්ථිකය දියුණු වෙලත් නැහැ.

 

 

❓ඊළඟ ආණ්ඩුවට මේ ප්‍රශ්න එක්ක වැඩිකල් යන්න පුළුවන්ද?

 

✅ සජිත් ආවොත් නම් අවුරුද්දක් යන්න කලින් විශ්වාසභංගයක් එනවා. එයා ළඟ ඉන්න හර්ෂ ද සිල්වා, පාටලී චම්පක, ඩලස් අලහප්පෙරුම එකිනෙකාටට පරස්පර ප්‍රතිපත්ති තියෙන අති පණ්ඩිත කයිවාරුකාරයන් කියලා කවුරුත් දන්නවනේ. සජිත්ගේ කණ්ඩායම තනිකර අච්චාරුවක්. කිසිම නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. අනුර කුමාර දින්නත් එච්චරයි. එයාගේ ආර්ථික ඇමති හඳුන්නෙත්ති කියන ගොන් කතා අහලා ඇතිනේ. අනුර හිතාගෙන ඉන්නේ අර අලි බබාගේ ගුහාවේ සල්ලි හොයාගත්තා වගේ හොරුන්ගේ සල්ලි හොයාගෙන රට හදන්න. එහෙම හොරා කාපු සල්ලියක් නැති බව එයාගෙම FCID එකෙන් ඔප්පු කළානේ. ඊට එහා වැඩපිළිවෙළක් අනුරටත් නැහැ. ඕක කරගන්න බැරි වුණාම අනුර කරන්නේ මර්දනය. එතකොට ඉතින් තව අවුරුදු පනහකට රට ඉවරයි. රනිල් අටවලා තියෙන උගුලෙන් සජිත් සහ අනුර දෙන්නටම බේරෙන්න බැහැ.

 

 

❓එතකොට කාටද පුළුවන් මේක කරන්න?

 

✅ නාමල්ට විතරයි මේ උගුලෙන් රට බේරගන්න පුළුවන්. එයා විතරයි මේ පාර ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එයා ඔය බොරු පොරොන්දු එකක්වත් දීලා නැහැ. කරන්න පුළුවන් දේ අනුව රට සංවර්ධනය කරන හැටි පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. එයාට තියෙනවා මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ක්‍රියාවලියේ අත්දැකීම්. ඒ වගේම ගෝඨාභය යුගයේ අත්දැකීම් තියෙනවා. නාමල් තරුණයෙක් නිසා මේ ප්‍රශ්න දිහා අලුත් ඇහැකින් බලනවා. අනික නාමල් පිටුපසින් ඉන්නවා අලුත් උගත් තරුණ කණ්ඩායමක්. බලන්න ඔවුන් හදලා තියෙන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ කොච්චර අලුත් සහ නවීනද කියලා. ඔවුන් අර අය වගේ බොරු ෂෝ නැහැ. නාමල් පිටිපස්සේ ඉඳන් වැඩේ කරනවා. නාමල්ට විතරයි මේක කරන්න පුළුවන්.

 

 

❓ඉතින් නාමල්ට ඡන්දය දෙයිද මිනිස්සු?

 

✅ඇයි නැත්තේ? ඊයේ නුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ටික දැක්කේ නැද්ද? නුවර කියන්නේ පොහොට්ටුවට තරමක් අවාසිදායක පැත්තක්. අනික මහින්දානන්ද, දිලුම් අමුණුගම, රත්වත්තේ තුන් දෙනාම අපිට විරුද්ධව ඉන්නේ. එහෙම වෙලත් බලන්න නාමල්ට සහාය දෙන්න ආව සෙනග ගොඩ. ඒකෙන් පෙනෙන්නේ පොහොට්ටුවේ නිහඬ පාක්ෂිකයා නාමල්ට ඡන්දය දෙනවා කියන ඒකනේ. ඕනෑම සාමාන්‍ය දැනුමක් තියෙන මනුස්සයෙකුට තේරෙනවා මේ වෙලාවේ රටේ නායකත්වයට නියම සුදුස්සා නාමල් කියලා.

 

@එරන්ද ගිනිගේ ගේ ගිනිහුළ පිටුවෙන්...

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි