SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 1973 වසරේදී තම ජීවිතයේ දෙවන දර්ශකය ගෙවමින් සිටියදී රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට පිවිසුණි.

ඒ ජේ ආර් ජයවර්ධනගේ නැගෙනහිර කොළඹට ආගමනයෙන් හිස් වූ කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ය.

 

 

එදා ඇරඹි ඔහුගේ දේශපාලන ගමන සුවපහසු ගමනක් නොවීය. එම වසර 52 තුළ ශ්‍රී ලාංකික ජනරජය ද විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් එහි අඛන්ඩභාවය රැක ගනිමින් ඉදිරියට ගමන් කොට තිබේ.

 

 

ශ්‍රී ලාංකික ජනරජය මුහුණ දුන් සියලුම දුක් දෝමනස්සයන් අවිනිශ්චිතතාවයන් ජය පරාජයන් දෑසින් දුටු සාක්ෂිකරුවකු ලෙස එසේම එම ජය පරාජයන් දුක් දෝමනස්සයන් තම ජීවිතය තුළටම කැන්දාගෙන ජනරජය සමගම තම ජීවිතය ගෙවා දැමූ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස රනිල් වියපත් විය. රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ ජීවිතය ජනරජය වෙනුවෙන්ම කැප කළ නායකයෙකු විය.

 

 

වසර පනස් දෙකක දේශපාලන ජීවිතයේ රනිල් වික්‍රමසිංහ මුහුණ දෙන අවසන් මැතිවරණය වන්නේ මෙම ජනාධිපතිවරණයයි.

 

 

රනිල් වික්‍රමසිංහ අවසානයේ ලිස්සන ගස මුදුනට ළඟා වී තිබේ. ශ්‍රී ලංකා ජනරජයට ද මෙම මැතිවරණය තීරණාත්මකය. අප මේ මොහොතේ සිටින්නේ ඉතා ගැඹුරු සමාජ දේශපාලන ආර්ථික අර්බුදයක ගිලීය. නැවත ගොඩ එමින් සිටිතැයි කිව හැකිය.

 

එසේම ලංකාවේ සමාජය අරාජිකවාදයේ අඳුරු සෙවණැලි වලින් වසා පැතිරී තිබේ. රාජ්‍යයේ ශක්තිමත් යකඩ දෑත් ලිහිල් වනතුරු අරාජිකවාදී යක්ෂයා රට බිලිගැනීමට බලා සිටියි. මේ වන විට අප කලාපයේ බංග්ලාදේශයත් පකිස්ථානයත් ඇෆ්ඝනිස්ථානයත් නුදුරේදීම මාලදිවයිනත් මෙම අරාජිකවාදී ග්‍රහණයෙන් පීඩාවට පත් වී ඉමක් කොනක් නොපෙනෙන ගැඹුරු ආගාධයක ගිලිමෙන් පවතී.

 

 

මෙවන් තීරණාත්මක අවස්ථාවක ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අරාජිකවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමේ විභාත්මක හැකියාව සහිත එකම නායකයා වෙයි.

 

 

එම නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට නැවතත් ප්‍රතිසංවිධානය වෙමින් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින රට මෙන්ම ජනරජයේ අඛණ්ඩතාවය රැකගැනීම සඳහා තමන්ගේ පෞද්ගලික ඡන්දය භාවිතා කළ යුතු වෙයි. එය තමන් වෙනුවෙන් මෙන්ම තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් භාවිතා කරන ඡන්දයක් වේ.

 

 

අවසානයේ කිව හැක්කේ ශ්‍රී ලංකාවේ ජනරජය මෙන් සියලු බාධක දුක් දොම්නස්සයන් ජය පරාජයන් උපේක්ෂාවෙන් අපේක්ෂාවෙන් අතික්‍රමණය කරමින් රනිල් වික්‍රමසිංහ ලිස්සන ගසේ මුදුනට ළඟා වී තිබේ.

 

 

ස්තූතියි.

 

@තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි-

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි