SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සී සී කඩ විසිරුණු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ – නැතිවැ


හුදකලාවේ තනිවී සිටියම සිහින ආකරේක වැටුණා වාගෙයි – නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට


ගිනියම් ඉර – සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ
අපි කවුරුද
ගීයකී ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

 

 

මේ ගීතය ශ්‍රවණය නොකළ, ගීත ශ්‍රාවකයකු සිටිය නොහැකි තරමටම එය අතිශයින්ම සංගීත ලොව කැළඹු ජනප්‍රිය ගීතයක් වූවා පමණක් නොව, සමහර සංගීත කණ්ඩායම් සමාජගතවීමටද මෙම ගීතය ආශිර්වාදාත්මක විය. එවන් ජනප්‍රිය ගීත ගොන්නක් ගීත ශ්‍රාවක රසික සමූහයට තිළිණ කළ සේනක බටගොඩ ගායන ශිල්පියා පසුගිය 11 වැනිදා දිවි සැරිය නිමා කළේය.

 

 

සේනක බටගොඩ ළමා අවදියේ සිටම සංගීතයට ලැදි බවක් දුටු ඔහුගේ දෙමව්පියන් ඒ මග යන්නට ඔහුට ඉඩ හසර ලබාදුනි. ඔහු මුලින්ම වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ බෙර වාදනයටය. තාරුණ්‍යයට එළැඹීමත් සමගම ගායනයට හා ගිටාර් වාදනයට ඇති හැකියාව ප්‍රගුණ කරමින්, ගී තනු නිර්මාණයට සහ ගී පද රචනය දක්වා ඔහුගේ හැකියාවන් ඔහු විසින්ම පුළුල් කර ගන්නා ලදී. ඒ අනුව කන්ටි්‍ර රොක්, රෙගේ, පොප් , රොක් වැනි සංගීත ප්‍රභේද රැසක් ගවේෂණය කරමින් ඒ සියල්ල සාර්ථක කරගැනීමට ඔහු සමත් විය.

 

 

අපේ ජීවිත වෙනුවෙන්ම ගී ගැයු ඔහු පැමිණි ගමන් මග , කලාත්මක හා නිර්මාණාත්මක නිර්මාණ බිහිකිරීමට ඇති හැකියාව හා කැපකිරීම පිළිබඳව හොඳම සාක්ෂියයි. ඔහුගේ අපූර්ව ජන ආභාෂය, බහුශ්‍රැත ගායන ශෛලිය, විවිධ ශානරයන්හි දක්වන ලද ප්‍රවීණත්වය ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් විය. එය ඔහුටම ආවේණික වූ සංගීත රිද්මයක් ද විය. සැනසෙන්නම් මා, අනන්තයට යනවාමයි, හීනවලට පණක්, අපි සැනසිල්ලේ, අපි කවුරුද, සැනසුම, බිඳ ගෙන යමු, අළුයට ගිනි, ජීවිතයේ මල් වරුසාවක්, හොඳම දේ රස්තා යනු ඔහු ගායනා කළ ගීත අතුරින් කිහිපයකි.

 

 

පසු කලෙක විවිධ දෙස්- විදෙස් සංගීත කණ්ඩායම් රැසක් සමග එක්වෙමින් ගායකයෙකු හා ගිටාර් වාදකයකු ලෙස දිගු ගමණක් පැමිණි ඔහු,Venom,Exodus හා 20th වැනි විදේශ සංගීත කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම තුළින් ඔහුගේ රෙගේ, රොක්, පොප් ගායන ශෛලීන් වඩාත් ඔපවත් විය. ඔහුටම ආවේණික ලීඩ්, බේස්, රිදම් ගිටාර් වාදනය අතිශයින්ම ඔහුව ජනප්‍රියත්වයේ ඉහළටම ඔසවා තැබීමට සමත් විය. සිය වෘත්තීය දිවිය පුරාවටම සංගීතය කෙරෙහිම ඇලී ගැලී සිටි ඔහු ගීත රචනයට, තනු නිර්මාණයට හා සංගීත සංයෝජනයට අති දක්ෂයකු වූ ඔහුගේ එකම අභිලාෂය වූයේ සරළ නැවුම් හා වෙනස් සංගීත නිර්මාණ බිහිකිරීමයි. ඒ අනුව 1994 වර්ෂයේදී ඔහුගේ ගීත ඇතුළත් ප්‍රථම කැසට් පටය ”‍ කන්ට්‍රි රොක් ”‍ නමින් වෙළෙඳ පොළට නිකුත් විය. ඒ අවදියේදීම “කුවේණි” නමින් ප්‍රසංග මාලාවක්ද ඔහු විසින් ඉදිරිපත් කළ අතර, එය තරුණ පරපුර අතර දැඩි කතාබහට ලක්වූ ප්‍රසංගයක් ද විය.

 

චිත්‍රපටයක් වෙනුවෙන් ගැයූ ප්‍රථම සහ එකම ගීතය ”‍ සිනේමා ”‍ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළේ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ පද රචනයකට අනුව දර්ශන රුවන් දිසානායකගේ සංගීත නිර්මාණයක් වෙනුවෙනි. 1958 වසරේ ජූනි මස 25 වන දින උපත ලද සේනක බටගොඩ ගායන ශිල්පියා මෙම සැප්තැම්බර් 11 වන දින මිය යන විට 66 වැනි වියේ පසුවිය. ෂෙරීනා බටගොඩ නමින් ඔහුට එක් දියණියක් සිටී. මෙවන් කුසලතා රැසකින් පරිපූර්ණ වූ නිර්මාණවේදීයකු යළි සංගීත ලොව හමුවේවිදැයි ඇත්තේ සැකයකි. ඔහු පැතු ලොව ඔහුට හිමිවේවා යැයි දිවයින සිනමාකලා සංග්‍රහයේ අපද ප්‍රාර්ථනා කරමු.

 

 

@ඇන්ටන් ජේ ප්‍රනාන්දු

divaina

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි