SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! ජන හමු මාලාව යටතේ

පසුගියදා(11) සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාඨලී චම්පික රණවක ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ විසින් පැවැත්වූ  විශේෂ සමුළුව නුගේගොඩ දී පැවැත්විනි.

 

 nuge relly 2

 

 

එහිදී අදහස් දැක්වූ ජනරජ පෙරමුණේ  සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ..

 

 

“මම අද මෙතෙන්ට ආවේ සති දෙකක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයේ සමගි ජන සන්ධානයේත්, එහි නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත්, ජයග්‍රහණය වෙනුවෙන්, දේශපාලන ක්‍රියාවල නිරත වෙලා. මෙහෙ තියෙන කතාව මොකක්ද? දකුණ නම් තියෙනවා මාලිමාවට විශාල රැල්ලක් කියලා.

 

 

මම අද කියනවා වගකීමෙන් යුතුව එහෙම රැල්ලක් නෑ. බය වෙන්න එපා. නගරබදව කෑගහන සුළු පිරිසක් ඉන්නවා. මේ එක ගත්තා ම එකේ සමාජ මාධ්‍යවල කෑගහන සුළු පිරිසක් ඉන්නවා. එය පරුෂ වචන කියනවා. කෑගහනවා. කලබලයක් කරනවා. නමුත් ගමට ගියා ම කුඩා නගර වලට ගියා ම එහෙම රැල්ලක් නෑ.

 

 

nuge relly 3

 

 

අද වෙන කොට මාතර දිස්ත්‍රික්කයේ මේ අයට කුඩා ජනහමු පවත්වන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අද වෙන කොට ඒ අයට මාතර දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට යන කොට ඒ ගම් වලින් පිරිස් හොයා ගන්න බැරුවයි ඉන්නේ. එසේ යන පිරිස් අතර ඉන්නවා. ගමේ එක්කෙනෙක්, දෙන්නෙක් සහ නො හඳුනන විශාල පිරිසක් එහේ රැල්ලක් නෑ. නගරබදව ඉන්න සමහර උගත් මෝඩයින්, මං කියන්නේ නෑ. හැමෝම උගත් මෝඩයෝ කියලා.

 

 

 

උගත් මෝඩයොන්ට වඩා ගමේ ඉන්න සාමාන්‍ය ජනතාව ඒ වගේ ම නගරයේ ඉන්න සාමාන්‍ය ජනතාව, බුද්ධිමත්. මේ අය වටහා ගෙන තියෙනවා අද ලංකාවේ තියෙනවා භයානක උවදුරු දෙකක්. එක උවදුරක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ඒ දක්ෂිණාංශය නියෝජනය කරන ඒකාධිපති බලවේගය. අනිත් උවදුර තමයි අනුර කුමාර දිසානායක මැතිතුමා සහ මාලිමාව නියෝජනය කරන වාමාංශික ඒකාධිපතිත්වය කියලා. මේකට විරුද්ධව එන ලංකාවේ මහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය, ඒ මහා ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් ධාරාව ඉන්නේ අද සමගි ජන සන්ධානයත් එක්ක කියලා ඒ අය තේරුම් අර ගෙන තියෙනවා. අන්න ඒ බලවේගය දිනීම සඳහා අද රටේ සාමාන්‍ය ජනතාව වැඩ කරනවා. ඒක නිසා ඔය කියන රැලි නැහැ.

 

 

 

මේ රටේ සාමාන්‍ය ජනතාව සැම විටම කරන්නේ ඒගොල්ලොන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු. දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වෙලා ඉන්නේ ඉතාමත් ම සුළු පිරිසයි. මෙන්න මේ සුළු පිරිස පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත විශාල කලබලයක් කරලා කිව්වා අපි රැල්ලක් හැදුවා කියලා. නමුත් ඒ රැල්ලට එරෙහිව අද ජනතාව මාසයක් දෙකක් විතර කාලය ඇතුළත නැගිටලා තියෙනවා. නැගිටලා මේ රැල්ල පරාජය කරන්න ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නවා. මෙතන ඇවිල්ලා ඉන්න මේ මහා ජනකාය එකතු වෙලා ඒ භයානක රැළි දෙක පැරැද්දීම සඳහායි.

 

 

 

එක අතකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබට බදු බර පටවලා, ජීවන බර පටවලා, භාණ්ඩවල මිල වැඩි කරලා, මේ රටේ ඇත්ත වශයෙන් ම ධනය සූරා කාපු, ධනය කොල්ල කාපු අයට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව, අධිකරණය ඒ තීන්දු වලට විරුද්ධව ක්‍රියාත්මක වෙමින්, පාර්ලිමේන්තුව තුට්ටුවකට සලකන්නෙ නැති වෙමින්, දක්ෂිණාංශික ඒකාධිපතිවාදයක් කරා යනවා. අනිත් පැත්තෙන්, මාලිමාව ප්‍රමුඛ එහි නායකයා වන අනුර කුමාර දිසානායක මහතා වාමාංශික ඒකාධිපතිත්වයක් කරා යනවා.

 

 

ajith

 

 

දැන් මේ අය කියනවා වසර 76 ක් තිස්සේ ලංකාවට ශාපයක් ඇති වුණා කියලා. මෙතන හිටිය අපේ කිතලගම නායක හාමුදුරුවෝ. උන්වහන්සේ දන්නවා මීට වසර 76 කට ඉස්සෙල්ලා මාතර දිස්ත්‍රික්කයේ ඒ ගම් නියම්ගම් විතරක් නෙවෙයි. ලංකාවේ කුඩා නගර, දුෂ්කර ගම්මාන මොන ආකාරයෙන් ද තිබුණේ කියලා. ඒවට අවශ්‍ය යටිතල පහසුකම්, ගොවි ජනපද ව්‍යාපාර, මහාමාර්ග විදුලි බලය, පාසල්, අධ්‍යාපනය මේ සියල්ල ම දියුණු වුණේ මේ වසර 76 ඇතුළත. මේ වසර 76 ඇතුළත දියුණු වෙච්ච ලංකාව සාපයක් කියලා කියන්නේ ඇයි මේගොල්ලෝ? වෙන මොකක්වත් නෙවෙයි මේ වසර 76 ඇතුළත ලංකාවේ තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය. ලංකාවේ තිබුණා අවුරුදු පහෙන් පහට මැතිවරණ. මෙන්න මේ මැතිවරණ ක්‍රමය, මේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ වියරු වැටිලා ඉන්න, වාමාංශික, ඒකාධිපතිත්වයක් සඳහා ලංකාව ගෙනියන්න හදන මාලිමා පිරිස දකින්නේ සාපයක් හැටියට. ඒක ඒගොල්ලොන්ට ශාපයක්. නමුත් අපට ඒක ආශීර්වාදයක්. මෙන්න මේ ආශීර්වාදය පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත සහ ඊට පෙර වසර දහයක විතර කාලය තුල රාජපක්ෂවාදීන් විසින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අය විසින් දූෂණය, කොල්ලකෑම, මේ රටින් ධනය එළියට ගෙන යෑම ඒ වගේ ම දේවල් වලට වියදම් කිරීම වැනි දේවල් නිසා ජන ජීවිතය අඩාල වෙන අයුරින් ආර්ථිකය වැට්ටුවා. ඒ ආර්ථිකය වැට්ටවීම නිසා අද ඔබ දුකට පත්වෙලා තියෙනවා. දැන් මේ දුකින් මුදවගන්න මොකක්ද කරන්න ඕනේ? අන්න ඒ කරන්න ඕන දේ.

 

 

 

එක්සත් ජනරජ පෙරමුණ හැටියට අපි පෙබරවාරි 14 වෙනිදා දේශය වෙනුවෙන් එක්වන වැඩපිළිවෙළක් කියලා ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශනය අර ගෙන අපි විවිධ දේශපාලන පක්ෂ වලට ගියා. අද මේ ජන දුක නිවන්න කියලා ඉන්න ජාතික ජන බලවේගය සූදානම් වුණේ නැහැ. අඩු ම ගානේ ඒ ප්‍රකාශනයේ තියෙන දේවල් ගැන කතා කරන්න වත් හිතක්, පපුවක් තියෙන නායකයන් ඉන්න පක්ෂයකට පුළුවන් ද එහෙම ලියවිල්ලක් ගැන කතා නො කර ඉන්න? මේගොල්ලෝ එන්නේ ඔයගොල්ලොන්ගේ ජන දුක නිවන්න නෙවෙයි. ඒක කරන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගය සූදානම් වුනා. ඒ ගැන අප සමඟ සාකච්ඡා කරන්න විතරක් නෙවෙයි එක්සත් ජනරජ පෙරමුණ විසින් එළිදක්වන ලද ඒ ප්‍රකාශනය මුළුමනින් ම පිළි අර ගෙන ජන දුක නිවීම සඳහා වැඩපිළිවෙළක් ඉතාමත් ම ඉක්මනින් ක්‍රියා කරන්න.

 

 

 

මෙන්න මේ හේතුව නිසා අප සමගි ජන බලවේගය සමග එකතු වෙලා සමගි ජන සන්ධානය කියන මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වුනා. අන්න ඒ ප්‍රවාහයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවීම සඳහා තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහායි අපි එකතු වෙලා ඉන්නේ. මේ රටේ ජනතාවගේ ජන ජීවිත ඉතා ඉක්මනින් සුඛිත මුදිත කිරීම සඳහා තමයි අපි එකතු වෙලා ඉන්නේ. මෙන්න මේ කරුණ ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ සැම එකතු වෙලා මේ මාසේ 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මහතාට ඔබගේ මනාපය, කැමැත්ත ප්‍රකාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදයත්, ආර්ථිකයත් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.”

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි