SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙවර ‘පුළුවන්”ප්‍රචාරණ පෝස්ටරය සම්බන්ධයෙන් අදහස් දක්වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරුණාරත්න පරණවිතාන ජනාධිපතිවරයාට පුළුවන් මොනවාද යන්න ගැන කියා ඇත.

 

 

ඒ අනුව  ඔහුට ජනතාව  බදු බරින්, ණය බරින්, ජීවන බරින්, ජනතාවගේ බෙල්ල හිර කරන්න ‘පුළුවන්’ බවත්, ජනාධිපති පුටුවේ ඉඳ ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කරන්න ‘පුළුවන්’ බවත්, මානව හිමිකම් කඩන්න,  මුළු රට ම එපා කරපු, රටට ම එපා වෙච්ච ඒ කෑදර දේශපාලකයන්ගේ කපටි ආරක්ෂකයා වෙන්න පුළුවන් බවත් කරු පරණවිතාන කියයි.

 

 

“ මානවම්ම රජතුමා ගැන කතා කරන්න පුළුවන්. ‘පුළුවන්’ කියලා පෝස්ටර් ගහන්න පුළුවන්. නමුත් මේ ගම් රටවල් වල දේශපාලනය කරලා අපි ඇවිදලා බලන කොට පෙනෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනය මේ ජනාධිපතිවරණයෙන් අවසන් වෙනවා”.

 

ඔහු මේ අදහස් දැක්වූයේ ඊයේ (11) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ විශේෂ සමුළුවේ දී ය.

 

WhatsApp Image 2024 09 11 at 16.41.27

 

“අද මේ නුගේගොඩ භූමියේ පවත්වන මේ එක්සත් ජනරජ පෙරමුණේ මේ සමුළු රැළිය මහා ඓතිහාසික ගමනක ආරම්භය සටහන් කරන සමුළුවක්. මේ රට බිහි කරපු විශිෂ්ට ජාතික නායකයෙකු වන පාඨලී චම්පික රණවක මැතිතුමා සහ එතුමාගේ පක්ෂය අපි සියලු දෙනා ම තීන්දු කළා මේ රටේ ඉරණම විසඳෙන මේ එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දීලා අපේ පක්ෂයේත් මේ වගේ සමුළු රැළියක් ප්‍රසිද්ධියේ පවත්වලා එතුමා ව මෙතනට ගෙන්නලා අපේ මහා සංඝරත්නයේ ආශිර්වාදය පක්ෂයේ ආශිර්වාදය ලබා දීලා 22 වෙනිදා එළඹෙන ජයග්‍රහණයේ ප්‍රධාන ම කොටස්කාරයා බලවේගයට බවට පත්වෙන්න අපේ පක්ෂය තීන්දු කළා. අපේ පක්ෂය මම එදා අවබෝධතා ගිවිසුම අත්සන් කර වෙලාවේ කිව්වා වගේ ම තවමත් වර්ධනීය අවධියේ පවතින පොඩි පක්ෂයක්. නමුත් මේ මහා සමුළුව දැන් පෙන්නලා දීලා තිබෙනවා. අපි අපිට බුද්ධිමය ශක්තිය තිබෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති ශක්තිය තිබෙනවා. සංවිධාන ශක්තිය තියෙනවා. මහා ජනතා ශක්තියක් මේ පක්ෂය වටා ඒකරාශී වෙනවා කියලා මේ සමුළුව දැන් පෙන්නලා දීලා හමාරයි. අපේ පක්ෂය ආවාට ගියාට තීන්දු ගන්න පක්ෂයක් නෙවෙයි. මේ පක්ෂය බිහි කරන්න කලින් ඉඳලා දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජාතික දේශපාලනයේ සලකුණු තබපු ජය සලකුණු තබපු නායකයෝ ගොඩක් ඉන්න පක්ෂයක් මේක. අපි විශාල සංවාදයක් කරලා අපේ පක්ෂය ඇතුළේ අපි තීන්දු කළා මේ ජනාධිපතිවරණයේ දී රටට සුගතියක් ඇති වෙන්න නම් රට නිමන්න නම් රටට සබුද්ධික ආරම්භයක් ලබා දෙන්න නම් මිනිස්සු වැදගත් යැයි කියන දේශපාලන පරිපාලන රටාවක් නැවත මේ රටේ හදන්න ඕන නං සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය ලැබෙන්න ඕනෙ කියලා අපි තීන්දුවක් අර ගෙන අපි ඒ වෙනුවෙන් අද මුළු රට පුරාම එක්සත් ජනරජ පෙරමුණ පෙරමුණේ ඉඳලා සටන් කරනවා.

 

 

ජනාධිපතිතුමා පෝස්ටර් එකක් ගහලා තියෙනවා ‘පුළුවන්’ කියලා. එතුමාට මොනවද පුළුවන් වෙලා තියෙන්නේ? එතුමා පුළුවන් බදු බරින්, ණය බරින්, ජීවන බරින්, ජනතාවගේ බෙල්ල හිර කරන්න. ජනාධිපති පුටුවේ ඉඳ ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න. මානව හිමිකම් කඩන්න. මුළු රට ම එපා කරපු, රටට ම එපා වෙච්ච ඒ කෑදර දේශපාලකයන්ගේ කපටි ආරක්ෂකයා වෙන්න පුළුවන්. මානවම්ම රජතුමා ගැන කතා කරන්න පුළුවන්. ‘පුළුවන්’ කියලා පෝස්ටර් ගහන්න පුළුවන්. නමුත් මේ ගම් රටවල් වල දේශපාලනය කරලා අපි ඇවිදලා බලන කොට පෙනෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනය මේ ජනාධිපතිවරණයෙන් අවසන් වෙනවා. අවාසනාවකට ඒ පස්සේ බඩ ගා ගෙන යන අයගේත් කතාව එතනින් අවසන් වෙනවා.

 

 WhatsApp Image 2024 09 11 at 16.41.29

 

 

ජනතා විමුක්ති පෙරමුණ 3% පක්ෂයේ ඉඳලා ටිකක් ලොකු පක්ෂයක් වෙලා තියෙනවා. අනුර දිසානායකට ඔහුගේ පක්ෂයේ උදවියට මොනවද කරන්න පුළුවන්? දෙකයි කරන්න පුළුවන්. එකක් තමයි වෛරය, කෝපය, සාපය ද්වේෂය අනාගත පරම්පරාවේ ඔළු දක්වා පැල කරන ඒ දුෂ්ට දේශපාලනයේ පණිවිඩය ලස්සනට ගෙන පුළුවන් කමක් තිබෙනවා.

 

 

තමන්ගේ ඉතිහාසයට මේ රටේ අධ්‍යාපනයේ, සුබසාධනයේ, රට සංවර්ධනය කරපු ඉතිහාසයට ඒ මේ රටට ලබා දීපු සියලු ම හොඳ දේවල් වලට ශාප කරන්න ඒගොල්ලො දක්ෂ වෙලා තිබෙනවා. ඒකට හොඳට ම දක්ෂයි. ඒ සාපයේ දේශපාලනය, දුෂ්ටත්වයේ දේශපාලනය මේ රටේ මිනිස්සු වැළඳ ගන්නේ නෑ. ඒවා නිකන් අර අල කොළ උඩින්, වතුර බිංදු යනවා වගේ උඩින් ම යනවා. උරා ගන්නේ නෑ ඒ දේශපාලනය. මේ රටේ සංස්කෘතිය වෙනස්. මිනිස්සු හිතන පතන විදිය වෙනස්. දුෂ්ට බලවේග වලට තාවකාලික ජයග්‍රහණ ලැබෙනවා. සතා කවුද කියලා අඳුර ගත්තට පස්සේ හෙමින් අයින් කර ගෙන යනවා. දැන් මේ රටේ ගම්බිම් වල සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. ඒ දුෂ්ට දේශපාලනයේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට කරන්න පුළුවන් දේ තමයි කවුරුත් මේ දවස්වල හැමෝම කියන කයිවාරු ගැහිල්ල. ලොකු කයිවාරුවක්. අපේ අපි මේක බලා ගෙන ඉන්න කොට අනුර හොඳට ම කයිවාරු ගහන්නේ පිටරටවල් වල ගිහිල්ලා පිට රටවල් වල ඉන්න ලාංකිකයෝ මුණ ගැහිච්ච වෙලාවල් වලට ඒ පිටරටවල් වලත් ඉන්නවා ලාංකිකයෝ ටිකක් අර හැදුණා හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනවා ඒක තමයි දියුණු ධනේශ්වර රටවල් වල ඉඳලා කොහොම හරි ගිහිල්ලා ඒ රටවල් වල පදිංචි වෙලා මේ රට සමාජවාදී කරන්න ලෑස්ති වෙන කණ්ඩායමක් ඉන්නවනේ ආන්න ඒ කට්ටිය ඉස්සරහ ගිහිල්ලා කයිවාරු ගහනවා එයා ගහපු කයිවාරුවත් මොකක්ද මේ රටේ ගෙවන්න තියෙන ණය මුදල. මහ සොච්චමක්. මං ඕක ආවා ම ගෙවලා දානවා කියලා කිව්වා. මතකයි නේද එංගලන්තෙට ගිහිල්ලා කොහෙද කිව්වා?

 

 කරු 2

 

 

දේශපාලනයේ දී විතරක් නෙමෙයි හැම තැනක දි ම අපි බලන්න ඕනේ මිනිස්සු කියන වචන නෙවෙයි. මිනිස්සුන්ගේ භාවිතාව දිහා බලන්න ඕනෙ. සමගි ජන සන්ධානය වටා එකතු වෙලා තිබෙන්නේ. කයිවාරු වලින්, බොරු වචන වලින් නෙවෙයි. වැඩ පෙන්නලා, වැඩ කරලා මේ රටේ ජනතාව ජනතාවගේ නිදහස දිනා ගත්ත නායකයෙක් සහ නායක කණ්ඩායමක්. පාඨලී චම්පික රණවක මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට කරපු වැඩ ගැන ආය කතා කරන්න දෙයක් නෑ. මේ රටම දන්නවා. එතුමගේ හතුරෝවත් කියන්නේ නෑ. ඒවා නෑ කියලා. රටටයි වැඩ කළේ. මේ රට ආදායම් උපද්දවන්නේ කොහොමද? රට දියුණු කරන්නේ කොහොමද කියන දැනුම එතුමා හදලා දුන්නා.

 

 

අද මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳ ම දේශපාලන නායක කණ්ඩායමක් වැඩ කරලා පෙන්නපු කණ්ඩායම, වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නපු කණ්ඩායම නිවැරදි දර්ශනය, දැක්ම, ප්‍රායෝගිකත්වය තියෙන කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. 21 වෙනිදා මේ ජනාධිපති ධූරයත් එක්ක රට ආපහු අඳුරට යන්නේ නෑ. රටට මේ කළු වලාව මැද්දෙන් අලුත් රිදී රේඛාවක් රිදී ඉරක් පායනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ නියත ජනාධිපති ධුරයත් සමග. බලංගොඩ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය ඉහළින් ම ඔසවන ආසනය. එහෙම නෑ කියලා අර ප්‍රචාරක හොරණෑව කියා ගෙන යනවා. රටේ එහෙමත් එහෙමයි. මේ කොළඹත් එහෙමයි. හැම තැනක ම එහෙමයි.”

 

 කරු 3

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි