SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත්  සංවිධානය පසුගියදා වවුනියා ප්‍රදේශයේ වැලිඔය පැවති කාන්තාවන්ගේ හමුවක් පවත්වමින්

ඉදිරියේ දී එළැඹෙන ජනාධිපති මැතිවරණය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත.

 

 

එහිදී කාන්තා හමුවේ අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් රංගන ශිල්පි අර්ජුන කමලනාත් පවසන්නේ අද අපි සිටින්නේ  ඉතාමත් තිරණාත්මක මොහොතක බවත් ඒ අපගේ  අනාගතයත්, රටේ අනාගතයත් තීරණය කළ යුතු ඉතාම වැදගත් අවස්ථාවක බවත් ලබන සැප්තැම්බර් 21දා ඒ ඉතිහාසගතවන තීන්දුව ගත හැකි  අවසන් දවස බවත් ය.

 

 

WhatsApp Image 2024 09 11 at 20.32.52

 

 

“අද අපි ඉන්නේ ඉතාමත් තිරණාත්මක මොහොතක.  ඒ ඔබේ අනාගතයත්, මගේ අනාගතයත්, රටේ අනාගතයත් තීරණය කළ යුතු ඉතාම වැදගත් අවස්ථාවක තමයි අද අපි මේ ගතකරමින් සිටින්නේ. ඔබ ලබන සැප්තැම්බර් 21දා ඒ ඉතිහාසගතවන තීන්දුව ගන්න අවසන් දවස. ඔබ ඒ ගනු ලබන තීරණයෙන් රටට, ඔබට අයහපතක් නම් සිදුවන්නේ, නැවත් පෝලිම් යුගයකට නම් යන්න ලැහැස්ති වෙන්නේ, ඔබ නැවතත් රෑ වැටුනු වලට, දවල් වැටීමට නම් තීරණය කරන්නේ, එය අප සැමගේම කර්මය තමයි.

 

 

නමුත් එකක් මතක තියා ගන්න, ඊට පස්සේ ඔබව බේරගන්න රනිල් වික්‍රමසිංහ කෙනෙක් නම් පේනතෙක් මානයකවත් නැහැ. ඒක නම් අමතක කර ගන්න එපා.   අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ ආර්ථිකය කඩා වැටීම. ඒක ඉස්සෙල්ලාම බලපාන්නේ කුස්සියටයි, කක්කුසියටයි. කුස්සිය හිස් වුනාම කන්න දෙයක් නැතුව බඩ හිස් වෙනවා. බඩ හිස් වුනහම කක්කුස්සියත් හිස් වෙනවා. මොන පෝලිම් හැදුනත්, කක්කුස්සි පෝලිම විතරක් නැති වෙනවා.

 

 

කල්පනා කරලා බලන්න, මේ ජන්ද ඉල්ලන නායකයින්ගෙන් කාටද රටේ ආර්ථිකය හදන්න දැක්මක්, වැඩ පිලිවෙලක් කලපුරුද්දක් පලපුරුද්දක් තියෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒක නිසා ගියපාර වගේ අපි දීලා බලන්න ගියොත් අපට ඉතින් අබ සරණයි තමයි. ඒක නිසා ඔබ තවත් රැවෙටන්න එපා. ඔබ ට තවත් වරක් අත්හදා බැලීම් කරන්න  කරල බලන්න පුඵවන් තැනක නෙමෙයි රට තියෙන්නේ. මේගොල්ලන්ටත් දීල බලමු කියලා හිතන්න යන්න එපා. එහෙම වුනොත් වෙන්නේ ඔබට හෙටක් නැතිවෙන විතරයි.

 

 

WhatsApp Image 2024 09 11 at 20.32.521

 

 

සමහර අය කැමතියි ඔබට හෙටක් නැති වෙනවට. ඒ මේ රට විනාශ කරපු කට්ටියට. 71 දී රට විනාශ කරලා තරුණයන් නොමග යවලා, ඒ වටිනා ජීවිත දසදහස් ගනණක් නැතිකලා. නැවතත් 88-89 ඒ විදියටම ලොකු විනාශයක් කලා. මේ රට විනාශ කළේ කොටි සංවිධානයයි, ජනතා විමුක්ති පෙරමුණයි කියන එක කවදාවත් අමතක කරන්න එපා. එදා උන් මේ රට කරපු විනාශ නැත්නම්, අද ඇත්තටම ලංකාව සිංගප්පූරුවටත් වඩා දියුණුයි. මුන් තමයි මේ රටට කරන්න පුඵවන් ලොකුම විනාශය, ශාපය කලේ.

 

ඇත්තටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද වෛරක්කාර ජේ.වී.පී දේශපාලනය කියලා මට තේරෙන්නේ නෑ. කුමක් වුනත් මට එක දෙයක් පැහැදිලියි. ඔබේ ගමේ වෙෙරක්කාරයෙක්, කුහකෙයක්, ඊරිසියාකාරෙයක් ඉන්නවා නම් ඒ්කා ජෙප්පෙක්. ඉතින් මේ වෛරක්කාර කුහක  ජෙප්පන්ට අවශ්‍ය රට  විනාශ කරන්න. ඔබ සතුටින් ඉන්නව දකින්න ජෙප්පෝ  ආසනැහැ. ඒක නිසාම බොරු රැලි මවලා පෙන්නලා  ඔබව  මානසිකව විකෘති කරලා බලය කරන්න උත්සාහ කරාවි. ඒක නිසා ඒවටනම් ඔබ රැවෙටන්න එපා. මේ රට විනාශ කරන්ඩ ඔබ දායක වෙන්න එපා.

 

 

ඔබ රතු තොප්පිකාරයින්ට තවත් රැවටෙන්න එපා. ලංකාවේ වැඩිම සල්ලි තියෙන්නේ ජේ.වි.පි. එකට. මේ ඉස්සර අපේ බැංකු කඩලා මංකොල්ල කාපු සල්ලි. ඒවා අමතක කරන්න එපා.

 

 

අද රටම භය වෙලා ඉන්නේ මේ මාලිමාවේ භීෂණය නිසා. සමහර අය මාලිමාව ආවොත් රට යනවා කියලා පාස්පෝට් ගන්න පොරකනවා. ව්‍යපාරිකයෝ, ධනවතුන් මධ්‍යම පාන්තිකයෝ සේරම අද භය වෙලා ඉන්නේ. තවත් විශාල පිරිසක් නිහඩ වෙලා බලාගෙන ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතුව. කිසි දේකට භය වෙන්න එපා. 21 වෙනිදාට නිහඩව ඔබ ඔබේ යුතුකම රට වෙනුවෙන් නිහඩව ඉටු කරන්න.

 

 

බොරු පොරොන්දු දේශපානයට තවත් රැවටෙන්නඑපා. අපි ප්‍රථිපත්ති දේශපාලනයට යොමුවෙමු.  එහෙනම් මේ පාර ඔබ හරි තොප්පියක් දාගන්න. ඒ තොප්පියට පාටක් රැල්ලක් නැහැ. ඒ තොප්පිය තමයි අපේ බුද්ධිය. ඒ බුද්ධිමත් තීරණය බුද්ධිමත්ව  ගන්න කියලා මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා”.

 

 

මෙම අවස්ථාවට යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා සහ භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා ඇතුඵ පිරිසක් සහභාගි විය.

 

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි