SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • *රනිල් එක්ක යාළු නෑ කියනවා

 

  • *අපි දේශපාලන සටනක තරඟකරුවන්
  • *FTA වලින් තොරව අපනයන වර්ධනය ගැන රනිල් AKDට  අභියෝග කරයි

 

  • *සජිත් ගින්නට තෙල් දමයි

 

ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රහසිගත ගනුදෙනුවක් පවත්වන බවට මත පළ වෙමින් ඇත.

 

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක කියා ඇත්තේ  දේශපාලනඥයන් කිහිප දෙනෙකු කියන ආකාරයට රනිල් වික්‍රමසිංහ සමඟ කිසියම් රහසිගත ගනුදෙනුවක නිරත වී ඔහු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ඔහු සමඟ එක්ව කටයුතු කරන්නේ නම් ඔවුන් දෙදෙනා ජනාධිපති අපේක්ෂකයන් ලෙස එකිනෙකාට එරෙහිව තරග නොකරන බවයි.

 

“ඇත්තටම මම දකින්නේ වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර ඩීල් එකක් තියෙනවා දෙන්නම එකතුවෙලා මාව පරාජය කරන්න. රනිල් වික්‍රමසිංහ මට දිගින් දිගටම ආමන්ත්‍රණය කරන්නේ 'ඔහුගේ මිතුරා' කියලයි. අපි යාළුවෝ නෙවෙයි, නමුත් අපි දේශපාලන සටනක තරඟකරුවන්”.

 

තමන් පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ හමුවී නැති බවත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රචාරක කටයුතු කෙරෙහි අවධානය යොමු කළ බවත් NPP නායකයා වැඩිදුරටත් පවසයි. වික්‍රමසිංහ සහ SJB කඳවුරු දෙකම තමන්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීම වැලැක්වීමට පමණක්  ජනාධිපතිවරයාත් සමඟ රහසිගත ගනුදෙනුවක සිටින බවට කටකතා පතුරුවා හරින බව ඔහු පවසයි.

 

මෙම මන්ත්‍රීවරුන්ගෙන් සමහරකට  දූෂණ චෝදනා එල්ල වී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බැවින්, දැන් රනිල් වික්‍රමසිංහ සමඟ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ වැඩ කිරීමට තමන් සූදානම් නැති බව දිසානායක වැඩිදුරටත් පැවසීය.

 

 "මම එවැනි අය සමඟ වැඩ කරන්නේ කොහොම ද?"

 

පසුගිය කාලයේ සිට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක අතර වාචික ගැටුමක් හටගෙන ඇති අතර එහිදී රනිල් අනුරට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. එනම් NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්  කර ඇති පරිදි නිදහස් වෙළඳ ගිවිසුම් ඉවත් කිරීමෙන් දිසානායක අපනයන ඉහළ නංවන්නේ කෙසේදැයි ඔහු විමසා ඇත.

 

“මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නිදහස් වෙළඳ ගිවිසුම නැති කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. ඒ අතරම, ඔහු අපනයනය ඉහළ නැංවීමට පොරොන්දු වෙනවා. FTAs නොමැතිව අපනයන ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? ඔහු මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නෑ. ඔහු අසනීපයෙන් පසුවන බව මම පසුව දැනගත්තා. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා”

 

මේ අතර සමගි ජන සන්දානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ රැස්වීම්වලදී වික්‍රමසිංහ සහ දිසානායක තමාට බාධා කිරීමට රහසිගතව ක්‍රියාත්මක වන බව  කියමින් ගින්නට තෙල් එක්කර ඇත.

 

 

 

 

නවතම ලිපි