SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයට මේ වනවිට වසර පනහක් ගෙවී තිබේ.

ලංකාවේ ඉපදුන මිනිහෙකුට තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් වසර හතළිහක් ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ හැකිනම් ලංකාවේ ජාතික මාධ්‍යවල දශක හතරක් අවධානයට ලක්වන චරිතයක් විය හැකිනම් එය එක්තරා ආකාරයක වාසනාවක් හා දක්ෂතාවයක්.

 

 මේ පිළිබඳව මට එක්තරා කතාවක් ඔබට කීමට තිබේ.

 

දැනට වසර ගණනාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන සමයේදී මාගේ හිතවත් පුද්ගලයෙකු සවස්වරුවක මහින්ද සමඟ සමග දේශපාලන අල්ලාප සල්ලාපයක යෙදෙමින් සිටියදී එම හමුවට එකතු වී සිටි අයෙකු රනිල් වික්‍රමසිංහට කරිස්මාවක් නැති බව ප්‍රකාශ කොට තිබේ.

 

එහිදී මහින්ද රාජපක්ෂගේ ක්ෂණික උත්තරය වී ඇත්තේ රනිල් ගැන මට ඉරිසියාවක් තියෙනවා නම් තියෙන්නේ එයාගේ පන්තියයි එයාට තියෙන ස්වාභාවික කරිෂ්මාව යි යනුවෙන් ප්‍රකාශ කර තිබේ. රනිල්ට රට තුළ තිබෙන මට්ටමේ ආකර්ෂණයක් තමාට කිසිම දිනක දිනාගත නොහැකි බව මහින්ද ප්‍රකාශ කොට තිබේ.

 

රනිල් වික්‍රමසිංහ යනු ලංකා දේශපාලනය තුළ එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පවතින්නා යයි අපට කිව හැකියි. ඔහුට පැමිණි අභියෝග ලංකාවේ කිසිදු දේශපාලන නායකයකුට මීට පැමිණ නැත. ඔහු සිවිල් යුද්ධ තුනක ඉලක්කයක් වී දිවි බේරා ගත්තේය.

 

මැතිවරණ ජය ගත්තා සේම පරාජයද විය. රටේ තිර්ණාත්මක ආර්ථික අර්බුද දෙකකදී රටේ ආර්ථිකය බේරාගෙන නැවත නඟා සිටුවීමට ඔහුට හැකි විය. ආණ්ඩුවට විරුද්ධව සිදුකළ දේශපාලන කුමන්ත්‍රණ දෙකකදී ඔහු ආරක්ෂා විය රටත් පක්ෂයත් ආරක්ෂා කළේය. පක්ෂ අභ්‍යන්තරයේ සිදුවූ කුමන්ත්‍රණ ගණනාවක් පාලනය කිරීමට ඔහුට හැකි විය. ඔව් එතෙක් මෙතෙක් දැරූ සියලුම අමාත්‍යංශ රටේ එම ක්ෂේත්‍රවල ප්‍රගමනයට තීරණාත්මක වන ව්‍යුහයාත්ම වෙනස්කම් සිදු කළේය.

 

මේ සියල්ලම මධ්‍යයේ තමන්ගේ මූලික වටිනාකම් පද්ධතිය විනාශ කර නොගෙන ශීලාචාර නායකයෙකු ලෙස ඔහු කටයුතු කළේය.

 

රනිල් යනු ලංකා දේශපාලනයේ අවසාන ශීලාචාර ප්‍රභූ නායකයා යැයි අපට කිව හැකි තරමට මෙම ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය තුළ තම වටිනාකම් පද්ධති රැක ගත්තේය.

මෙවර මැතිවරණය රනිල් වික්‍රමසිංහට ජනතාව කෘතගුණ දක්වන මැතිවරණයයි.

එම මැතිවරණය රනිල් හැරුණු කොට කිසිවෙකුටත් ජයග්‍රහණය කළ නොහැක.

 

ස්තුතියි.

 

@තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි

නවතම ලිපි