SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ශ්‍රී ලංකාවෙ ප්‍රථම වරට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් Audio Book ආකාරයෙන් ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.
  • ණය බරින් මිදී රාජ්‍ය ආදායම වැඩි කර ගන්නා ක්‍රියාවලිය; පොදු ඩිජිටල් යටිතල පහසුකම් වැඩපිළිවෙළ ජන ගත වෙයි.

 

ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ ජනගත කිරීම, ඊයේ (07) සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ මුලිකත්වයෙන් Waters Edge පරිශ්‍රයේ දී පැවැත්විණ.

 

WhatsApp Image 2024 09 08 at 10.50.26

 

ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තීයවේදීන් හා ව්‍යවසායකයන්ගේ එකමුතුව "The Vanguard - ඉදිරිපෙළ" සංවිධානය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණ.

 

එම අවස්ථාවේ අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක;

 

WhatsApp Image 2024 09 08 at 10.50.28

 

“මේ ජනාධිපතිවරණය අතිශයින් තීරණාත්මක ජනාධිපතිවරණයක්. මන්ද අප සිටින්නේ බංකොලොත් රටක බංකොලොත් දේශපාලන තත්ත්වයක නිසා. ඒ වගේම මේ බංකොලොත් භාවයෙන් පීඩාවට පත් ව සිටින ජනතාව අතිශයින් කෝපයට පත්ව සිටින අවස්ථාවකයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ දී අප ඉදිරියේදී තිබෙන ගැටළු අප ඉදිරියේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ප්‍රධාන අපේක්ෂකයින් සියලු දෙනාම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලනකොට බොහෝ දේ අතීතයේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒවා එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක්ගේ පොදු භාවයක් තිබෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරලා තිබෙන විශේෂිතම යෝජනාව තමයි අප විසින් ඩිජිටල් යටිතල පහසුකමක්, පොදු පහසුකමක් ඇති කර යුතු බව. ප්‍රථම වතාවට ලංකාවේ දේශපාලන නායකයෙක් ඉදිරිපත් කර තිබෙනවා ඩිජිටල් පොදු වේදිකාවක්. තැනීම සඳහා අපේ රටේ දූෂණය නතර කරන්න. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න. ආර්ථිකයේ ඉදිරි පිම්ම ළඟා කරගන්න. රටේ ආදායම් වසර දෙකක් තුළ දෙගුණ කරලීම සඳහා. මේ ඩී. පී. අයි. අලුත්ම අලුත් සංකල්පයක් නෙවෙයි අපි ගෙනාපු. මේ කලාපයේ බොහෝ තැන්වල අත්හදා බලලා, විශේෂයෙන්ම ඉන්දියාවේ අත්හදා බලලා, අතිශයින් සාර්ථක වූ ක්‍රියාවලියක්.

 

මෙහි තිබෙනවා මූලික මූලධර්ම සෑම පුරවැසියෙකුට ම තමන්ට ම අනන්‍ය වූ කේත අංකයක් අපි නිකුත් කරනවා. ඒක තමයි ඔහුගේ හැඳුනුම්පත් අංකය. ඔහුගේ රියදුරු බලපත්‍රය, ඔහුගේ බැංකු ගිණුම, ඔහුගේ ඔප්පුව, එහෙම නැත්නම් ඔහුගේ වෙනත් පෞද්ගලික සියලු ම දෑ වල ප්‍රධාන කේතය වෙන්නේ මේ ඔහුගේ හැඳුනුම්පත් අංකය සම්බන්ධ වූ නිශ්චිත අංකය. ඒ වගේම දැනට බොහොමයක් එකිනෙකාට ස්වාධීනවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඒවා කඩා බිඳ දාලා ඒ රජයේ ආයතන අතර අන්තර් සම්බන්ධය, මේ DPI එක අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම අපගේ මුදල් සංසරණය, ඒ මුදල් සංසරණය කිරීම සඳහා පොදු ඩිජිටල් වේදිකාවක් අපි යෝජනා කර තිබෙනවා. එතකොට මේ මූලධර්ම තුන මත පදනම් වෙලා කුළුණු තුනක් අප විසින් මේ ක්‍රියාවලියට යෝජනා කර තිබෙනවා. එකක් තමයි අපේ අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම අපේ ඉන්ධන හා බලශක්තිය, පොහොර සහ ඖෂධ පිළිබඳ විවෘත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම. ඒ වගේම දෙවෙනි කාරණය තමයි, අපගේ අනන්‍යතාව සම්බන්ධ සියලුම ලිපි ලේඛන සහ අනන්‍යතාවයන් ඔබගේ දුරකථනයට ළඟා කර ගැනීම.

 

දැන් විවිධ තැන්වල සමහර විද්‍යාර්ථීන්, සමහරු විශේෂයෙන්ම අපගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇත්තෝ, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ අය, මේ සියලු දෙනාම කියනවා ආදායම දෙගුණ කිරීමේ හීනයක්. මේ තියෙන බදු එකතු කිරීමේ හීනයක්. ඒ වගේම, විශේෂයෙන්ම මේ බදු, පොලු අයකර ගැනීම හීනයක්. මම අවුරුදු දෙක කාරක සභාවේ සභාපතිවරයා හැටියට මේ ආයතන එක්ක වැඩ කළා.

 

ඒ නිසා මට අවබෝධ වූ ප්‍රධානම ප්‍රශ්නය තමයි අපගේ පුද්ගලයින්ගේ ආදායම් හා වියදම් නිසි ආකාරයට ඔප්පු කිරීමට සමත් වෙන වේදිකාවක් නැති නිසා නිතරම මේ පිළිබඳ ගැටුම් ඇති වෙලා ඒ පිළිබඳ තියෙන අභියාචනාධිකරණ වලට ගමන් කරලා අවුරුදු පහළොව, දහය නඩු විමසනවා. දැන් උදාහරණයක් හැටියට මට පෙරේදා ලියුමක් ලැබෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දෙදාස් එවපු ලියුමක්. ලැබෙනවා මට පෙරේදා මගේ ආදායම් පිළිබඳව ලබාදීපු වාර්තාවේ අඩුපාඩුවක් තිබෙන බව දින දාහතරකින් ඒක සකස් කර එවනවා. අවුරුදු හයකට, හතකට පස්සේ. මේ ඒ වගේම මම දැක්කා අපගේ මාලිමාවේ යෝජනාවක් තියෙනවා තව තුන්දාහක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බන්දලා, තව ලිපිගොනු ලක්ෂ දහයක්, පහළොවක් ඇති කරන්න. අපගේ ජනාධිපතිතුමාගේ යෝජනාව අනුව එක්කෝටි හැට ලක්ෂ දීලා තවත් ෆයිල් එක්කෝටි හැටලක්ෂයක් හදන්න. අපි මෙවැනි කිසිම ක්‍රියාදාමයකට යන්නේ නැහැ. මේවා හැටේ දශකයේ උත්තර. ඒ වෙනුවට සෑම කෙනෙකුටම තමන්ගේ දුරකථනය හරහා ගනුදෙනු කරලා ඉදිරියට යන්න පුළුවන්.

 

අපට වඩා විශාල, අපට වඩා නූගත්, අපට වඩා දුප්පත් ඉන්දියාව අද මේ මේ ක්‍රියාදාමය මගින් තමන්ගේ රටේ ආදායම් 2016 ඉඳන් තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. එහෙම නම් මේ ආකාරයට ධනය සඟවාගෙන ඉන්න පිරිස්, ධනය පෙන්නන්නේ නැති පිරිස් වල මේ ධනය එක් එකට අරගෙන, එක වේදිකාවකට අරගෙන මේ මගින් කටයුතු කරනවා නම්, මම හිතන්නේ රටේ ආදායම පහසුවෙන්ම වැඩි කරගන්න පුළුවන්. සමෘද්ධි ආධාර, අස්වැසුම් ආධාර, අද ලබාගන්න ගියහම විශේෂයෙන්ම බැංකුවල පෝලිම්වල හිරකාරයෝ බවට පත්වෙලා තියෙනවා. අපහාසයට, අවමානයට ලැබෙනවා. නමුත් මේ ක්‍රමය යටතේ ඔබගේ ජංගම දුරකථනයටයි, ඔබගේ අස්වැසුම, සමෘද්ධි දීමනාව එන්නේ. ඒක වියදම් කරන්න පුළුවන් වෙන්නෙත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක පමණයි. එතකොට ව්‍යාපාරිකයන්, ඒ වගේම අස්වැසුම ලාභියාගේත් අනන්‍යතාව ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි, ඒ හරහා පුදුමාකාර විදිහට අපට ලබාගන්න පුළුවන් වෙනවා දූෂණය, වංචාවෙන් තොරව මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියක්.

 

සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන, Digital Public Infrasturcture එක මගින්, එක පැත්තකින් අපගේ ආහාර, ඉන්ධන සහ ඒ බලශක්ති මේ රටට අර්තාපල් ගෙන්නන්නේ කීයටද? මේ රටට ලොකු ළූණු ගෙන්නන්නේ කීයටද? මේ රටට පෙත්ත ගෙන්වන්නේ කීයටද? මේ රටට පෙට්‍රල් ලීටරය ගෙන්වන්නේ කීයටද? යූරියා කිලෝ ග්‍රෑම් 50 ගෙන්වන්නේ කීයටද? කීයට ද විකිණිය හැක්කේ කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අපේ කාරක සභාවේ අපි නිශ්චිත ගණනයක් කරලා මගේ ෆේස්බුක් පිටුවේ හැමදාම දහනවයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණිය හැකි Indicative Price එක දාලා තියෙනවා. එමගින් ජීවන සහනය ලබා දෙනවා. සූරා කෑම නතර වෙනවා. මේ රටේ ගෙවුම් ශේෂ අර්බුදය අවුරුදු දෙකක් ඇතුළත සැලකිය යුතු ලෙස විසඳීමේ මං පෙතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම නම් එක එක හඳුන්වාදීමක් මගින් රටේ දූෂණය නතර කරන්න, කාර්යක්ෂමතාවය නතර කරන්න, වැඩි කරන්න, රාජ්‍ය අංශය ඔබ අතට ගේන්න, ඒ විතරක් නෙවෙයි, ඔබගේ ජීවන වියදම අඩු කරන්න. ඒ වගේම ඔබගේ අ ඔබගේ ආදායම, වියදම, පිළිබඳ තොරතුරු ලැබිලා, ඔබට හොඳ බදු පහසුකමක් එක්ක සහන ලබාගැනීමේ හැකියාව කියන මේ සියල්ල ම තුළ අපි ගැබ් කරලා තියෙනවා.

 

තවදුරටත් කෙටියෙන් ම කියනවා නම් ඉදිරි කාලයේ දී එතුමා යටතේ අපි Delivery Unit එකක් ජනාධිපති කාර්යාලයේ ඇති කරනවා. සෑම මැති ඇමතිවරයෙකුටම අපි ලබා දෙනවා නිශ්චිත ඉලක්ක කිහිප ඒවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අපි ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ අනුව සෑම මැති ඇමතිවරයෙකුට ම ප්‍රගති වාර්තාවක් ලැබෙනවා. ඡන්දදායක ඔබට ඔබ මනාපය පළ කළ ඇමතිවරයා කොච්චර ලකුණු අරන් තියෙනවද විවෘත වේදිකාවක ඔබට ලැබෙනවා මේ ඩීපීඅයි පහසුකම යටතේ. ඒ අනුව ඊළඟ මනාපයට මනාප පොරයක් නෑ. ගත්ත ලකුණු මත මනාපය ලබා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, වැඩ කරලා දිනා ගත හැකි ප්‍රමාණයක් රාජ්‍ය සේවකයින්ටත්, දේශපාලකයින්ටත් අපි ලබා දෙනවා. අපි කියන්නේ නැහැ විශ්‍රාම වැටුප අහෝසි කරනවා, නිල නිවාස අහෝසි කරනවා. ඒ වගේ ම වාහන පර්මිට් නැති කරනවා වගේ, ජනතාව අත්පොලසන් දෙන දේවල්. ඕනෑම දේශපාලකයෙකුට වැඩ කරලා, තමන්ගේ ඉලක්ක කේ. පී. අයි. වලින් අවශ්‍ය කරන බලපෑම ලබා ගත්තා නම් එක එකට දෙකක් දෙන්න. එක නිල නිවාසෙට දෙකක් දෙන්න. අපි සූදානම්. ඒක තමයි මේ රටට අවශ්‍ය කරන තරඟකාරී ව්‍යුහය මෙතනින් ඉදිරියට යන්න. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන කිසිම ජනාධිපති අපේක්ෂකයෙක්, මෙවැනි ඩිජිටල් වේදිකාවක් පිළිබඳ හෝ. එවැනි වේදිකාවක් හරහා ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන හෝ විවෘත අදහසක් පල කරලා නෑ. ඒ විවෘත අදහස සජිත් ප්‍රේමදාස මහත්තයා පල කරලා තියෙනවා ලබන 21 වෙනිදට ඒක මේ මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය එතුමාට ලබා දීලා මේ රට මෙතනින් ඔබ්බට යන ගමනකට ගමනකට සූදානම් කරන්න.”

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයක්  Audio Book එකක් ආකාරයෙන් සකස් කොට එළිදැක්වීම ද, මෙහිදී සිදුවූ විශේෂත්වයකි.

 WhatsApp Image 2024 09 08 at 10.50.261

 

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අදහස් දක්වමින් සඳහන් කළේ, ඉදිරියේ දී පිහිටුවන තමන්ගේ රජයක් යටතේ මුලු මහත් රාජ්‍ය සේවය ම කාර්යක්ෂම කොට ඩිජිටල්කරණය කරවීම සඳහා වූ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම පාඨලී චම්පික රණවක  වෙත භාර කරන බව ය.

 

මෙම අවස්ථාවට සමගි ජන සන්ධානයේ නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටිය හ.

 

WhatsApp Image 2024 09 08 at 10.50.281

WhatsApp Image 2024 09 08 at 10.50.30

WhatsApp Image 2024 09 08 at 10.50.291

WhatsApp Image 2024 09 08 at 10.50.27

WhatsApp Image 2024 09 08 at 10.50.25

@මාධ්‍ය ඒකකය  

නවතම ලිපි