SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් පරදින බව දැන් සක් සුදක් සේ පැහැදිලිය. පොහොට්ටුවෙන් ඉවත් වුණු අය දැනටමත් රනිල්ව හැර දමා ඇත.

ඔවුන් පිස්සුවෙන් මෙන් කරන්නේ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඒමට මගක් සෙවීමය.

 

දැන් රනිල් කරන්නේ ඔහු හැමදාම කළ දෙයයි. එනම් ඊළඟ ජනපතිට සහ ආණ්ඩුවට කාල බෝම්බයක් අටවා ඉවත් වීමය.

 

යහපාලන ආණ්ඩුව 2019 යේ ගෙදර යන බව කල් තියා දුටු රනිල් කළේ ඩොලර් බිලියන 12 කට වඩා ගිනි පොලියට ISB ණය කඩිමුඩියේ ගැනීමයි. ඔහු ඇටවූ කාල බෝම්බය එයයි. එයත් සමග ලංකාවට තව දුරටත් ණය ගැනීමට නොහැකි වන බව ඔහු දැන සිටියේය. ගෝඨාභය 2020 මුල IMF එකෙන් ආධාර ඉල්ලූ විට ඔවුන් කීවේ ලංකාව ඒ වන විටත් ණය ගෙවීමේ හැකියාවෙන් (Debt Sustainability) මිදී ඇති බවයි. “ආධාර දෙන්න නම් - බදු වැඩි කරනු, සහනාධාර කපනු, ජල විදුලි ඉන්ධන ගාස්තු වැඩි කරනු” කිව්වා. වසංගතය අස්සේ ඒක කරන්න බැරි නිසා ගෝඨාභය තීරණය කළා කොහොම හරි අපිම කටුව කාලා වලෙන් ගොඩ එමු කියලා. “දේශීය යාන්ත්‍රණය” (Home Grown Solution) කිව්වේ ඒකට. අපේ රටේ ඉන්න කම්මැලි ගුණමකු අඳබාලයන්ට දේශීය යාන්ත්‍රණ හරි යන්නේ නැහැ. ඒක රනිල් දන්නවා.

 

මේ පාරත් රනිල් ඒකම කරලා ඉවරයි. ද්වීපාර්ශවික ණය 2027 ට කල් දැම්මා. ඒ කියන්නේ හරියටම අවුරුදු 2 ක් යන කොට ටයිම්-බෝම්බය පත්තු වෙනවා. ඒ වගේම ISB ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. ඒ කියන්නේ ඊළඟ ආණ්ඩුව පත් වුණු දවසේ ඉඳලා රනිල් ගත්ත ISB ගෙවන්න වෙනවා ගිනි පොලිත් එක්ක. දැනටමත් ණයකාරයෝ නඩු දාලා. එතකොට 2027 දී ණය ගෙවන්න තියා හඳුන්නෙත්තිට හිල් නැති ජංගියක් අරන් දෙන්නවත් ඩොලර් ඉතුරු වෙන්නේ නැහැ. එදාට එන අරගලය තමයි කිරි පුතේ අරගලය. රනිල් කියන්නේ අනාගතය දිහා බලලා චෙස් අදින පොරක්. රනිල් දැන ගෙන හිටියා එයා හදපු ආර්ථික අර්බුදයෙන් ගෝඨාභය වැටෙනවා කියලා. වසංගතය කියන්නේ රනිල්ට යක්ෂයාගෙන් ලැබුණු තෑග්ගක්. ඒක නොවෙන්න ගෝඨාභය අර්බුදය විසඳනවා.

 

නමුත් මෙවර තව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි සජිත්. කුලීන පැලැන්තියේ වික්‍රමසිංහලාට පෙන්නන්න බැරි කුලහීන ප්‍රේමදාස සාධකය. සජිත් දිනුවොත් අවුරුදු දෙකක් නෙවෙයි මාස හයක් දුවන්නවත් බැරි වෙන බව රනිල් දන්නවා. නමුත් ඒකට වඩා රනිල්ගේ කුල ගර්වය ප්‍රබලයි. රනිල්ට තියෙන එකම බය සජිත් දිනාවි කියන බය මිසක් අනුර දිනාවි කියන බය නොවෙයි. දැන් රනිල්ට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක දෙයයි.

 

ඒ තමයි හැමදාම කළා වගේ අනුරව භාවිතා කිරීම. අනුර ගිය වර ගත්තේ ලක්ෂ හතරයි. එයාට කිසිසේත්ම දිනන්න බැහැ. ඒ නිසා සජිත්ව පරදන්න කියලා අනුරව දිනවන්න රනිල්ට බැහැ. නමුත් රනිල්-අනුර අතර තියෙන ඩීල් එක ජේආර්-විජේවීර අතර තිබුණු ඩීල් එක වගේ එකක්. ඒක සංකීර්ණ සම්බන්ධයක්. රනිල් අනුරව භාවිතා කරමින් සිටිනවා. ඊයේ ITN එකේ ප්‍රයිම් ටයිම් එකේ අනුරව තනිවම ගන්නලා රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ටිකට කතා කෙරෙව්වා. මේක වෙනම ගේමක්. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2024 සැප්තැම්බර් 6

නවතම ලිපි