SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය නොදෙන

ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නයි පසුගිය දා  ජනාධිපතිවරයා දැනුම් දී තිබුණි.

 

ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු සංවිධාන කිහිපයක ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

 

නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීමෙන් ඵලක් නොවන බවත් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් දේශපාලන සූදුවක නිරත වන පිරිස් ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බවත් ඔවුනට දැනුම් දී ඇත.

 

මේ අතර රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන් ධුරවලින් නෙරපා නොහරින ලෙසත් ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙසත්ය.

 

කෙසේ වුවද ආරංචිමාර්ග වලින් කියැවෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව ප්‍රකාශ කළ පොහොට්ටු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් මේ වනවිට ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය දීමට එක්ව ඇත.

නවතම ලිපි