SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාමිණී දිසානායක හදපු ගොවි ජනපදයක ඉපදී හැදී වැඩී, ජේ ආර් ජයවර්ධන දුන්න නොමිළේ පොත් ටිකෙන් පාඩම් කර, ලලිත් ඇතුලත්මුදලි  දීපු මහපොළ ශිෂ්‍යත්වයෙන් විශ්ව විද්‍යාලෙ විය පැහැදම් ටික ගෙවාගනිමින් උපාධි ලබාගත්තු

ජාතික ජන බලවේගයේ අය අද කියන්නේ මේ රටේ නායකයො මහා සාපයක් බවත්, ඔවුන්ට අනුව මේ රටේ කිසි  හොඳ දෙයක් සිදුව නැති බවත් යැයි පවසන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන අවධාරණය කර අසන්නේ තමන් ඉපදුනු ඉගෙනගත්ත හැදිච්ච වැඩිච්ච රට තුට්ටු දෙකට දාල රටට සාප කරන නායකයින්ට රටක් ගෙනියන්න පුළුවන් ද කියායි.

 

ඔහු මේ බව පවසන්නේ ඊයේ ඇහැලියගොඩ පැවති සමගි ජන සන්දානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

 

අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ රටේ මිනිස්සු වැදගත් යැයි හිතන නායකයෙක්.  මිනිස්සුන්ට වැදගත් කමක් දෙන්න පුළුවන් නායකයෙක්. ඒ වගේම තමයි මිනිස්සුන්ට නිදහසේ හුස්මක් ගන්න පුළුවන් ඉඩකඩක් හදල දෙන්න පුළුවන් මානවවාදී නායකයෙක්. ආන්න ඒ වගේ නායකයෙක් තෝරගන්න තමයි මේ ජනාධිපතිවරණය ඉස්සරහට එන්නෙ.

මේ රටේ ජනාධිපතිවරණය දැන් තියෙන්නෙ දිනන සජිත් සහ රට අඳුරට ගෙනියන අනුර දිසානායක අතර සටනක් පමණයි. රනිල් වික්‍රමසිංහ මහත්මය මේ සටනේ තරඟකරුවෙක් නෙවෙයි.  ඔහු කොච්චර බංකොලොත් වෙලාද කියනවානම් එතුමා මේ වෙනකොට අනුර දිසානායකගේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වෙලා  වෙලා ඉවරයි.

රනිල් දිනනව දිනනව කියල ගණන් හදලා, මෙහෙමයි දිනන්නෙ කියල හිතල එයාගෙ අත් ශක්තිමත් කරන්න කියල මේ දිස්ත්‍රික්කෙත් ගොඩක් අය ගිහිල්ල තියෙනවා. දැන් පෙරෙයිද රනිල් වික්‍රමසිංහ මහත්තය සරුංගලය උඩ ඇරල නූල කපල දැන් පැත්තකට වෙලා ඉන්නව. එනිසා අද මේ සටන තියෙන්නෙ අර මම කලින් කියපු දෙන්න අතර විතරයි.

ඒකෙදි ඉතා පැහැදිලිව කියනවනම් මෙතන ඉන්න මගේ මිත්‍ර  දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමත් මමත් තමයි හොදටම දන්නෙ දැන් ඉන්න ඔය ජේවීපී කණ්ඩායමේ මූලික කට්ටිය ගැන. අනුර, විජිත, බිමල්, හඳුන්නෙත්ති ඔය අය අපි ඉන්න කාලෙ එකට විශ්ව විද්‍යාලෙ හිටපු කට්ටිය. ඒගොල්ලො හිතන පතන විදිහ අපි හොඳට දන්නවා. මෙතන තියෙන්නෙ නිකංම නිකං විරෝධාකල්පයක් විතරයි. වෙන කිසිම ප්‍රායෝගික කිසිම දෙයක් නැහැ, මේ රට ගොඩනගන්න.

හැබැයි ලොකු සමාජ වෛරයක් ඒගොල්ලො ව්‍යාප්ත කරගෙන යනව.

මෙන්න මේ කාරණය ගැන විතරක් හිතන්න මිත්‍රවරුනි,

ගාමිණී දිසානායක මැතිතුමා මහවැලියෙන් හදාපු ගොවි ජනපදයක ඉපදිලා  හැදිල වැඩිල, ජේ ආර් ජයවර්ධන මහත්තය දුන්න නොමිළේ පොත් ටිකෙන් පාඩම් කරල ස්කෝලෙ ගිහිල්ල, ලලිත් ඇතුලත්මුදලි මහත්තය දීපු මහපොළ ශිෂ්‍යත්වය අරන් විශ්ව විද්‍යාලෙ විය පැහැදම් ටික ගෙවල උපාධි ලබාගෙන, ඉගෙන ගෙන දේශපාලනයට ආපු උන්දැල දැන් කියනවා මේ රටේ නායකයො මහා සාපයක්ලු මේ රටට. හැත්තහත් වසරක සාපයක්ලු මේ රටේ තියෙන්නෙ.ඒ කියන්නෙ මේ රටේ කිසි දෙයක් හොඳ දෙයක් වෙලා නැහැ.

තමන් ඉපදුනු ඉගෙනගත්ත හැදිච්ච වැඩිච්ච රටේ රට තුට්ටු දෙකට දාල රටට සාප කරන නායකයින්ට රටක් ගෙනියන්න පුළුවන් ද?

 

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න...