SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක,  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ අවධාරණය කර ඇත.

 

ඔහු  මේ බව සඳහන් කළේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ,

 

අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසැල්වලට සමාන පාසැල් ගමට ගෙනවා. ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවන්ට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට 2015 දී අපි වෙනසක් කළා. මේ රටේ ජනතාව සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොම ද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.

 

මේ රටේ ඒකීයත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. අද මහා සංඝරත්නයට අපහාස කරනවා. සංඝරත්නයට අපහාස කරනවා කියන්නෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිකයට අපහාස කරා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත්කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරාගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා තමයි ඊළඟ පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවෙ. ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහිකරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායමක්. ලෝකයේ සමහර රටවල්වල යුද්ධ යනකොට පෙනි පෙනී දරුවෝ, සිවිල් පුරවැසියෝ, කාන්තාවො ඝාතනය කරනවා. අපි ලෝකෙටම පේන්න සජීවීව පුංචි දුවා දරුවෝ බේරගත්තා. තරුණයන් මුදවා ගත්තා. 12500 ක් පුනරුත්ථාපනය කළා. රැකියා දුන්නා. එහෙම කරලත් ලෝකය අපේ රණවිරුවා දකින්නේ යුධ අපරාධකරුවෙක් විදිහටයි.

 

ඒ අපේම සමහර දේශපාලනඥයෝ තමන්ගේ පටු වාසිවලට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුවො පාවලා දුන්නා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියලා කිව්වා. අපහාස කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි දැඩි සේ විශ්වාස කරනවා මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගත්තු දේශපාලන බලවේගයක් අපි ගොඩනඟා ගන්න ඕනෙ. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට අමාරුයි. වර්තමානයේ තිබෙන නිෂ්පාදන පිරිවැය වැඩියි. විදුලි බිල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් බදු අඩු කලා. අපිට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දරාගත හැකි ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව. රටේ ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා කියලා රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් වැඩි වෙන්නෙත් නැහැ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරනවා. අද සමහර දේශපාලඥයෝ හිතනවා පිටින් ගෙනල්ල කන්න දෙන එක ලාභයි කියලා. අපි විශ්වාස කරනවා නැහැ. මේ රටේ වගා කරන්න පුළුවන් හැම භෝගයක්ම අපි වගා කරන්න ඕනෙ.

 

ඒ වගා කරන්න අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනේ. අඩු භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන් තාක්ෂණය අපි දෙනවා. ඒ තුළ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ධීවර කර්මාන්තය ද දියුණු කරන්න පියවර ගන්නවා. දරුවාගේ බුද්ධි මට්ටමට, නිපුණතාවයට ගැලපෙන රැකියාවක් ලබාගන්න තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ. රැකියා ලබාගන්න තවදුරටත් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්. තරුණයන්ගේ ආණ්ඩුවක් තුළ නිපුණතාවයට, හැකියාවට, පුහුණුවට පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය මෙන්ම වපසරිය අපි නිර්මාණය කරනවා. කර්මාන්තපුර සඳහා ආයෝජකයෝ ගේන්න ඕනෙ. ආයෝජකයෝ ගේනකොට නිකං ආයෝජකයෝ ගෙනල්ලා හරියන්නෙ නැහැ. ඒවායේ තිබෙන කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රමය මේ ගම්වල දරුවන්ට අපි පුහුණු කරනවා.

 

ඒ පුහුණු කිරීම තුළින් පමණයි කර්මාන්තශාලාවේ හෝ ආයතනයේ රැකියාවක් අපේ ගමේ දරුවට ලැබෙන්නේ. ඒ වැඩපිළිවෙලත් එක්කයි අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ. අද මැතිවරණවේදිකාව දිහා බැලුවම සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගික නැද්ද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. සමහරු මැතිවරණ වේදිකාව තුළ ආගම, දහම, සංස්කෘතිය පාවලා දෙනවා. මේ රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ කියන එක මම වගකීමෙන් කියනවා. අපේ සංස්කෘතියට හානි වන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. අපි ඡන්දය ගන්න සංස්කෘතියට හානි වන කිසිම දෙයක් බොරුවට පොරොන්දු වෙන්නෙත් නැහැ. අපි අපේ සංස්කෘතිය රකින්න ඕනේ. අද බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය දිහා බැලුවම කාන්තා හිංසනය, දරුවන්ට වෙන අපචාර, කාන්තාවන්ට වෙන අසාධාරණකම් නොයෙක් අය කතා වෙනවා.

 

ඒ සඳහා අවශ්‍ය නීති රීති අපි සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ දේවල් සඳහා පවතින නීති රීති ක්‍රියාත්මක වෙන්නත් ඕනෙ. මේ වගේම තමයි මේ බිදුණු සමාජයේ අපි ගොඩනගන්න ඕනේ. ඒ බිඳුණු සමාජය ගොඩනගන්න අවශ්‍ය දේශපාලනික නායකත්වයක් ලබා දෙන්න  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සූදානම්. ඒ සඳහා සියලු දෙනාම පෙළ ගැසෙන්න.

 

– Media unit

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි