SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙය තීරණාතම්ක මැතිවරණයක් බවත්, අතිවිශාල ජනතාවක් සිටින කොළඹ නග‌රයේ බහුතරයක් ඉන්නේ මුස්ලිම් ජනතාව බවත්

කොළඹ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක මන්සිල් පවසයි.

 

එසේම ඔහු කියන්නේ මේ වනවිට ශක්තිමත්ම නායකයින් පිරිස සිටින්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වටා බවත් හොරු ටික සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමග බවත්ය.

 

විසි එක්වෙනිදාට ටෙලිෆෝනය ඉදිරිපිට කතිරය ගසා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන්නට මුස්ලිම් ජනතාවට ඇරයුම් කරන කොළඹ නගර සභාවේ හිටපු විපක්ෂ නායක මන්සිල් කියන්නේ ජනාධිපතිවරණයෙන් එළැඹෙන සතියේදී ආණ්ඩුවේ ප්‍රභලම ඇමති ධූරයක් ලැබෙන්නේ ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකට බව ඔහු වැඩිදුරටත් කියයි.

 

“මේක තීරණාත්මක මැතිවරණයක්. මැද කොළඹ විශාල වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත්වෙන ප්‍රදේශයක්.

අඩුවෙන් තමයි සිංහල ජනතාව ඉන්නෙ.

ඒවගේම ශක්තිමත් නායකවරු ඉන්නෙ සජිත් ප්‍රේමදාස වටා..

හොරුන් ටික ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක.

 

ඒනිසා බුද්ධිමත්, ශක්තිමත් ජනරජ පෙරමුණේ නායකතුමා බාර අරගෙන තියෙනව ඒ ජයග්‍රහණය පිළිබඳ ශක්තියක් දෙන්න.

 

මුස්ලිම් ජනතාව සියලු දෙනාම ඒකරාශී වෙලා, අපි මෙතන එක දෙයක් කියන්න ඔින නායකතුමාට මුස්ලිම් ජනතාව විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා ඔබතුමා එක්ක මේ කොළඹ නගරේ මුස්ලිම් ජනතාවත් මුස්ලිම් සියලු දෙනාමත් ඔබත් එක්ක එකතු වෙලා ඉදිරියටත් වැඩ කරනවා කියල තමුන්නාන්සේට, අපේ නායකතුමාට මේ අවස්ථාවේ කියන්නට ඔින.

 

සියලු දෙනාම එකතු වෙලා 21 වෙනිදට ටෙලිෆෝනය ඉස්සරහ කතිරය ගහල ඉතාම වැඩි ඡන්දෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති  කරන්න තමුන්නාන්සෙලාගේ ශක්තිය ධෛර්යය ආශීර්වාදය ලබාදෙන්නයි කියල මම ඉල්ලා සිටිනවා.

 

ඒ ජනාධිපති වෙනකොට අමතක කරන්නට එපා, සජිත් මහත්තය ජනාධිපති වෙලා සතියකින් ප්‍රභල ඇමතිකම බාරගන්නේ පාඨලී චම්පික රණවක කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි.

 

මතක තියා ගන්න ටෙලිෆෝනය ඉස්සරහට කතිරය ගහන්න”.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි