SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක්

ලෙස සලකා මැතිවරණයකට යන්නේනම් ඒ ජනාධිපතිවරණයකටය.

එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුල ජාතිවාදී නායකයෙකුට බලයට පත්වීම සම්පුර්ණයෙන් වැළැක්වීමට කටයුතු කොට තිබුණි.

 

මන්ද රටේ ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතින් අතරද 50 50 ලබා ගනිතියි පුර්ව නිගමනයක් අනුව 1978 දී ජනාධිපති ධූරය බිහි කෙරිණි. 1978 දී රටේ සිවිල් යුද්ධයක් නොතිබුන අතර ප්‍රභාකරන්ද දේශපාලනය තුල නොසිටියේය. එවැනි තත්ත්වයක් තුල ප්‍රධාන පක්ෂ දෙකට ලග ලග ප්‍රබල තරගයක් දී ආකර්ෂණීය නායකයා ජනාධිපතිවරණයක් දිනනනු ඇත. 1982 දීත්, 1989 දීත්, ගාමිණී දිසානායක ජීවත්ව සිටියේනම් 1994 දීත් සිදු වන්නේ එයයි. නමුත් 1989 ජනාධිපතිවරණයෙන් පසු 2010 දක්වා සියලුම ජනාධිපති මැතිවරණ වල ජයග්‍රාහකයා තීරණය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි.

 

එහිදී රනිල් ඉදිරිපත් වූ 2001 හා 2005 මැතිවරණයන් වල තීරක බලය වුයේ ප්‍රභාකරන්ය. එනම් 2001 මැතිවරණයේදී වැරදුනු බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට චන්ද්‍රිකා මැතිණිය නිකම්ම දිනුවේය. එසේම 2005 දී මහින්ද හා ප්‍රභාකරන් හවුල උතුරේ හා නැගෙනහිර දෙමල ජනතාවට මැතිවරණ වර්ජනයකට බල කොට වැඩි ඡන්ද හතලිස්දහසකින් රනිල් පරාජය කළේය. ප්‍රභාකරන් නොසිටියේනම් එම මැතිවරණ දෙකම ජයගන්නේ රනිල් වික්‍රමසිංහයි.

 

මෙම ජනාධිපතිවරණය ලංකාවේ මීට පෙර තිබූ සියලුම ජනාධිපතිවරණ වලට වඩා වෙනස්ය.

මෙවර ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහය. ආණ්ඩු පක්ෂයේ නායකයා වන අතර විපක්ෂය දෙකට බෙදී තිබේ.

 

ඒ අඩු වැඩි වශයෙන් නොව විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිතවය. මගේ පෞද්ගලික නිරීක්ෂණය සජිත් ප්‍රේමදාස ආණ්ඩුව කෙසේ වෙතත් විපක්ෂයවත් හොඳින් කළමනාකරණ ගැනීමට නොහැකි විභවයක් සහිත අදූරදර්ශී අදක්ෂ  නායකයකු විය. එනිසාම අනුර කුමාර දිසානායකට නැගී ඒමට හැකියාව ලැබුණි.

 

අද අනුර කුමාර දිසානායක පරාජය කිරීම කිසිසේත් සජිත් ප්‍රේමදාසට කළ නොහැක්කක් බවට පත්වී ඇත.

එපමණක් නොව අනුර කුමාර දිසානායකගේ ආගමනය මේ වන විට ආණ්ඩුවටද විශාල තර්ජනයක් වී තිබේ.

 

ආණ්ඩු පක්ෂය එය ජය ගැනීම සඳහා විශාල පරිශ්‍රමයකින් අධිෂ්ඨානයකින් කටයුතු කරමින් තිබේ.

මෙම මැතිවරණය ජයගැනීමේ විශාලම විභවහාත්මක හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ටය.

එසේම මෙම මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවන මනාපය මගින් ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය බවට පත්වීමට බොහෝ ඉඩ තිබේ.

එහිදී අපට සිදුවෙතැයි අපේක්ෂා කළ හැකි. අවස්ථාවන් තුනක් දැකිය හැකිය.

 

එනම්

1රනිල් පළමු ස්ථානයට පත්වී

අනුර දෙවැනි ස්ථානයට පත්ව

සජිත් තුන්වන ස්ථානයට පත්වීමයි.

 

මෙහිදී සජිත් ප්‍රේමදාසගේ දෙවැනි මනාපය තුළින් රනිල් වික්‍රමසිංහ ජය තහවුරු කරගනු ඇත.

 

2) අනුර කුමාර පළවෙනි ස්ථානයට පත්වී රනිල් වික්‍රමසිංහ දෙවැනි ස්ථානයට පත්වීම

 

මෙහිදීද සජිත් ප්‍රේමදාසගේ දෙවෙනි මනාපය තුළින් රනිල්ට අනුර කුමාර අභිබවා යා හැකිය.

 

3) තුන්වන අවස්ථාව වන්නේ අනුර කුමාර පළමු ස්ථානයට පැමිණ

සජිත් ප්‍රේමදාස දෙවන ස්ථානයට පැමිණීමයි

 

මෙහිදී රනිල් වික්‍රමසිංහ තුන්වනේ ස්ථානයට පැමිණීමේදී අනුර කුමාරගේ ඡන්ද සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් ඉහළ යනු ඇත (මන්ද දෙදෙනාම සටන් කරන්නේ එකම ඡන්ද පදනමකට බැවිනි)

 

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ දෙවැනි මනාපයෙන් සජිත් ප්‍රේමදාසට අනුර කුමාර අභිබවා යා නොහැකි අතර අනුර කුමාර මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත.

මේ අවස්ථා තුනේදීම පෙනී යන කාරණය නම් ජයග්‍රහණය කරා යා නොහැකි ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් ඇති සජිත් ප්‍රේමදාසට එම මැතිවරණය ජය ගැනීමේ කිසිම

හැකියාවක් නොමැති බවයි.

 

මෙම මැතිවරණය ජයගන්නේ අනුර කුමාර හෝ රනිල් වික්‍රමසිංහයි.

අද මෙම නිශ්චිත මොහොත වන විට

ජයගත හැකි අවස්ථාවන් තුනෙන් දෙකක්ම ඇත්තේ රනිල් වික්‍රමසිංහ සතුවය.

ස්තුතියි.

 

@තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි

නවතම ලිපි