SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඡන්දය නොදා සිටීම හෝ කුරුටු ගෑම කිසිසේත්ම යහපත් දෙයක් නොවේ.

එසේ කිරීම යනු ඡන්දය දෙන සෙසු පිරිසගේ මතය අනුමත කිරීමකි

 

කරුණාකර පහත සටහන කියවන්න..

 

ඔබේ ඡන්දය කලාබර ලකුණටද?

එය ඉතාම හොඳයි.

ඔබේ ඡන්දය රුවිත ලකුණට ද?

එය ඉතාම හොඳයි.

ඔබේ ඡන්දය ඉස්කෝප්ප ලකුණට ද?

එය ඉතාම හොඳයි.

ඔබේ ඡන්දය හාරත ලකුණට ද?

එය ඉතාම හොඳයි.

ඔබේ ඡන්දය ඉලිප්ස ලකුණටද?

එය ඉතාම හොඳයි.

..........

..........

වඩාත් වැදගත් වෙන්නේ පලාත් පාලන ඡන්ද විමසීමක් වේවා, පලාත් සභා ඡන්ද විමසීමක් වේවා, මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වේවා, ඔබේ ඡන්දය අනිවාර්‍යයෙන් ම භාවිතා කිරීම විනා අන් කිසිම දෙයක් නෙවෙයි.

 

කරුණාකර ඡන්දය භාවිතා නොකරන පුද්ගලයෙක්, හෝ ඡන්දය භාවිතා නොකිරීම උත්කර්ශයට නගන පුද්ගලයෙක් වෙන්න එපා. ඡන්දය අවලංගු කරන හෝ ඡන්දය කටුගා දමන, ඡන්දය දෙන්න කෙනෙක් නැතිබව උත්කර්ශයට නගන පුද්ගලයෙක් වෙන්න එපා.

 

ඡන්දය භාවිතා නොකිරීමේ, හෝ ඡන්දය අවලංගු කිරීමේ භයානක බව තේරුම් ගන්න සරල ගණිතය ප්‍රමාණවත්.

 

ඒ ඇයි?

ඡන්දය භාවිතා නොකිරීම හෝ, අවලංගු ඡන්දයක් ප්‍රකාශ කර පැමිනීම කියන්නේ ම, ඔබේ මතය ප්‍රකාශ කිරීමට ඉඩක් නොතබා ම, අනෙක් අය ප්‍රකාශ කළ ඡන්දය "අනුමත කර" පැමිනීමකට සමානයි.

 

ඒ කොහොම ද?

ඡන්ද දායකයන් පස් දෙනෙකුගේ නියැදියක් ගන්න. දෙදෙනෙක් A නැමැති පක්ෂයටත්, තවත් කෙනෙකු B නැමැති පක්ෂයටත්, තවෙකෙකු C නැමැති පක්ෂයටත් ඡන්දය ප්‍රකාෂ කරද්දී ඔබ ඡන්දය භාවිතා නොකළේ යැයි හිතමු.

 

දැන් ඡන්ද ප්‍රතිඵලය.

A පක්ෂය : 50%

B පක්ෂය: 25%

C පක්ෂය: 25%

යම් හෙයකින් ඔබ අවම වශයෙන් D යන වෙනත් පක්ෂයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කලේ යැයි සිතමු. දැන් ප්‍රතිඵලය,

A පක්ෂය : 40%

B පක්ෂය: 20%

C පක්ෂය: 20%

D පක්ෂය: 20%

 

(ලංකාවේ ජනාධිපතිවරණයක් නොවන අනෙක් සියලුම ඡන්දවල දැනට පවතින නියෝජන ක්‍රමය මේ තරම් සරල නැහැ, නමුත් මෙතන තියෙන පණිවිඩය තේරුම් ගන්න මේ උදාහරණය ප්‍රමාණවත්)

 

කියන්න අවශ්‍ය වුන දේ මෙච්චරයි.

1. තමන්ටත් සමාන ඡන්ද අයිතියක් හිමිව තිබියදී තමන්ගේ මතය ප්‍රකාශ නොකර ම, අනෙක් සියලු දෙනා දුන්න ඡන්දය මත රටේ ඉරණම තීරණය වෙන්න ඉඩ අරින කරුමයට කරගහන්න එපා.

2. ඡන්දය ප්‍රකාශ නොකිරීම උත්කර්ශයට නගන සරල ගණිතය නොතේරෙන අමනයෙකුබවට පත්වෙන්න එපා.

 

මෙතැනින් එහාට, තමන් කාටද ඡන්දෙ දුන්නේ කියන කාරණය, තමන් යම්කිසි පක්ෂයකට/කණ්ඩායමකට පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ සහයෝගය දක්වනවා ද යන්න, මේ කියන කාරණා අවශේෂ කාරණා පමණයි.

 

තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කරන්න. තමන්ගේ මතය ජනමතය තුල ප්‍රකාශයට පත් කරන්න. "අඥී චන්දි දාන්නි එකික් නෑ අඥී" නම් ඔබ ස්වාධිනව හෝ ඡන්දය ඉල්ලන්න. ඡන්දය නොදා ඉන්න එක, කටුගාලා එන එක උජාරුවෙන් කියන එක දැන්වත් නවත්තන්න.

 

- අපේ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නගේ සටහනක් ඉගිලෙන ලියමන් ලියන ස.සු. පෙ Sanduni Sudarshana Perera ගේ පෝස්ටුවකි උපුටා ගෙන සුළු සංස්කරණයක්.කර තිබේ.

බුද්ධී අපේ ආදරය සැමවිටම ඔබ සමගය.

උපුටාගැනීම - Mahinda Deshapriya fb page

නවතම ලිපි