SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රජයේ විශ්ව විද්‍යාල වලට නවකවදය කියා

ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට පැමිණීමට බයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී  චම්පික රණවක චෝදනා කරයි.

 

ඒ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භය සීග්‍රයෙන් සිදුවූ බවත් එයට වගකිව යුතු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බවටත්  ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණක් බව ඔහු  චෝදනා කරයි.

 

පාඨලී  මේ බව පවසා සිටියේ අද (01) 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වනු ලැබූ මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමිනි.

මෙම ජන හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන නායකයන් හා සමගි ජනරජ සන්ධානයේ නායකයන් බොහෝ පිරිසක් මේ සඳහා සම්බන්ධ විය.

 WhatsApp Image 2024 09 01 at 17.16.271

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක:

 

"අද ඔබ හිටගෙන ඉන්න මේ සහස් උයන හදලා මහනුවරට ආලෝකයක් අරන් දුන්නේ අපි. බෝගම්බර වැව පරිශ්‍රය පෙත්මන් හදලා දුන්නා , දළදා මාලිමාව අංග සම්පුරණ මාලිගා සංකීර්ණයක් බවට පත් කළා විදුලි පහසුකම් ජලනල පහසුකම් ඇත්ගාල ප්‍රතිසංස්කරණය කිරීම කළා. මහනුවර නගරය යටින් වසර 200 ක් පමණ පැරණි ජලය බැසයාමට තිබුණු උමං මාර්ගය යළි පිළිසකර කළා. අපි ගියාට පස්සේ අවුරුදු 5ක් ගෝඨාභයටවත් රනිල් වික්‍රමසිංහටවත් ඉතිරි කිලෝමීටර් එක හමාර ඉවර කරන්ඩ බැරි වුණා. මහනුවර නගරය විධිමත් නගරය කරන්ඩ ලෝක බැංකු ආධාරයෙන් රටේ තියෙන ඉහළම ගණයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරන්න අපි සැලසුම් කළා. නමුත් ඒ සැලසුම් ක්‍රියාත්මක කළේ නෑ. අපි පොරොන්දු වෙනවා 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ හොත් එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ මහනුවර ජනතාවට ලබාදෙනවා කියලා.

 

එදා 1815 මාර්තු 02 වෙනිදා මෙතන තිබිච්ච අපේ ජාතික කොඩිය පහලට හෙලලා, අපේ ස්වෛරීභාවය අපට අහිමි වුණාට පස්සේ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ තමයි එදා අපේ ස්වෛරීභාවය නැවත අපිට අහිමි වුණේ. 2022 අප්‍රේල් 12 වෙනිදා අපේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරලා අපේ රටේ ස්වෛරීභාවය අපේ ණය හිමියන්ට පැවරුවාට පස්සේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වුණා. ඒ නඩුවෙන් හැම පාර්ශවයකම කරුණු ඇහුවා. රජයේ විගණකාධිපතිගෙන් ඇහුවා. මහ බැංකුවෙන් ඇහුවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඇහුවා. මේ හැම කෙනාගෙම කරුණු අහලා අගවිනිසුරුතුමා ඇතුළුව ඒ විනිසුරු මණ්ඩලය ඒකමතික තීරණයක් දුන්නා රට බංකොලොත් කරලා ලක්ෂ දෙසිය විස්සක් මේ අනාථභාවයට පත් කළේ ගරු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා.

 

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වනකොට හදලා තියෙන ආර්ථිකය ඇස් බැඳුමක් විතරයි. සෑම භාණ්ඩයකටම බදු ගහලා ජනතාව බදු බරෙන් මිරිකලා පෙන්නපු ආර්ථිකයක් මේක. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් බදු පැහැර හැරපු ජාවාරම්කාර පැලැන්තියට අත තිබ්බේ නෑ. නැවත වතාවක් රනිල් එනවා කියන්නේ ඔය විධියටම තව අවුරුදු 5ක් දුක් විඳගන ඉන්ඩ කියන එකයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා මේ පාර පරදිනවා කියලා. ඒ නිසා එතුමාගේ එකම බලාපොරොත්තුව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කරලා පලිය ගන්න එක. අද මේ රටේ ලංකා බැංකුව, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් බිලියන 620 කට අධික පොලු තියලා තියෙනවා බැංකු පොලුකාරයෝ. කෝටි 66,000ක් පොලු තියලා තියෙනවා. ටිරාන් අලස් ලංකා බැංකුවට, දයා ගමගේ ඔය බැංකු ඔක්කොටම පොලු තියලා තියෙනවා.මොකද දැන් කරන්න යන්නේ රනිල් වික්‍රමසිංහ. තක්කඩි ටිකකට ණය දීලා ඒ ණය අය කරගන්නේ නැතුව අපේ ජනතාවගේ පාන් පිටි කිරිපිටි වලින් මෙයා බදු අරගෙන ඒකෙත් බැංකු බේරගන්න යනවා.

 

මාලිමාවට අනුව නම් ඔක්කොම දූෂිතයෝ. දඹුල්ලේ, අනුරාධපුරයේ, පොළොන්නරුවේ, පදවියේ, අම්පාරේ මහා ඝන කැලෑ  වැහිලා තිබුනේ. ඒ ඝන කැලෑ මැද්දේ ගල් ඔය ව්‍යාපාරය හදලා, මින්නේරිය ව්‍යාපාරය හදලා, පදවිය ව්‍යාපාරය හදලා, වැදගත් ජනාවාසකරණයක් කරලා දුන්නේ කවුද? සේනානායකලා . මාලිමාවට අනුව නම් ඔවුන් පට්ටපල් හොරු.

 

නවක වදය කියලා ලිංගික වද හිංසා වලින් පටන් අරන් තිරස්චීන වද ක්‍රියාවලියක් විශ්ව විද්‍යාල වලට ගෙනාවේ කවුද? අනුර දිසානායක මහත්තයාලගේ දේශපාලනය ලාල් කාන්ත මහත්තයලගේ දේශපාලනය තමයි ඒක කළේ. අද අවුරුදු තුනේ උපාධියට ගියහම අවුරුදු පහක් හයක් යනවා. මොකද උනේ? පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මහා ජාලයක් ඇති වුණා. රජයේ විශ්ව විද්‍යාලයට දරුවා යවන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ පුද්ගලික විශ්ව විද්‍යාල රැල්ල රටේ හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය අනුර දිසානායක මහත්තයලා. විශ්ව විද්‍යාල අරින්නෙ කවද්ද? වහන්නේ කවද්ද? ඉස්කෝල අරින්නේ කවද්ද? වහන්නේ කවද්ද? කියලා තීරණය කළේ ඒගොල්ලෝ. දරුවන්ට ලැබිච්ච එක ම දේ කඳුළු ගෑස් පමණයි. මොකද ඒවයි වද වේදනාවට ලක්වෙච්ච පරපුරක් අපි. දැන් මොකද කිව්වේ? හැම පුද්ගලික විශ්ව විද් යාලයටම විරුද්ධ වුණා. මම කියනවා පුළුවන් නම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ, තමන්ගේ දරුවෝ ගිය විශ්ව විද්‍යාල ටික පෙන්නන්න කියලා රජයේ විශ්ව විද්‍යාලය. මේගොල්ලන්ගේ සමහර අයගේ දරුවෝ කෙලින්ම පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇරියේ. පුළුවන් නම් කියන්න මගේ දරුවෝ මෙතන, මගේ දරුවෝ දෙන්නම රජයේ ඉස්කෝලේ ගියේ. මගේ දරුවෝ දෙන්නම රජයේ විශ්ව විද්‍යාලයේ ගියේ A/L පාස් වෙලා. මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න."

 

WhatsApp Image 2024 09 01 at 17.16.28

WhatsApp Image 2024 09 01 at 17.16.27 

නවතම ලිපි