SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව ලොව පුරා ඇත්තේ විශාල විරෝධයකි. ලෝකයේ අනෙකුත් රටවලට වඩා එම තත්වය යුරෝපයේදී සුවිශේෂී වේ.

යුරෝපිකයින් ඉතා සරල මතිකව පවසන්නේ නැවත නම් හිට්ලර් වැනි අයෙකු එපා යනුවෙනි.

 

පළමුව හිට්ලර්ට අවශ්‍ය වූයේ නව යුරෝපා රටාවක් ගොඩනැගීමටය. ඔහුට යුද්ධය අවශ්‍ය වූයේ ඒ සඳහාය. නමුත් අවසානයේ ඔහුට මුළු ලොවම එරෙහි වූයේ එම ම්ලේච්ඡ යුද්ධය හේතු කොටගෙනය. හිට්ලර් බලයේ සිටියදී ජර්මානුවන්ගෙන් ඉතා අති බහුතරක් ඔහු භාරගනු ලැබූයේ නායක උතුමාණන් සහ මගපෙන්වන්නා යන අර්ථය තුලය. නමුත් ලෝකය එසේ භාරනොගත්තේය. අනෙකුත් රටවල ජනයාට අනුව හිට්ලර් ඇතුළු දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය යනු තම ජාතික රාජ්‍යයන් ආක්‍රමණය කරන, ජාතිකත්වයන් පිළිනොගන්නා, ජාතිවාදී උන්මත්තකභාවයකි.

 

එලෝන් මස්ක්ට ද අවශ්‍ය  වී ඇත්තේ නව ලෝක රටාවක් ගොඩනැගීමටය. නමුත් ඒ ඍජු යුද්ධයකින් හෝ ඍජු සන්නද්ධ ආක්‍රමණශීලීත්වයක් තුල නොවේ (නමුත් එහි ආක්‍රමණශීලීත්වයක්, යටහත්කරණයක් නොමත්තේ නැත). ජර්මානුවන් හිට්ලර් නායකයා සහ මගපෙන්වන්නා ලෙස භාරගෙන තිබූ පරිදිම ලොව එලෝන් මස්ක් භාරගනිමින් සිටී. ඔහු ඉදිරියේදී ජාතික රාජ්‍යයන් ආක්‍රමණය කරනු ඇත්තේ ඍජු යුධ කටයුතු හරහා නොවුන ද ඔහුගේ ආක්‍රමණය හිට්ලර්ගේ ආක්‍රමණයට වඩා සාර්ථක වනු ඇත. විශේෂයෙන්ම Neuralink යටතේ ඔහු බලාපොරොත්තු වනුයේ ඩිජිටල් අවකාශයක් තුල අපගේ මනස පාලනය කිරීමට හැකි ව්‍යුහයක් ගොඩනැගීම සඳහාය. සරලව පවසන්නේ නම් එවිට සිදු වන්නේ අප සියලු දෙනාගේ මොලයේ තැන්පත් කරනා චිපයක් මගින් ඊට අදාළ ඩිජිටල් අවකාශට මිනිසුන්ගේ සබන්ධය පවත්වා ගනිමින් ඔවුන්ගේ මනස් පාලනය කිරීමයි. එවිට ප්‍රශ්නය වන්නේ එම ඩිජිටල් අවකාශය නම් ව්‍යුහයට පිටතින් සිට එය සිදු කරනා කණ්ඩායම (පාලක කණ්ඩායම) කවුරුන්ද යන්න සහ ඔවුන් තෝරාගන්නේ හෝ අභිෂේක ලබන්නේ කෙසේ ද යන්නයි. එනම් ඔවුන් ශික්ෂ්‍යකයින් ලෙස අභිෂේක ලබන්නේ කෙසේ ද යන්නයි.

 

තත්වය එසේ වුවත් හිට්ලර් ප්‍රතික්ෂේප කරනා ලෝකය එලෝන් මස්ක් භාරගනිමින් තිබේ.

 

හිට්ලර් ප්‍රතික්ෂේප වන්නේ හිට්ලර්ගේ බලය පදනම් වූයේ "ඒකාධිපති පාලනය, මහා පරිමාන මනුෂ්‍ය ඝාතන ඇතුළු ප්‍රචණ්ඩත්වය සහ යුධමය වශයෙන් රටවල් ආක්‍රමණය කිරීම යන ප්‍රතිපත්තීන්ට එරෙහි බැවිනි. කෙටියෙන් පවසන්නේ නම් හිට්ලර් ප්‍රජාතන්ත්‍ර විරෝධී වූ අතර මස්ක්ගේ බලපෑම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ආර්ථික බලයෙන් සහ විද්‍යා-තාක්ෂණික නවෝත්පාදනයෙන් ව්‍යුත්පන්න වී ඇත.

 

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලත එලොන් මස්ක් දෙස බලන්නෙකුට පෙනී යන්නේ හිට්ලර්ට සමාන ජන සංහාරක හෝ ලෝක ආධිපත්‍යය දරන අභිලාෂයන් ඇති බවට මස්ක් වෙතට යෝජනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

 

ඊට අමතරව Neuralink තාක්ෂණය මිල අධික හෝ සුවිශේෂී බවට පත් වීම නොවැලැක්විය හැකිය. එය දැරිය හැකි අය සහ නොහැකි අය අතර සැලකිය යුතු බෙදීමක් ඇති වීම ද ඉදිරියේදී නොවැලැක්විය හැකිය. මෙමගින් පවතින සමාජ හා ආර්ථික අසමානතා තව තවත් උග්‍ර වනු ඇත්තේ රාජ්‍යයන් තුලම සහ රාජ්‍යයන් අතර ලෙසිනි.

 

උදාහරණයක් ලෙස Neuralink චිපයක් දැවී කල ළමයෙකු අනෙක් ළමුන් අභිබවා වේගයෙන් අධ්‍යාපන කටයුතු කරනු ඇති බවත්, ඔහුගේ අධ්‍යයන ධාරිතාව අති විශාල වන බවත් එලෝන් මස්ක් පවසයි.

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි