SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අන් කවරදාකටත් වඩා මෙවර ජනාධිපතිවරණය සුවිශේෂය යන්න සුගලා බලමින් සිටි

හෑම පත්තර පිටුවේම නොලියා ලියා තිබුණි.

 

හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් වුනු රාජිත උන්නැහේ කියල තිබුණෙ මේ වතාවෙ මැතිවරණය කවදාකවත් නොතිබුනු පාහෙ මැතිවරණයක් නොව යුද්ධයක් බවය.

මේ අතර නිල-නොනිල, ව්‍යාජ- නිර්ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵලත් අතරින් පතර ලියැවිලා ය.

 

එක පක්ෂයක් දීමනා දෙන ගණනට වඩා වැඩි පොරොන්දුවක් අනෙකා පොරොන්දු වෙන්නේය.

බංකොළොත් වූවා යැයි කියන්නටවත් බැරි ගානට රටේ මිනිස්සුන්ට අරක දෙනවාය, මේක දෙනවායැයි පොරොන්දු කප්පරකි.

හිරිකිත විදිහටම එම පොරොන්දු වේදිකාවල කියවෙනවාය.

 

මේ මොනව උනත් සුගලාට නිරන්තරයෙන් ම හිතුනේ මේක පහසු වෙන්න දෙන්න නම් මෙතෙක් බලයෙ රැඳී ක්‍රීඩාකළ කිසිදු දක්ෂින පක්ෂයක් ඉඩ  නොදේවීම කියලයි.

 

ඒත් සජිත් නොවන වෙනත් ගෝලයෙක් සමගි ජන සන්දානයේ හිටියානම්..

එහෙමනම් මේ වෙද්දිත් රනිල් ලොකු උන්නැහේ එක්ක ගිවිසුම්ගත වෙලා ඉවරයි  වගේ අදහසක් සුගලා තුළ නිරන්තරයෙන් ම වැඩුනි.

දැන් මොකද වෙන්නෙ?

මොකද ගම්බිම් බුරුතු පිටින් වැඩේට බැහැල මාලිමාව එක්ක එකතු වෙලා ය.

 එහෙම උනත් සුගලාට හිතුණේම අන්තිම මොහොතෙ හෝ අව්රුදු ගානක් දේශපාලනයෙ ඇටුවම් බැහැපු, බලය රහකර වැළඳූ උන්නැහේලා කුමන හෝ දහන් ගැටයක් ගහනු ඇතැයි කියාය.

 

රාජපක්ෂලා උන්නැහේලාව ගේන්න දිවි හිමියෙන් වැඩ කළ ඈයිනුත් එදා එහෙම වැඩ කළේ තමන්ට ලැබෙන කුමන හෝ ප්‍රතිලාභයකට වුවත්, මෙදා පාර මාලිමාවට එක්වෙලා තියෙන්නෙ සතපහක වත් දෙයක් ඉල්ලන්නෙ නැතිව කියල ප්‍රසිද්ධියේම කියන්නත් පටන් අරගෙන ය.

 

රාජපක්ෂ උන්නැහේලා  මේ දේවල් මේ විදිහටම වෙලා රතු පක්ෂෙ උන්දැලට මේ පාර අවස්ථාව ගන්න ඉඩ දේවිද?

නැහැ කොහෙත්ම වෙන්න බැහැ. ඒකට කට්ටිය එකතුවෙලා තීරණයකට එන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩිය.

සුගලා දේවී හීන් සීරුවේ ජයවඩ්ඩන පුරේ දරුවන්ගෙ ලඟට ගිහින් ඉන්න ලොකු නිළමේ ඇත්තන්ට කතාකොරන්න  ටැලිෆෝනය අතට ගත්ත.

 

නිළමෙ අයියෙ මොකද මේ වෙන්නෙ? ලොකු ලොකු පක්ස ටික හෙමීට එකතුවෙලා වැඩක් දෙන්න හදනවයි?

 

අපේ සුගලා දේවීටත් තවමත් ඉව තියෙනව වගේ වෙන්න යන දේවල් ගැන හිතන්න.

ඔව් ඔව්.. මේ කට්ටියට  පොඩී පරහකට තියෙන්නෙ අර සජිත් ඇත්තො අඩියක් පස්සට ගන්නෙ නැති එක නේ. හැබැයි ඉතිං රනිල් උන්නැහේත් ඒ තරමටම මුරණ්ඩු ළමයෙක්ගෙ සැම්පලේ නේ..එයාටම මේකෙ බලය ඔින වෙලාම නේ ඉන්නෙ.

 

 

මට මහ මොකක්දෝ අමුත්තක් දැනෙනව නිළමේ අයියා. හැම අපේක්සක ඇත්තෙක්ගෙම  තරඟ කොරනවට අමතරව යට පෙළේ මොකක්දෝ දෙගිඩියාවක් තියෙනව වගේ.

 

 

ඔින්න නගෝ ඊයෙ පෙරේද ඉඳල පො‌හොට්ටුවෙ මහ ඇත්තොත් එක්ක දැන් ඉන්න ලොක්ක ආයෙත් හොරෙ රහසෙම සාකච්ඡා කොරනවලු.

 

ඒක එහෙම වෙන්න එපායැ නිළමෙ අයියෙ. ඔය කට්ටියම බයේ නොවැ ඉන්නව ඇත්තෙ. හංගන්නයි, හැංගෙන්නයි කරුණු කාරණා නැතෑ අනන්තවත්.

 

ඒ මක්ක උනත් ඔය කියන හැටියටම දේවල් සිද්ද කොරන්නෙ නැහැ මාලිමා කට්ටියත්, දැන් අර ඉස්සර තිබුණු පක්ස පාට නොවෙයි නොවැ. මේ ඇත්තොන්ටත් ඔින කොරන්නෙ මේ කාල බීල ඇඳල ඉන්න එක මීටත් වඩා හොඳට ‌ොරගෙන යන්ට මිසක්ක වෙනසක් කොරන්නය කියල මට නං හිතෙන්නෙ නැහැ අයියන්ඩි.

එතකොට නිලමෙ අයියෙ අර ජාතිකවාදීන් ටික එක්කහු කර ගත්ත දිලිත් උන්නැහේ ගැන මොකද කියන්නෙ.

 

සුගලා දේවී දන්නවද ඔය කණ්ඩායමෙත් පොදු මතය තියෙන්නෙ මාලිමාවට විරුද්ධව නොවැ. ඒකෙ හිටපු ඔය වීරවංස උන්නැහේත් උන්දැල බලයට එනවට විරුද්ධයි  නොවැ. ඉතිං දිලිත් උන්නැහේ ව දාල කලෙත් ටිකමයි.  කට්ටිය නම් කියන්නෙ එයාව දැම්මෙත් අන්තිමට බැලුවහම රනිල් උන්නැහේ වෙනුවෙන්ය කියලයි.

 

ඒ මොක උනත් නිළමෙ අයියන්ඩි ඔය ලොකු ලොකු දේසපාලනය ගැන කතා කොරන උන්නැහේල නම් කියන්නෙ මේ හැමෝම එකට එකතුවෙලා හරි මෙදා සැරේ මාලිමාව බලයට එන එක වලක්වයි කියල.

 

ඇත්තටම සුගලා දේවී ඔය අනුර උන්නැහේ එක්ක තරඟ කොරන්න නම් ඉන්න තිබුණෙ පාඨලී උන්නැහේ නොවැ.

මොකක්දෝ කරුමෙකට උන්නැහේට හරි හමන් සන්දානයක් පක්සයක් එක්තැන් කොරගන්න අසීරු වෙනව නොවැ.

මේ වතාවෙ නම් ඒකට ලොකු දහිරියක් දැම්ම.. ඒකටත් වැඩේ දුන්නෙ අර තමංටත් නැති අනුන්ටත් නැති රටටත් නැති හිටපු නායක ඇත්තො නොවෑ..

 

 

ඔින්න අයියන්ඩි පහුගිය දවසක අපේ රුහුණු රටේ මංගල උන්නැහේගෙ තුන් අව්රුදු සැමරුමෙදිත් එතැන්ට ආව දක්ෂින කඳවුරෝ ඇත්තො හැමෝම නොකිය ඉල්ලුවෙ මේ වෙලාවෙ එකතු වෙමු කියලනේ.

මේ කව්රු මොනව කිව්වත් මේ රටේ මිනිස්සු මෙදා සැරේ උන්දැලට දැනෙන හැටියට තීන්දුවක් දෙන්නෙ නැතෑ.

අයියන්ඩි ආයෙ රුහුණු රටට ඉක්මනින් එන්නකො හේනං ඔය ඡන්දෙ අහන්නත් එක්ක. මම නවතින්නං අයියන්ඩි.

 

@සුගලා

නවතම ලිපි