SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • සුරාබදු පොලු තියපු සමාගම්වල බලපත්‍ර අහෝසි කරලා, බදු අයකරලා පෙන්වලා කතා පවත්වන්න
  • අප සම්පූර්ණ කළ අරුවක්කාලුවට කසල ගෙනියන්න මේ අයට අවු. 5 ක් ගියා. කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙ එක් නැවතුමක්. රැලිවලට අහුවෙලා ඒවා අහිමි වුණා. ආයෙත් රැලිවලට අහුවෙන්න එපා

 

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (26) දින කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අදහස් දක්වන ලද අතර ජන හමුවෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද පිළිතුරු සැපයුවේය.

 

ප්‍රශ්නය:

සුරාබදු කොමසාරිස්වරයා ජනාධිපතිට කියලා තියෙනවා ඔය කියන තරම් බදු හිඟයක් නෑ කියලා.?

 

පිළිතුර:

මං දන්නෑ එතුමා එහෙම එකක් කිව්වද කියලා. පළමුවෙන්ම එතුමාගෙන් ඉල්ලා හිටිනවා සුරා බදු කියන්නේ මත්පැන් කියන්නේ අත්පිට මුදලට විකුණන දෙයක් පනතට අනුව. බිලියන 7.9 බදු තියෙනවා අතීත බදුත් එක්ක. මේ වසරේත් තියෙනවා විශාල බදු හිඟයක්. ඒක අපේ වාර්තාවේ තියෙනවා.

 

මුලින් තමන්ගේ බදු ටික එකතු කරලා පෙන්නන්න කියලා එතුමාට කියනවා. මේ රටේ 2023.12.31ට අය කර නො ගත් හිඟ බදු ප්‍රමාණය රු. බි. 1120 යි. ඒ වගේ ම 2023 වර්ෂයේ අත්හරින ලද බදු ප්‍රමාණය රු. බි. 978 යි. මේ දෙක එකතු කළා ම රු. බිලියන 2000 යි. ඒක තිබුණා නම් ඇත්තටම අපේ රටේ රාජ්‍ය ආදායම දෙගුණ කර ගන්න තිබුණා. ඒක අසත්‍යයක්.

 

ඒ පිළිබඳ එන නියම සංඛ්‍යා ලේඛනය, ඒ නියම සංඛ්‍යා ලේඛන අරන් තියෙන්නේ අපේ අතින් නෙමෙයි. ඒ අදාළ ආයතන. සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරපු වාර්තා වලින් තමයි ඒක අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ එවැනි දෙයක් එතුමා කිව්වා නම් මං මවිත වෙනවා. මොකද එතුමාගේ බදු ටික අය කරලා පෙන්නන්න කියලා එතුමාට මම කියනවා. මොකද එතුමන්ලාට අපි නියෝග දුන්නා. මේ බදු ගෙවන්නේ නැති සමාගම් දෙකක් තියෙනවා. ඒ සමාගම් දෙකෙන් එක සමාගමක් බොහොම නිර්දය විදිහට, කැත විදියට, නිර්ලජ්ජිත විදිහට බදු ගෙවීම් පැහැර හැරලා තියෙනවා. නමුත් මේ මුදල් අමාත්‍යාංශයට හෝ සුරා බදු දෙපාර්තමේන්තුවට කොන්දක් නෑ මේ අයගේ බලපත් තාවකාලිකව නතර කරලා මේ බදු අය කර ගන්න. එතකොට මේ බලපත්‍රය තාවකාලිකව නවත්තලා බදු අය කර ගැනීමේ ක්‍රියාදාමයක් 2023 නොවැම්බර් 01 වෙනිදා කළා. ඒ ක්‍රියාවලිය දැන් අත්හැරලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඒ බදු පොලු තියපු සමාගම්වල බලපත්‍ර අහෝසි කරලා පුළුවන් නම් බදු අය කරලා පෙන්නලා ඔය වගේ කතා පවත්වන්න කියලා සුරා බදු දෙපාර්තමේන්තුවටත්, මුදල් අමාත්‍යාංශයටත් කියන්න ඕනේ.

 

ප්‍රශ්නය:

අරුවක්කාලු කසල අංගනය විවෘත කරලා තියෙනවා. මං හිතන්නේ ඔබතුමාගේ ව්‍යාපෘතියක්. මොකද හිතන්නේ ඒ ගැන?

 

පිළිතුර:

අරුවක්කාලු කසල අංගනය බොහෝම විරෝධතා මැද හදලා අපි ඒක සම්පූර්ණ කළේ 2019. නමුත් අවුරුදු පහක් ගියා. ඒ කසල පටවන තැනත්, ඒ වගේ ම ඒ දුම්රිය කටයුතු ටිකත් කරන්න. අපි සතුටු වෙනවා ඒ දේ කරන එක ගැන. ඒ හින්දා පළමුවෙන් මම ඉල්ලා හිටිනවා අපි කොළඹ කසලින් විදුලිය නිපදවන කෙරවලපිටියේ බලාගාරයක් තියෙනවා. ඒකේ තියෙනවා විශාල අළු ප්‍රමාණයක් ඉතුරු වෙලා. මුලින්ම ඒ අළු ප්‍රමාණය එතනට ගෙනිහිල්ලා තැන්පත් කරන්න. ඒ වගේ ම බස්නාහිර පළාතේ ප්‍රශ්නය අරුවක්කාලු කසල අංගනයෙන් මේ සියවසට ඒ කියන්නේ 2100 විසඳෙනවා. ඒක රජයේ අරමුදල් වලින් අපි කළේ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. ඒකට විශේෂයෙන්ම සහයෝගය දීපු සියලු ම නිලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙනවා. අපේ කසල ලොරි වලට ගල් පහරවල් දීපු අය. ඒක පෙරළා ඒකට ගිහිල්ලා ඒකේ ආයතන හානි කරපු අයටත් අපි ස්තූතිවන්ත වෙනවා ඒ බාධා නිසා තමයි අපේ ධෛර්යය වැඩි වුණේ.

 

ප්‍රශ්නය:

මැතිවරණ කොමිසමට මැතිවරණ පැමිණිලි දහසකට වැඩිය ඇවිල්ලා තියෙනවා. එයින් සීයට අනූවක් ම පොදු දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන්?

 

පිළිතුර:

ඔව් ඒ පිළිබඳ මැතිවරණ කොමිසම නිකම් වාර්තා නිකුත් කරන්නේ නැතිව ක්‍රියා කරන්න ඕනෙ ප්‍රධාන කරුණු තුනක්. එකක් රු. 190 යි කියලා තියෙනවා අපේක්ෂකයෙකුට වියදම් කරන්න පුළුවන්. දැන් මේ බස් වලින් සෙනඟ ගෙනෙල්ලා, රැස්වීම් පවත්වන ඒවයේ අයවැය වාර්තා පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන්න ඕනෙ.

 

ඒ වගේ ම විශේෂයෙන්ම මාධ්‍ය හැසිරීම, සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය හැසිරීම පිළිබඳ අපට එදා නාම යෝජනා දීපු දවසේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වා අපේක්ෂකයින්ගේ අපේක්ෂකත්වය තහනම් කරන්නත් අපේක්ෂකයෙක් ජනාධිපති වුණහම ඒක කරන්නත් එතුමාට බලය තියෙනවා කියලා. අපි බලා ගෙන ඉන්නවා එතුමා මේ මූලික කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ජනමාධ්‍යවල හැසිරීම සහ අරමුදල් රිසි සේ පාවිච්චි කිරීම කියන මේ කාරණා සම්බන්ධයෙන් එතුමා ගන්න පියවර ගැන අපි බලා ගෙන ඉන්නවා.

 

ප්‍රශ්නය:

කඩවත බහුවිධ මධ්‍යස්ථානය විවෘත කරලා තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?

 

පිළිතුර:

ඇත්තටම මේ රටේ අවාසනාවන්ත ඉතිහාසයක ලොකු ප්‍රතිබිම්බයක්. කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හැදුවේ, කොට්ටාවේ වගේ ම, රාගම ඉඳන් සැහැල්ලු දුම්රිය සේවයක් ගෙනල්ලා කඩවතට. කඩවතින් කැලණියට ගෙනල්ලා. කැළණියෙන් මේ අංගොඩ, කොලොන්නාව ප්‍රදේශයට ගෙනල්ලා, කොලොන්නාවෙන් මේක ගෙනියන්න මරදානට. ඉතින් ඒ ව්‍යාපෘති සියල්ල අර 69 ලක්ෂයක් පෙන්නලා රවට්ටලා, ඒ ව්‍යාපෘති සියල්ල අවසන් කළා. අද 2024 අගෝස්තු, මේ වෙන කොට ඒ සැහැල්ලු දුම්රිය කැළණිය ප්‍රදේශයෙන්, ඒ වගේම කොළොන්නාවෙන් මරදාන කරා යන්න තිබුණා. 2019 මාධ්‍ය සංග්‍රාමයකට අහු වෙලා රැවටීමකට අහු වෙලා, වීරයෙක් ජනාධිපති කරන්න උත්සාහ නො කළා නම්, ඒ වගේ ම නැවත වතාවක් ඒ වගේ රැළිවලට අහු වෙන්න එපා. මහපොළවේ ප්‍රායෝගික්ව වැඩ කරපු මිනිස්සු විශ්වාස කරන්න.

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පොඩි ගැට‍ළුවක් ඇතිවෙලා තියෙනවා නිකුත් කිරීමේ. ඒ කියන්නේ පාස්පෝට් ගන්න ඉන්න ජනතාව, දැඩි දුෂ්කරතාවලට පත් වෙලා තියෙනවා.

 

ඇත්තටම මෙතන කරලා තියෙන්නේ අර මේ රටට එන ප්‍රධාන ආදායම් මාර්ග දෙක ම මේ ඇමතිවරයා නතර කරලා තියෙනවා. සංචාරකයෝ එන එක ඉතා ම බරපතළ අර්බුදයකට යවලා තියෙනවා. ඕනකමින්මයි ඒක කරලා තියෙන්නේ. මොකද ශ්‍රේෂ්ඨාධිකණයෙන් දීපු නියෝගය නො තකා ඔහු ක්‍රියා කිරීම නිසා අද සංචාරකයෙකුට ලංකාවට ඇතුළු වීමට තිබූ එක මගක් වෙච්ච ඔන්ලයින් වීසා ක්‍රමය සම්පූර්ණයෙන් වගේ ඇණ හිටවලා තියෙනවා. ඒකෙන් යම්කිසි පිරිසකට බාධා පැමිණිලා තියෙනවා. රටට ඩොලර් එන එක නතර කරලා තියෙනවා. ජනාධිපතිවරයාට කොන්දක් නෑ. මේ ආගමන විගමන පාලකවරයා ඉවත් කරලා හරි මේ ඇමතිවරයා ඉවත් කරලා හරි රටට එන සංචාරක පිරිස වැඩි දියුණු කර ගන්න.

 

අනිත් පැත්තෙන් මේ රටේ අපේ තරුණ ජනතාව විදේශගත වීමෙන් තමයි තමන්ගේ අනාගතය සාර්ථක කර ගන්න උත්සාහ කරන්නේ. මේ ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක  විය යුතුයි. ආගමන විගමන පාලක වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. එතනත් බරපතළ වංචාවක් සිද්ධ වෙනවා. ඒ හරහා රටින් පිටරටට ගිහිල්ලා යම්කිසි මුදලක් රටට දායක කරන්න තිබුණු අවස්ථාව නැති වෙනවා. මේ ඇමතිවරයා, ආගමන විගමන පාලකයෝ ඉවත් කරලා කටයුතු කරන්න. උසාවියේ නියෝග පිළිනොපැදීම සම්බන්ධයෙන්, ඉදිරි කාලයේ දී අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්