SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනපති අපේක්ෂක සජිත්ගෙන් විශේෂ නිවේදනයක්!

වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

සේරුවිල පැවති ජන රැලියට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

 දඩුවම රනිල්ට

 

"මම කැමතියි විශේෂ නිවේදනයක් කරන්න. මේ රටේ ලක්ෂ ගණනක ජනයා දුප්පත්කමින් මිරිකිලා. අපි ජීවත් වීමේ මාර්ගයක් නැති දුෂ්කර ජීවිතයක් ගතකරන දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, අස්වැසුමෙහි එන හොඳ ගුණාංග ගෙන අඩුපාඩු ඉවත් කර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දුප්පත් පවුලකට මසකට රු.20,000ක් දෙනවා. මාස 24ක් තුළ දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පරිභෝජනය, ආයෝජනය,ඉතිරිය, නිෂ්පාදනය සහ අපනයනයට මේ ක්ෂේත්‍ර 5 ඔස්සේ දුප්පත්කම නැතිවිය යුතුයි. කවුරුත් කැමති නැහැ දුප්පත්කමේ රැඳීසිටින්නට. අපේ රටේ කිසිවෙකුට අත නොපා ජීවත්වීමට කැමති ජනතාවක්. කාන්තාව මුල්කරගෙන මේ සහන ලබාදෙනවා. කන්තලේ සීනි කම්හල ශක්තිමත් කරනවා. ප්‍රදේශයේ දියුණුව උදෙසා එය සිදුකරනවා සේරුවිල ජනතාවට ජයවේවා!"

 

රනිල්ගෙන් අනතූරු ඇඟවීමක්!

ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 

නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් පවසන ආකාරයට IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගියහොත් එවන් ඉරණමක් අත්වන බවය.

 

ranil anthurak

 

"කණ්ඩායම් විදියට අවුරුදු දෙකකින් එය කළා. රටවල් 18ක්, IMF සංවිධානය, ලෝක බැංකුව, ADB සමඟ ගිවිසුමකට ඇවිල්ල තියෙනවා.  ඒ අනුව ඉදිරි වැඩ කරන්න තියෙන්නේ. මම අහන්නේ තමන්ගේ ඡන්ද ප්‍රකාශවලින් කියන දේ කළොත් ගිවිසුම් කැඩෙනවා. ඒවට වෙනම මුදල් හොයන්න ඕන. වැට් අඩුකළොත් ආදයම් බදු වැඩිකරන්න වෙනවා.  එකක් වෙනස් කරන්න බැහැ. ට්‍රිලියන 5 සොයන ක්‍රමය වෙනස් කළ හැකියි. හැබැයි ඉල්ලක්කයේ ඉන්න ඕන. ඉතින් මේ ඉලක්කේ දෙන්නේ නැතිනම් මොකද්ද වෙන්නේ.  ඒ අය කියනවා IMF එක එක්ක අපි කතා කරනවා කියලා.  IMF සමඟ කතා කළාට වැඩක් නෑ , බලතල නැහැ. රටවල් සමඟ කතා කරන එක පහසු නැහැ. ඒ අය ඇවිල්ල බලන්නේ ගිවිසුම් අනුව ක්‍රියාකළාද ? ඊළඟ මාස හයේ කරන්නේ මොනවද බලනවා. අපි කිව්වොත් සංශෝධනය කරනවා කියලා. එහෙනම් ආයිත් සූදානම් වෙන්න පෝලිම් යුගයකට. ඊළඟට හොරු අල්ලනවා කියනවා. අපි  2015දී හොරු අල්ලන් ජවිපෙට භාරදුන්නා. ආණ්ඩුව ආපුවාම අපි දුෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් ඇති කළා. පුද්ගලයින් පත්කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ අය ආනන්ද විජේපාල දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයට පත්කළා. මම දන්න හැටියට මේ වැඩේට පත්කරනවා නම් ප්‍රධානියා පොලීසියේ හෝ නිතීඥයෙක් විය යුතුයි.  ආනන්ද විජේපාල ඒ දෙකටම අයිති නැහැ. ෆයිල් 400කට අදාළ පුද්ගලයින් නම් කළා. එක් එක් තැනින් විමර්ශනට විමර්ශන සාර්ථකයි අසාර්ථකයි කියලා මට බැනලා වැඩක් නැහැ. මට තිබුණේ මුදල් දෙන්න. මම කින්නේ මීයෝ අල්ලන්න දත් තියෙන බළලෙක් දාන්න ඕන."

 

රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන දේ

 

සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර,

 

dilith apura rally 25

 

"රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා ව්‍යවසායකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් විශාල කොටසක් වැයවෙනවයි කියන එක යථාර්තයක්. අවාසනාවකට වගේ මේ විග්‍රහයේ වරදක් තියෙනවා. ඔවුන් අකාර්යක්ෂම යැයි සහ බරක් යැයි අපට හැඟෙන අවස්ථාවන් තිබෙන්නේ බොහොම විරල අවස්ථාවන්. ත්‍රිවිධ හමුදාව අපට දැනෙන්නේ නැහැ අකාර්යක්ෂමයි කියලා. වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ඔවුන්ගේ වැටුපට සාපේක්ෂව ඔවුන් ලබාදෙන සේවය මොන පැත්තෙන් ගත්තත් විශාල සේවයක්. ගුරු වෘත්තිය සහ විදුහල්පති සේවයත් එහෙමයි. හොඳට වැඩකරන රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕන ප්‍රසාද දීමනා. මූලික වැටුපට අමතරව. අද රාජ්‍ය සේවකයාගේ වැටුප් වර්ධක, උසස්වීම් ලබාදෙන්නේ සේවා කාලය හා විභාග මතම පමණයි. හොඳට වැඩ කළාට කාටත් උසස්වීම් ලබාදෙන්නේ නැහැ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වගේ. ඒ නිසා අපේ යෝජිත වැඩපිළිවෙල තුළ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය නිලධාරියෙකු බිහිකිරීමට බලාපොරාත්තු වෙනවා."

 

ඒක ඔවුන් තෝරා ගන්නා මාවත. මේක තමයි අපි තෝරා ගන්නා මාවත

‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) තලවතුගොඩ  මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්විනි.

ප්‍රමුඛතම කාර්යය පුරවැසියන්ට ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ලබාදීමට බව එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.

 

1724665830 650x433

 

“අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. මේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට නම් අපි බලවේග එකතු කළ යුතුයි. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කර ගනිමින් ඒ අය බලමුළු ගන්වමින් ඉදිරියට ආවා. ඒ විතරක් අපිට ප්‍රමාණවත් නැහැ. අපි ශක්තිමත් මතවාදයක්ද ජනතාව අතරට ගෙන යා යුතුයි. දීර්ඝ කාලයක් මේ රට වැටී තිබෙන අගාධය පිළිබඳව, ඊට හේතු පිළිබඳව සහ ඉන් ගොඩ යන්නේ කෙලෙසද යන්න පිළිබඳව මේ රටේ ජනතාව සමග සාකච්ඡා කළා. ඒ සියල්ල සම්පිණ්ඩනය කරලා අපේ රටට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම තමයි අපේ ඊළඟ අදියර වුණේ. ඒ අදියර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරලා තිබෙන්නේ. අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. ඊට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අප රට ගොඩනැගිය හැකි මාවතද අප සතුව තිබෙනවා. අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් 21 උදාවෙනවා.

 

අපේ මේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර 39ක කරුණු ගොනුකරමින් සාකච්ඡා කළා. අධ්‍යයනය කළා. බොහෝදෙනා මේ කාර්යය සඳහා තම කාලය, දැනුම නිර්ලෝභීව ලබා දුන්නා. ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම රටේ විවිධ තලවල ඉන්න ජනතාවත් සමග, ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන් සමග මේ වැඩපිළිවෙළ පිළිබඳව අපි සංවාදයක් කළා. කරුණු එකතු කළා. ඒ නිසා අපි උඩ සිට බලන ක්‍රමවේදයකට වඩා ඒ ඒ ක්ෂේත්‍රවල සිටින ජනතාවගේ අවබෝධය, අත්දැකීම් සහ ඔවුන්ගේ වුවමනාවන් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගු විය යුතුව තිබුණා. ඒ අත්දැකීම් සියල්ල පදනම් කරගෙන අද අපිට “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” කියන තේමාව මුල් කරගෙන දියුණු සහ සාර්ථක වැඩපිළිවෙළක් එළිදක්වන්න පුළුවන් වුණා.

 

වඩාත් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳවත් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ වැඩපිළිවෙළ පිළිබඳවත් දියුණු සහ ගැඹුරු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඉංජිනේරු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍යය ආදිය ඇතුළත් සමාජයේ සියලු ක්ෂේත්‍ර පිළිබඳව හා ඒවා ගොඩනංවන ආකාරය පිළිබඳව විධිමත් සැලසුම් මේ වැඩපිළිවෙළ තුළ අපි ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ අඩංගු වන්නේ එම සියලු ක්ෂේත්‍රවල සාරාංශයක් පමණයි. වැදගත් ක්ෂේත්‍ර සියල්ලේම එකිනෙකට අදාළ පුළුල් වැඩපිළිවෙළ අපි වෙන වෙනම ඉදිරිපත් කරනවා.

 

පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන, අපි ගැන අපිට වඩා කතාකළේ වෙන අය. අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, අපේ ආණ්ඩුකරණය පිළිබඳව වැඩිපුරම කථා කරන්නෙ වෙන අය. අපි ගොඩාක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය දේවල් සමග ගැටුමකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. නමුත් අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද  තොරතුරු ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබාදී තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙළ තමයි අපේ භාවිතය. ඔවුන්ට හිමි භාවිතය තමයි, අසත්‍ය, අවලාද, විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීම. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත. මේක තමයි අපි තෝරා ගන්නා මාවත”.

 

2024/08/26