SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටිය ද, රනිල් වික්‍රමසිංහ සැබවින් ම ස්වාධීන

අපේක්ෂකයෙකු නොවන බව දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

 

dayan 3

 

"රනිල් ඇත්තට ම ස්වාධීන අපේක්ෂකයෙක් නෙවෙයි. එතුමා වටේ ඉන්නවා දේශපාලන පක්ෂ රැසක්. හැබැයි ඒ සියලු පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ දුර්වල පක්ෂ."

 

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම ඔහුට යම් වාසිසහගත තත්ත්වයක් පවතින බව මතුපිටින් පෙනුණ ද එහි සත්‍යතාවක් නැතැයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේ ය.

 

"එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්. ඒ පක්ෂයෙන් රනිල් තරග කළා නම් ඔහුට ලොකු අවාසියක් වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් ඔහු ස්වාධීනව ඉදිරිපත් වුණේ. ඒත් ඔහුට ඒකෙන් කිසි ම වාසියක් වෙන්නෙ නැහැ කියන එකයි මගේ අදහස. මොක ද ඔහු වටේ එකතු වෙලා ඉන්නෙ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනික වශයෙන් අසමත් කණ්ඩායම් කිහිපයක්. ඒ නිසා ඔහුට ස්වාධීන අපේක්ෂකයෙකු වීම වාසියක් කියල මම හිතන්නෙ නෑ."

 

'මේකෙන් පේන්නෙ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම රනිල් පිළිගත්තා කියන එකයි'

 

dayan 4

 

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ දක්වන්නේ වෙනස් අදහසකි.

 

ඔහු පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම තුළින් ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වැටී ඇති තැන පැහැදිලි වන බව ය.

 

"ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට තරග කරන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය අතිශයින් දුර්වල තත්ත්වයක පවතින නිසයි. මේ මොහොතේ දුර්වල ම සංවිධානාත්මක ශක්තියක් පෙන්නුම් කරන පක්ෂය තමයි, එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ඔහුගේ මේ අපේක්ෂකත්වයෙන් මට නම් පෙනෙන්නේ, ඔහුගේ පක්ෂය දුර්වල බව ඔහු ම පිළිගෙන තිබෙනවා කියන අදහස යි. ඒ නිසා ඔහු ස්වාධීනව තරග කිරීමෙන් සැලකිය යුතු වාසියක් අත්වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ."

 

 

dayan 2

BBC ඇසුරිනි.