SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

* ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සදහා 15% පොළිය නැවත


* වැඩිහිටි දීමනාව 5000 දක්වා ඉහළට
* රාජ්‍ය සේවකයන්ට මෙන්ම විශ්‍රාමිකයන්ටත් සහන රැසක්

ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (24) මහනුවර දිගන නගරයේ පැවති මහජන රැලියේ දී ය.


වැඩිහිටි ප්‍රජාවට දෙන තුන්දහස පන්දහසක් කරනවා

‘‘අපි බලයට පත්වූනාට පස්සෙ රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට විසි හතරකින් වැඩි කරනවා. ඒ වගේ ම රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කරනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට මීට පෙර ලබා දුන් සියයට පහළවේ ඉතිරි කිරීමේ පොලි අනුපාතය නැවත ලබා දෙනවා. සියයට පහළවක එම පොලිය සහිතව ලක්ෂ ගණන් විශ්‍රාමිකයන්ගේ අයිතිය අද කප්පාදු කරලා. රජය විශ්‍රාමිකයන් රැවටුවට මම ඔවුන් රවටන්නේ නැහැ. දෙදහස් දහසයට පෙර විශ්‍රාම ගිය සියලු දෙනට අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. දෙදහස් දහසය දෙදහස් දහනමය කාලෙ විශ්‍රාමික ජනතාවට ගෝඨාභය රාජපක්ෂ අහිමි කළ ඒ වරම නැවත ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තබා ගැනීමට එක්දහස් නමසිය අනූ නමය අංක හතලිහ දරන පනත සංශෝධනය කරලා නව පනතක් ගෙන එනවා. වැඩිහිටි ප්‍රජාවට දෙන තුන්දහසක දිමනාව පන්දහසක් කරනවා.

 

 

විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් සජිත්ගේ වැඩපිලිවෙල

* 15% පොලිය නැවතත් වැඩිහිටි ප්‍රජාවට 
* 2016ට පෙර විශ්‍රාම ගිය සියලුම දෙනාට අග්‍රහාර රක්ෂණයක් 
* 2016 සිට 2019 දක්වා විශ්‍රාම ගිය අයගේ අග්‍රහාර රක්ෂණය නැවතත් 
* විශ්‍රාමික ප්‍රතිලාභ සුරකින නව පනතක් සහ නව නීතියක් 
* වැඩිහිටි දීමනාව රු. 5,000 දක්වා ඉහලට
* රණවිරුවන්ට One Rank One Pay 
* අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්‍රාම වැටුප් විෂමතාවලට විසඳුම්.

 

බංකොලොත්භාවය නැති කරන්නෙ මෙහෙමයි

එසේම රණවිරුවන් වෙනුවෙන් වන් රැන්ක් වන් පේ (One rank one pay) වැඩපිළිවෙළ දියත් කරනවා. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති විශ්‍රාම වැටුප් විෂමතා පවා විසද්න කටයුතු කරනවා. මේවා බොරු පොරොන්දු නෙවෙයි; යෝජනා හා සැලසුම්. ප්‍රේමදාසලා කවදත් කරනවා කිව්ව දේ නොකර ඉඳලා නැහැ. රණසිංහ ප්‍රේමදාස වන පියාගේ නාමයෙන් මමත් කියන දේ කරනවා. මේවා කරන්න මුදල් තියෙනවා. ඒ සඳහා කරන්න ඕනෙ අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරින එක; ජනාධිපතිගේ වියදම කපා හරින එක. මම රටට බරක් වෙන ජනාධිපති කෙනෙක් වෙන්නෙ නෑ. ඒ මුදලින් ජනතාවට සහන දෙනවා. ඊට අමතරව දූෂණය වළක්වනවා. කැබිනට් ඇමතිකම් යනු රෝස මල් යහනා නෙවෙයි; කටු අත්තක්. බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නට නම් කැපකිරීම් කළ යුතු යි; කඩිසර විය යුතු යි.

මගේ ළග ඉන්නෙ උගත්තු සහ බුද්ධිමත්තු

රජයේ සෑම ගනුදෙනුවක්ම ඩිජිටල්කරණය කර ජනතාව දැනුවත් කරනවා. රට විනාශ කළ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් රටෙන් හොරා කෑ මුදල් නැවත රටට ලබා ගන්නවා. මම ඇතුළු පිරිසට හොරු සමග ඩීල් නැහැ. රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන ඒ ණය නොගෙවන ධනවතුන් ඉන්නවා. අපේ ආණ්ඩුවක් යටතේ නම් ඒ අයට නිවැරදිව බදු ගෙවන්න, වගකීම් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ජනතාව කැපකිරීම් කරද්දි ජන සමාජයේ සුපිරි පොහොසතුන් ද කැපකිරීම් කළ යුතු යි. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනවා. වර්තමානයේ දුප්පත්කම වැඩි වී ජන ජීවිත තෙරපිලා. බදු පිට බදු ගසා ජන ජීවිත අසීමිත ලෙස පීඩාවට පත්වෙලා. රජයේ ජනතා මංමුළාවට රැවටෙන්න එපා. මම අයි එම් එෆ් එකත් එකට එකට වැඩ කරලා මේ අසීමිත බර ඉවත් කරනවා. දුප්පත්කම තුරන් කරන්න ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ වරමින්  පාර්ලිමේන්තුවට ආ සමහර අය ඒ මන්ත්‍රීධුර මුදලට වරප්‍රසාද වරදානවලට වෙන්දේසි කරල තියෙනවා. මගේ ළඟ සිටින මන්ත්‍රීවරුන් මුදලට ආත්මය පාවා දෙන්නෙ නැහැ. උගතුන් හා බුද්මතුන් සිටින්නේ මාත් එක්ක යි.’’

 

(ජයසිරි අලවත්තගේ සටහනකිනි)