SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා වරකාපොල දම්සෙත මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට සහ චෛත්‍යයට මුල්ගල තැබීම සිදු වූ අතර

එම අවස්ථාවට යුනයිටඩ් යූත් සන්විධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර ඇතුළු එම සංවිධානයේ පිරිසක් සහභාගී වී ඇත.

 

එහි උත්සව සභාව ඇමතූ යුනයිටඩ් යූත් සභාපති සුදත් චන්ද්‍රසේකර,

 WhatsApp Image 2024 08 23 at 15.17.55

 

"බෞද්ධයන් වශයෙන් අද අපට ඉතාම සුවිශේෂි වූ වැදගත් දවසක්. වරකාපොල නගරයට ආසන්නයේ තියෙන මේ සුන්දර ගම්මානයේ දම්සෙන් අසපුවේ අධිපති නැතිනම් හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතා විසින් සිදු කරණු ලබන මෙම විශාල ආගමික හා සමාජ සේවයට දායකවීමට ලැබීම අප සැමගේ භාග්‍යයක් කොට මා සලකනවා. මම නම්  හිතන්නේ  නැහැ වර්තමානයේ කිසිදු අයෙක් තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්, තමාගේ පුද්ගලික ඉඩමක පන්සලක්, පල්ලියක් හදයි කියලා. එය අපගේ ජීවිතයේ කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක් ලෙසයි මම සලකන්නේ. අද අපි සියලු දෙනාම පින්වන්ත වෙලා තියෙනවා ඒ උදාර අවස්ථාවට සහභාගි වන්නට.

 

ධම්මික පෙරේරා මහතා තමන්ගේ පුද්ගලික ඉඩමේ බෝගසක් රෝපණය කරලා, බෝධි මඵවක් ඉතාම ලස්සනට සකස් කරලා තියෙනවා. දැන් අපි චෙෙත්‍ය සහ විහාර මන්දිරයට මුල්ගල තැබුවා. මේ පිංකම වෙනුවෙන් යුනයිටඩ් යූත් සංවිධානයටත් දායකවීමට අවස්ථාවක ලැබීම ඉතා අගය කොට සලකනවා. විශේෂයෙන්ම සිලිම් ඖෂධ සමාගමේ අධිපති සුමිත් ප්‍රේමරත්න මහතාගේ ධන පරිත්‍යාගය අද අපිට විශාල රුකුලක් ශක්තියක් වුණා.

 

WhatsApp Image 2024 08 23 at 15.17.54

 

අද සමාජය දිහා බලනකොට යම්කිසි කණ්ඩායමක් විසින් සමාජ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම වපුරන තත්වයක් උදාවෙලා තියෙන්නේ. එසේම විශේෂයෙන්ම සිංහල බෞද්ධ පිරිස් පන්සලෙන් ඈත් වෙමින් ඉන්න කාලයක්. ඒක ඉතාම ශෝචනීය තත්වයක්.  මේ අවස්ථාවේදී අද මේ සිදු කරන්නේ එවන් පසුබිමක් තුළ තව තවත් සමාජය පිරීමට ලක් නොවී රැකගැනීමට දරන උත්සාහයක් කියලා මම විශ්වාස කරනවා.  අපි කවුරුත් ශ්‍රී ලාංකිකයො විදියට ජීවත් විය යුතුයි. සෑම ආගමකටම, පුද්ගලයෙකුටම ගරු කළ යුතුයි. නමුත් ඒ සෑම ආගමකම උගන්වන මෛත්‍රියට එරෙහිව සමාජ වෛරය, ක්‍රෝධය පතුරවන පිරිස්  අපි දැඩි ලෙස පිළිකුලෙන් හෙලා දකිනවා වගේම ඔවුන්ව යහපත් මාර්ගයට ගැනීමට මෙවැනි කටයුතු ඉවහල්  වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

 

වසර දෙක තුනකට පෙර මෙවැනි කටයුත්තක් කිරීමට නොව එදා දවස ගත කරන්නේ කොහොමද කියන යුගයකයි ජීවත් වුනේ. ඉදිකිරීම් කටයුතු ඇතුඵ සමස්ත ආර්ථිකයම කඩා වැටිලයි තිබුනේ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවැරදි දැක්ම නිසයි අද අප සැමට මෙවැනි කටයුතු වලට සහභාගි වෙන්න අවස්ථාව උදාවුනේ. අද මෙතන සිටින ඔබ අවුරුදු දෙකකට කලින් මේ වගේ වෙලාවක ගෑස් පෝලිමක, පැට්‍රෝල් පෝලිමක ඉන්න ඇති. ඒ යුගය ඔබට අමතක වෙයි කියලා මම නම් සිතන්නේ නැහැ. ඉදිරියටත් මෙවැනි කටයුතු වලට දායකවීමට හැකි යුගයක්ම උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරමි.

 

WhatsApp Image 2024 08 23 at 15.17.51

මෙම අවස්ථාවට යුනයිටඩ් යූත් කාන්තා අංශයේ ප්‍රධානි රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි, එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනලඩ් පෙරේරා සහ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ජීවන්ත කුලතුංග සහ ස්ලිම් ඖෂධ සමාගමේ අධිපති සුමිත් ප්‍රේමරත්න යන අය සහභාගි වූහ.

 

WhatsApp Image 2024 08 23 at 15.17.531WhatsApp Image 2024 08 23 at 15.17.541WhatsApp Image 2024 08 23 at 15.17.551WhatsApp Image 2024 08 23 at 15.17.552