SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට සුළුතර ආණ්ඩුවක් උදව් නොකරන බව පවසමින්,

විප්ලවීය වෙනසක් කිරීමට ශක්තිමත් ජනවරමක් අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

 

පිළියන්දල ප්‍රදේශයේ ඊයේ (22) පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනතාව දීර්ඝ කාලයක සිට වෙනසක් අපේක්ෂා කරන බවත් වෙනසකට සුදුසු කාලය සැප්තැම්බර් 21 වැනිදා උදාවන බවත්ය.

 

"පසුගිය කාලය පුරාවට රටේ වෙනසක් සඳහා පුළුල් කතිකාවක් ඇති වුණා. වෙනසක් ගැන කතා කරලා වැඩක් නැහැ, ඒ ගැන සිහින දකිමින් ඉඳල වැඩක් නැහැ. ලංකාවේ ප්‍රථම වතාවට වෙනසකට අවස්ථාව ඇවිත් තියෙනවා," ඔහු පැවසීය.

 

ජාජබ නායක අනුර දිසානායක කියා සිටියේ ආණ්ඩුවක ශක්තිය තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මත නොව ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය මත බවයි.

 

“අපි ඔබට සහතික වෙනවා මේ රට සංවර්ධනය කරනවා කියලා. බණ්ඩාරනායක, ජේ.ආර්, චන්ද්‍රිකා, මහින්ද වගේ විවිධ නායකයන් ජනතාව ගෙනාවේ වෙනසක් කරයි කියලා. ඒත් කවදාවත් එහෙම කළේ නැහැ. ජනතාවගේ අපේක්ෂාවන් වසර 76ක් පුරා  බිඳ වැටුණා. ප්‍රථම වතාවට මහජනතාවගේ‍‍ හා අපගේ  අභිලාෂයන් සමාන වෙලා තියෙනවා වංචාව දූෂණය නැවැත්වීමටයි අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර නැවැත්වීමටත්., අපටත් එය කිරීමට අවශ්‍යයි, ”

ඔහු පැවසීය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි