SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෑම ජනාධිපතිවරණ සටනකදී ම ප්‍රධානම සටන් පාඨයක්ව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පාඨය මෙවරත් කරලියට පැමිණ ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙවර එකී  යෝජනාව ගෙන එන්නේ ආණ්ඩු බලය හිමිව ඇති පාර්ශ්වය නොව ජනපති සටනේ ප්‍රභලව ඉදිරියෙන්ම සිටින විපක්ෂයේ පක්ෂ දෙක වීමය.

 

අපි විධායක ජනාධීපති ධූරය අහෝසි කරනවා! - ජාතික ජන බලවේගය

 

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති  ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බලතල පැවැරෙන, සියලු‍ම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අලු‍ත් ව්‍යවස්ථාවක් ගැන දැඩිව අවධාරණය කර ඇත.

 

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26දා උදේ 10.00ට තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී උත්සවාකාරයෙන් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

 

යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණය නතර කිරීම සහ ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර, ප්‍රධාන ක්ෂේත්‍ර 40ක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගතව තිබෙන බවත් පැවසේ.


රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සකස් කිරීම පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්  අවධානය යොමු කරමින්, කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ධීවර, වැවිලි සහ ආයෝජන යනාදී ක්ෂේත්‍රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න අවධාරණය කර ඇත.

 

Vidhayaka 2

මම විධායක ජනපති ධුරය අහෝසි කරනවා! - සජිත්

 

මේ අතර තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අවධාරණය කර ඇත.

 

ඒ, ඊයේ (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය.

 

"අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා ඒ යුගය අපි බිහිකරනවා.  බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමය. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා. හැබැයි අපි එක දෙයක් කියනවා විරැකියාවෙන් පෙළෙන මේ ප්‍රදේශවල සමස්ත තාරුණ්‍යයට කුඩා තේ වතුහිමියන් හැටියට රටේ තේ නිෂ්පාදනයට දායකත්වය ලබාදෙන්නට අපි ක්‍රමවේදය හදනවා. රජපක්ෂලාට කත්ඇදලා රට බංකොලොත් කළ කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා. රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මට කියනවා පැනලා ගියාලු. මම පැනලා ගියේ නැහැ. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දැම්මේ නැහැ.  කී දෙනෙක් කිව්වද ජනාධිපති ක්‍රමය ගැන. කවුරුත් වෙනස් කළේ නෑ. මට මේ තනතුරු ආසාව නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා."