SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර කුමාර විසින් නාමල් වෙත අතට අත දී ඉතා සුහද ලීලාවෙන්

කතා බස් කරනා වීඩියෝවක්  සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් තිබේ.

 

 

 

වාමාංශික දේශපාලනය බලවත්ව පැවති සමයේ ජ.වි.පෙ. නායකයා වූ රෝහණ විජේවීර කිසිවිටකත් මෙවැනි ලිබරල් ආචාරධර්ම නඩත්තු නොකළේය.

 

නමුත්, මේ වන විට නිර්ධන පන්ති සාමුහිකත්වය යන අර්ථය විස්තාපනය වී පුද්ගල වටිනාකම් යන්න වාමාංශය තුල ආදේශ වී අවසන්ය. එනම්, පුද්ගලයා යනු සාමාන්‍යයෙන් ස්වතන්ත්‍ර, තාර්කික සහ ආවේනික අයිතීන් සහිත බව පිළිගනිමින් ඒවාට එකිනෙකා ගරු කල යුතු, ඉවසිය යුතු බව භාරගනීමකි.

 

මේ තත්වය අපට විශ්ලේෂණය කරගත හැක්කේ ලකානියානු මනෝ විශ්ලේෂනය තුලින් පමණි.

 

ලිබරල් ආත්මය යන්න සංකල්ප ගත වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වතන්ත්‍ර, තාර්කික සහ ආවේනික අයිතීන් එය සතු බවට ඇති පිළිගැනීම තුලිනි. නමුත් ලකානියානු අර්ථයෙන් ගතහොත් ආත්මය ගොඩනැගෙනු ලබන්නේ සංකේත රටාව තුළ තුලිනි. එම අර්ථයෙන් "ලිබරල් ආත්මය" යනු විශේෂිත ඓතිහාසික (ආත්මයට අදාලව) හා සංස්කෘතික සැකැස්මක නිෂ්පාදනයකි. එනම්, එය "ලිබරල් ආත්මයේ ස්වභාවිකත්වය" යන්න ප්‍රතික්ෂේප කිරීමකි. තවදුරටත් පවසන්නේ නම්, එම අර්ථයෙන්, භාෂාව සහ සමාජ සංස්කෘතික ව්‍යුහයන්ට පූර්ව වන පරිකල්පනීය හරයක් සමඟ ආත්මය මූලික වශයෙන් බෙදී ඇත යන ස්ථාවරය ඒකාබද්ධ, තාර්කික, ස්වීයත්වය පිළිබඳ ලිබරල් සංකල්පයට එරෙහිව පිහිටයි.

 

ආත්මය යන්න භාෂාව සහ සමාජ සංස්කෘතික ව්‍යුහයන් මගින් සංස්ථාපිතව ඇති නමුත් බුර්සුවා සමාජය තුල ආත්මීයත්වයන්ගේ ආශාවන් ඒවාට අදාළ විවිධත්වය තුල බොහෝ විට පරස්පර වන අතර තාර්කික ගණනය කිරීම් වලට ඌනනය කළ නොහැක. එනම් ආශාව යන්න ස්වභාවික බවත්, ඒවාට සීමාවන් පැනවිය නොහැකිය යන ස්ථාවරයන් එමගින් අභියෝගයට ලක් වේ. එසේම මෙය තර්ක බුද්ධිය සහ තීරණය පිළිබඳ ලිබරල් අවධාරණයට අභියෝග කරයි. නමුත් සීමාවන් පැනවීම හෝ නොපැනවීම යන ප්‍රතිපක්ෂමය කාරනා ලකානියානු ස්ථාවරයට අදාළ නොවේ (එම සීමාවන් නැවතත් අදාලව පවතින්නේ බුර්ෂුවා සදාචාරය තුල එහි අචාරධර්ම සීමාවන්ට අදලවමය; එනම්, ප්‍රජාතන්ත්‍රවාදයට අදාලවයි.). ඒ ආශාව යනු සැමවිටම "අනෙකාගේ ආශාව" වන බැවිනි.

 

සම්පූර්ණ වශයෙන් සංකේතනය කළ නොහැකි, ඌණනය කල නොහැකි අතිරික්තය වන යථ යන ලකානියානු සංකල්පය විසින් සම්පූර්ණයෙන්ම දැනගත හැකි සහ පාලනය කළ හැකි ලෝකයක් පිළිබඳ ලිබරල් විශ්වාසයට අභියෝග කරයි.

 

ලිබරල් ආචාර ධර්ම, සැමවිටම "යහපත් චේතනාවෙන්" (දේශපාලන වේධිකාවේදී පට්ට පතුරු ගසන, මරණීය දණ්ඩනය දීමට පරසක්වල ගසන, තම විරුද්ධවාදියා වුව ද වැළඳ ගැනීම වැනි...) යුක්ත වුව ද, මානව මනෝභාවයේ සංකීර්ණතා ගණන් ගැනීමට අසමත් වෙයි. එය අවිඥානය, ආශාවේ බලය සහ භාෂාවේ සීමාවන් නොසලකා හරියි.

 

ලිබරල් දේශපාලඥයින් විසින් එකිනෙකා වැළඳ ගනිමින් සහ තම ප්‍රතිවාදීන් සමග සුහදතාවය පවත්වා ගැනීමේ ක්‍රියාව යනු සංකේතීය සම්මතයන්-සමාජ ප්‍රතිමාන, පරිකල්පනීය අනන්‍යතාවයන් සහ "මහා අනෙකාගේ" ඉල්ලීම් වල සංකීර්ණ අන්තර් ක්‍රියාවක් ලෙස දැකිය හැකිය. මෙම හැසිරීම බුර්ෂුවා දේශපාලන පද්ධතියේ ස්ථාවරත්වය සහ නීත්‍යානුකූලභාවය පවත්වා ගැනීමට උපකාරී වේ. එය නරුමත්වයේ මාත්‍රාවක් හෝ ගැඹුරු, ගැටුම්කාරී ආශාවන් යටපත් කිරීම හා බැඳී පවතී. එනම්, අනුර කුමාර යනු තම පුද්ගල අභිමතාර්ථයක් මුදුන් පමුණුවාගන්නා (ආශාව) තවත් ලිබරල් අත්මීයත්වයක් ලෙස ස්ථාන ගත වන අතර එවැනිම අනෙකුත් පුද්ගල ස්වීයත්වයන්ට එක ලෙස ගරු කල යුතු බවට වන ලිබරල් සදාචාරය ඔහු විසින් පිළිගනිමින් සිටී. අතට අත දී වැළඳගනිමින් ආචාරධාර්මික සීමාව ඔහු විසින් සලකුණු කරනුයේ එබැවිනි. ලිබරල් දේශපාලන ක්‍ෂේත්‍රයේ ඇති වන ආවේනික ආතතීන් සහ ප්‍රතිවිරෝධතා කළමනාකරණය කර ගනිමින් සංකේත රටාවෙහි අපේක්ෂාවන්ට අනුකූල වීමේ අවශ්‍යතාවය එයින් පිළිබිඹු වේ. දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ මෙවැනි වතාවත් නඩත්තු කිරීම තුලය. එනම් යථාර්තය පිළිගැනීමයි.

 

විජේවීර සිටි ජවිපෙට එරෙහි බොහෝ දෙනෙකු වර්තමාන ජවිපෙට කැමති වන යාන්ත්‍රනය ඇත්තේ එතනය. විජේවීර සිටි ජවිපෙට එරෙහි වර්තමාන ජවිපෙට කැමති ඒ සඳහා වන හොඳම උදාහරණය වන්නේ මහා ප්‍රජාතන්ත්‍රවාදියා වන නිර්මාල් දේවසිරි ය.

 

(ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපගේ ලිපි පෙළ සඳහා spartacus.lk වෙබ් අඩවියට පිවිසෙන්න).

 

 

පසු සටහන:

සිදුවිය යුත්තේ මෙවර ජාතික ජනබලවේගය ඉහලින්ම ජයග්‍රහණය කිරීමයි. මේ විවේචන කිසිවක් තුලින් එසේ ජයග්‍රහයනය කල යුතුව තිබීම ප්‍රතික්ෂේප නොවේ.

 

@ස්පාර්ටකස් ලිපි