SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට මේ ජනාධිපතිවරණයේ සිදු වූ වඩාත් සිත් ගන්නා සුළු දේ තමයි දීප්ති කුමාර ගුණරත්නගේ

“සමබිම පක්ෂයෙන්” නාමල් රාජපක්ෂ නමින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම.

 

නාමල්ගේ ජයග්‍රහණය පිළිබඳව ලැබුණු පළමු බාහිර දේශපාලන ඉඟිය තමයි ඒ.

 

දීප්ති කියන්නේ සෝ ඕවරේටඩ් x කණ්ඩායමේ හිටපු ලොක්කා. නිර්මාල්ගේ ආර්ච්රයිවල්. නමුත් නිර්මාල් වගේ නොවෙයි, දීප්ති සැබැවින්ම බුද්ධිමතෙක්. යූටියුබ්කාරයෙක් වුණාට ඔහු පතපොත විකිපීඩියා කියවන සංස්කෘතික මිනිහෙක්. දර්ශනවාදය ගැන දන්න ඒ ගැන කතා කරන ප්‍රාමාණිකයෙක්. ලංකාවේ දේශපාලනයේ අමුතුම අනන්‍යතාවයක් තිබෙන පොරක්. ඔහු ජීවිත කාලයක් තිස්සේ කැපවුණු දේශපාලන අයිඩියෝලොජියක් නියෝජනය කරන්න හදපු ඔහුගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නමින් ප්‍රොක්සියක් දැමීම දෛවයේ සරදමක්.

 

එක පැත්තකින් මේක රනිල් වික්‍රමසිංහගේ කැම්පේන් එකට කරන සාහසික කෝචෝක් එකක්. රනිල්ගේ කැම්පේන් එකේ ඉන්න මිනිහෙක් මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩක් කිරීමට කැමති කරවා ගැනීම විසින් දීප්ති ජීවිත කාලයක් තිස්සේ මේන්ටේන් කරන්න හදපු නූතනවාදී වෙස්මුහුණ ගැලවිලා ඔහු තුළ ඉන්න ලාංකික ගොඩයා එළියට එනවා. තමන්ගේ පක්ෂය මේ වගේ චාටර් වැඩකට විකුණන්න කොච්චර මුදලක් දුන්නත් ඒ මදි. මොකද සමබිම පක්ෂය ගැන බලාපොරොත්තු තබාගෙන හිටිය දීප්තිගේ අනුගාමිකයන්ට කරපු මේ මදිපුංචිකම කීයක් දීලාවත් කරගන්න බැරි ආතල් එකක්.

 

අනෙක් පැත්තෙන් මේක දීප්තිගේ අවිඥානක ෆැන්ටසිය පිළිබිඹු කරන්නක්. මහින්ද රාජපක්ෂගේ පුතා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඒමත් සමග ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වුණා. මහින්දගේ පුතාට හැමෝගෙම හිතේ ලෙන්ගතුකමක් තිබෙනවා. හැමෝම ආසයි මහින්දගේ පුතා වගේ වෙන්න. දීප්ති කුමාර ගුණරත්නත් ආසයි කියන්නේ ඉතින් තව මොන කතාද… නැද්ද නිර්මාල්? ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2024 ජූලි 13

නවතම ලිපි