SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුපිරි නළු ෂාරුක් ඛාන් පසුගිය දා, ලොකර්නෝ චිත්‍රපට උළෙලේදී කීර්තිමත් Pardo alla Carriera සම්මානය ලැබූ පළමු ඉන්දියානුවා බවට පත් විය.

එසේ වුවත්, රතු පලස මත දී සිදුවූ සිද්ධියක් නිසා එය සමාජ මාධ්‍ය කුණාටුවක් අවුළුවන්නක් බවට පත්ව ඇත.

 

ඒ, X හි පළවූ  වීඩියෝ පටයක් තුළ වූයේ ෂාරුක් තනි ඡායාරූපයකට පෙනී සිටීමක් වෙනුවෙන්  පුද්ගලයෙකු “තල්ලු කරන” ආකාරයකි.

 

 

 

එමගින්  නළුවාගේ හැසිරීම හෙළා දැක තිබූ අතර, එය "උඩඟු" සහ "අශික්ෂිත" ලෙස ලේබල් කර තිබුණි. එක්  ට්වීට් පෝස්ටුවකින්  කියැවුනේ, “ඔහු අර වයසක මිනිහා තල්ලු කළා!!! ලැජ්ජයි ෂාරුක් ඛාන්,” යනුවෙනි.

 

තවත් සමහරු ඔහුගේ අහංකාරකම සහ රළු බව ගැන චෝදනා කර තිබුණි. නමුත්  සමහර රසික රසිකාවියන් පවසා ඇත්තේ කිං ඛාන් විනෝදජනක මනෝභාවයකින් සිටි බවත් ඔහු අදාළ පුද්ගලයා බරපතල ලෙස තල්ලු නොකළ බවත්ය. 

 

මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා හැරීමෙන් පසු, රසිකයන් නළුවාගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව තිබූණේ, තල්ලු කිරීමට ලත් පුද්ගලයා දිගුකාලීන මිතුරෙකු බවත් එය විහිලුවට කරන ලද්දක් බවත් ය.

 

“ශාරුක්  විනෝදයෙන් ජීවත්වන්නෙක්”.  

“ඔව්. ඒ පුද්ගලයා ඔහුගේ පැරණි මිතුරෙක්."

 

කෙසේ වුවද සමාජ මාධ්‍ය තුළ මෙම  සංවාදය දිගටම පැතිරෙමින් ඇත.

 

@ The Indian Express

නවතම ලිපි