SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස් පරිභෝජනවාදී අරගලය  උත්කර්ෂයට පත්කිරීමට නිරන්තරයෙන් පෙළැඹුනු  

ලංකාවේ නීරස උගතුන් හට කියවිය යුතුම කෙටි සටහනක් හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය තබා ඇත.

 

බංග්ලාදේශයේ ෂෙයික් හසීනා එරට ජන අරගලයට අදාළ ජාත්‍යන්තර  හේතුව පසුගියදා ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට හෙළි කර තිබුණා ය.

ඒ බෙංගාලි බොක්කෝ බංග්ලාදේශය සතු ශාන්ත මාටින් දූපත සතු කරගැනීමට  පිළිබඳව අමෙරිකාව සතු උවමනාව ය.

ඒ අනුව ලංකාව පිහිටා ඇත්තේ කලාපයේ සුවිශේෂී පිහිටීමක ය.

ගෝල්ෆේස් අරගලකරුවන්ගෙන් බහුතරයක් මේ වනවිට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව ඇත.

එවැනි වටපිටාවක මහින්ද දේශප්‍රිය හිටපු මැකෝගේ සටහනට එක්වෙමු.

 

GF 2

 

"කැමති නම් කියවන්න. අගති රහිතය. කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයකු හෝ ප්‍රවර්ධනය කිරීමේ නැතහොත් අගතියට පත්කිරීමේ අපේක්ෂාවෙන් ලියන සටහනක් නොවේ .

සියළු පාර්ශවලින් බැණුම් ලැබීමට නියමිත සටහනකි.

2022 මැයිවල ජනවරම අහිමිවූ පාර්ලිමේන්තුව එසැණින් විසුරුවා හැරීම කළ නොහැකි වූ තත්වයක් තිබුණේ නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වසරක් ඇතුළත ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය තැබිය යුතු බවට ගෝල්ෆේස් අරගලකරුවන් හා බලයේ සිටි දේශපාලකයන් අතර එකඟතාවක් ඇති කරගත හැකිව තිබුණි . ඇති කරගත යුතුව තිබුණි.

එසේ කළ නොහැකි වූයේ අරගලකරුවන් තුළවූ කල්ලිවාදය හා බලයේ සිටි දේශපාලකයන් තුළ අප හැර කිසිවෙකුට බලය නොයායුතුය යන චේතනාව බලාත්මකවීම හෙවත් අපේ සහෝදර ගාමිණී ඒකනායක  නිවැරදිවම එකල ලියා තිබූ යහපත් රටක් සඳහා වෙනසක් යන්න සාක්ෂාත් කර ගැනීමට අනිවාර්ය අවශ්‍යතාවවූ "" ගෝල්ෆේස් අරගලයට මොළය හා අපේ පාර්ලිමේන්තුවට හදවත "" නොමැතිවූ බැවිනි".

 

සැ.යු.

ගරු මන්ත්‍රී නෝනාලා හා මහතුන්ලා පිල් මාරු කර ඇති අන්දමට 2020 ජනවරමින් යම් ප්‍රමාණයක් හෝ ඉතුරුව තිබුණා නම් දැන් එය කුඩු පට්ටම්ය.චක බ්ලාස්ය .

එනිසා නොපමාව පර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගරු ජනාධිපතිවරයා පියවර ගනු ඇතැයි සිතමි.

 

@මහින්ද දේශප්‍රිය ෆේස්බුක් පිටුවෙනි.

නවතම ලිපි